April 26, 2012

වේලාවට කාර්යාලය හැර යන්න

වේලාවට කාර්යාලය හැර යන්න
නැත්නම් කාර්යාලය ඔබව හැර යනු ඇත.


ඔබ නියමිත වේලාවට කාර්යාලය හැර යාමට පුරුදු විය යුතුය. මෙසේ නොවන අවස්ථාවන්හිදී ඔබේ කාර්යක්ෂමතාවය අඩු වේ. ඔබට සවස 5ට ඔබේ කටයුතු නිම කිරීමට යුතුව ඇතැයි සිතන්න. ඔබේ දුම්රිය තවත් මිනිත්තු කිහිපයකින් වේදිකාවෙන් පිටත් වනු ඇත. එම දුම්රිය අතපසුවුවහොත් තවත් පැය ගණනකින් ඔබේ ගමන ප්‍රමාද වනු ඇත. මේ සියල්ල ඔබේ යටි සිතේ ක්‍රියාත්මක වෙයි. එම නිසා ඔබට නියමිත කටයුතු වහා නිම කළ යුතු වෙයි. මේ නිසා ස්වංක්‍රීයව ඔබේ ක්‍රියාශීලීබව වැඩි වේ. අවසන් මොහොත වන තුරු සිටීමට තරම් සිත් නොදේ. ඔබේ නියමිත වෙලාවට පිටත්වීමට පුරුදු වී සිටිනා විට ඔබට අදාල කටයුතු හැකි ඉක්මනින් කරන්නට ඔබ උත්සාහ ගන්නේය. ඔබට නියමිත වේලාවක් නොමැතිහිදී හවස තව පැක ඉඳලා කරනවායැයි හැඟීම ඔබේම ඔබේ මනසට ඇතුළ් වනු ඇත. ඊට පසුව ඔබේ කඩිසරබව ඉබේම ඔබ වෙතින් පලා යනු ඇත. ඔබේ කාර්යක්ෂමතාවය ඉබේම අඩුවනු ඇත. සැබැවින්ම සවස රැඳිය යුතු වේලාවකදී පවා නියමිත කාර්යක්ෂමතාවය නොලැබෙනු ඇත. එම නිසා ඔබ දුර්වලයෙක් ලෙසින් වෙනත් අයෙක් දකින්නට ඉඩ නැතුවාවම නොවේ

රජකාරී එසේත් නැත්නම් අදාළ වැඩ කිසිදාක අවසන් නොවේ. අදට වැඩ අවසන් වූවද හෙට සඳහා නව වැඩ ලැබෙනු ඇත. සියළුම වැඩ අද අවසන් කිරීමට තැත් කිරීම මෝඩ ක්‍රියාවකි. එම නිසා වැඩ අවසන සියළු වැඩ අවසන් කිරීමට උත්සාහ නොගන්න. සියළු වැඩ අවසන් නොවන්නේය. ඔබ හෙට අවසන් කල යුතු අද වැඩ ඔබ විසින් ඔබම හෙට කරාවි. ඔබට යම් හෙයකින් කිසිවක් කර ගන්නට බැරි තරම් අසනීප වුවහොත් හෝ රැකියාවෙන් ඉවත් වුවහොත් ඔබේ තනතුරට පත්වුනු තැනැත්තා ඔබ නැත්වූ තැන් සිට ඉතිරියට කටයුතු කරනා බව සිහියට ගන්න. එමනිසා සියළුම වැඩ අද නිම කරන්නට උත්සුක නොවන්න.

ජීවිතය යනු උදේ පාන්දරින් කාර්යාලයට පැමිණීම, රාත්‍රියට නිවසට ගොස් නිදා ගැනීම නොවේ. බොහෝදෙනා අද සිදු කරන්නේද මෙයයි. කුකුළා හැඬලීමට මත්තෙන් නිවසෙන් කාර්යාලය බලා පිටත් වෙයි. තමන්ගේ ආදරණීය පුතා දුව තවමත් සුව නින්දේය. ඔවුන් දෙස බැලීමටවත් අවකාශ නැත. මොහොතක් හෝ ප්‍රමාද වුවහොත් පාන්දර බසය තමා හැර යනු ඇත. එවිට ලොක්කාගෙන් බැනුම් අහන්නට වන්නේ අද ප්‍රමාද නිසා නොව ඊයේ වැඩ තවමත් අවසන් නොමැති නිසාය. එමනිසා පාන්දරින්ම නිවසින් යා යුතුව ඇත. සවස 4ට හෝ 5ට කාර්යාලයේ කටයුතු අවසාන වුවද නිවස බලා ගමන් යැමට උත්සුක නොවන්නෝ අද සමාජයේ බොහෝය. සමහරුන්ට අද අවසන් කිරීමට නියමිත කටයුතු තවමත් අවසන් නොමැත. එම නිසා ගෙදර යා නොහැකිය. තවත් සමහරුන් හෙට තිබෙන වැඩද අද කරන්නට උත්සහ ගන්නේය. එම වැඩක හෙට කල යුත්තක් වන බව මනාව පැහැදිළිව තිබියදී ඔහේ වැඩ කරන්නේය. හෙට උදේ සිට එම වැඩය අරඹන්නේ නම් පැය 2කින් එය අවසන් වනු ඇත. නමුත් හවස ඇති මහන්සිය හා තෙහෙට්ටුව නිසා ඔහුට අද පැය 2කින් නිම කර හත නොහැකි වේ.

ඔබේ පවුල තරම් ඔබේ සේවාදායකයා කිසිදා වටින්නේ නැත. ඔබේ ජීවිතයේදී ඔබ අසාර්ථකවූවොත් ඔබේ සේවාදායකයා හෝ ඔබේ ප්‍රධානියා ඔබට උදව් කරන්නේ නැත. නමුත් ඔබේ පවුලේ අය ඒ සඳහා ඉදිරිපත් වනු නොඅනුමානය. ඔබේ පවුලේ සහ කාර්යාලයේ වටිනාකම් සසඳා බලන්න. ඔබට අසනීප වූ විට කාර්යාලයෙන් නිවාඩු හැරෙන්නට කිසිවක් ලැබෙන්නේ නැත. එයද සමහරවිට නොලැබී යන්නටද ඉඩකඩ නැතුවාම නොවේ. නමුත් ඔබ අසනීප වූ විට පවුලේ අය ඔබ වෙනුවෙන් ඔවුන්ගේඅන් කටයුතු පසෙක දමා කටයුතු කරන්නේය. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ වැඩ අතපසු කරගන්නේය. ඔබ වෙනුවෙන් කැපවී සිටින්නේය. එනම් ඔවුන්ට ඔබව අගනා වස්තුවක් බැවිනි. ඔබ වටිනා වස්තුවක් බැවිනි. නමුත් කාර්යාල ප්‍රධානියාට ඔබව එසේ වටින්නේ නැත්තේය. තවමත් රස්සාවට ආවේ නෑ කියමින් සිතමින් ඔබගෙන් වැඩ ගැනීමට පමණක්ම සිතන්නේය. ඔබට වටිනාකමක් දෙන අය වෙනුවෙන් ඔබත් වටිනාකමක් දෙන්න.

ඔබ සවස නිවසට එන තුරා දොරකඩට වී මග බලනා අය සිටිනා බව සිතන්න. ඔබේ මිනිත්තුවක හෝ ප්‍රමාදය ඔවුන්ට මහමෙරක් සේ දැනෙනු ඇත. ඔවුන් වෙනුවෙන්ද ඔබත් යමක් කරන්න. ඔබටත් යමක් කර ගන්න. ඔබේ විනෝදය සැපය සතුට වෙනුවෙන්ද යමක් කර ගන්න. පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග හෝ විනෝද වන්න. විනෝදය පිනිස රැකියාස්ථානය යොදා නොගන්න. එම නිසා වේලාවට කාර්යාලය හැර යන්න. නැත්නම් කාර්යාලය ඔබව හැර යන බව සිහියට ගන්න.

29 comments:

  1. veryma very gud article. apita weraduneth othanamai :D One thing to add. When you are new to a company or if you are single you tend to stay a bit late after ofc. but after you get family commitments things change. but smtimes others see this as Performance DROP. E hinda mula indan eka prathipaththiyaka inna ekai hodai kiyala mata hithe :D Idala hitala tikak late wenakan hitiyatath ithin kamak ne :D (Delivery heta wage set unama)

    ReplyDelete
    Replies
    1. හරියට හරි රසිනි. ඒකත් එක් කරන්න ඕනෑ මේ මේකටම.

      Delete
  2. අපොයි මෙයා මේ ඉන්න ගෙදර අක්කවත් කියලා මටම මේ ලිපිය ලිව්වද මන්දා? එයත් බනින්නේ රෑ වෙනකල් වැඩ කරලා අන්තිමේ මොනවා හරි වුනොත් උඹ ගැන ඔය බොසා බලන එකක් නෑ. ඕන නම් කීයක් හරි දෙයි. අම්මට තමයි සේරම දුක. ඒ ගැන හිතලා වැඩ කරන්න කියලා.

    ReplyDelete
  3. මම නම් එහෙම නැ..මේ කියන විදිහමයි..මගේ වැඩේ මම කලා...හෙට ඔෆිස් එක ඇරලා තිබ්බොත් වැඩ කරනවා නැත්නම් නික්ම් හිටියා කියලා හිතාගෙන වැඩ කරන්නේ ..හැබැයි කරන ටික හරියටම තිතට ඔෆිස් එකේදි කරලා තියන්න ඕන.නැතන්ම් වැටුපට සාධාරණයක් වෙන්නත් ඕන.

    ReplyDelete
    Replies
    1. // කරන ටික හරියටම තිතට ඔෆිස් එකේදි කරලා තියන්න ඕන.නැතන්ම් වැටුපට සාධාරණයක් වෙන්නත් ඕන.//

      සහතික ඇත්ත

      Delete
  4. සහතික ඇත්ත...මමත් අවුරුද්දක විතර ඉඳන් අත්හදා බලනවා
    ගොඩක් සාර්ථකයි..

    ReplyDelete
  5. සහතික ඇත්ත. සමහරු ජීවත්වෙන්නෙ රස්සාව කරන්න ඉපදුන අයවගේ. මගේ නං මෙතඩ්එක වෙන්නෙ වැඩ කරන්න අවශ්‍ය වෙලාවට උපරිම කාර්යක්ෂමතාවය යෙදවීම. සැහැල්ලුවෙන් වැඩ කිරීම-වැඩ ඩැඩිවීම නිසා මානසික පීඩනයක් දාගන්න හොද නෑ කවදාවත්. ඒවගේම වැදගත් කාරණාවක් තමයි ගෙදර යනවිට කාර්යාලය අමතක කිරීම. මේක හුග දෙනෙක් නොකරන දෙයක්.

    ReplyDelete
  6. කතන්දරේනම් සහතික ඇත්ත සහෝ

    ReplyDelete
  7. ඔයා මෙහෙම කියන්නෙ මාස් පඩිකාරයන්ට විතරක් නේද? සේරම අවදානම අනුන් විසින් ගන්නා රැකියාවක යෙදෙන්නෙකුට මෙහෙම කරන්න පුළුවන් වුනාට තමන්ගෙ සාර්ථක ව්‍යාපාරයක අයිතිකරුවෙක් වෙන්න, ලෙඩ රෝග සුව කරන්න එන්නත් සොයාගන්න, ලෝක තරඟ දිනන ක්‍රීඩකයෙක්, ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් හෝ නළුවෙක් යනාදියෙන් ලොව ජයගන්නට මෙහෙම බැහැ. බිල් ගේට්ස්ලා, බීට්ල්ස්ලා, බිල් ජෝයිලා, හැරී බ්ලම්බර්ග්ලා, බියෝන්සේ නොව්ල්ස්, බෝයි ජෝර්ජ්, බ්‍රැඩ් පිට්, බෙබ් රූත්, කවුරුත් ලෝකෙට බිහිවෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත. නමුත් එයාලටත් දවසකට කරන්න නියමිත් වැඩ තියෙනවා. ඒක විතරයි කරන්න ඕනෑ. වැඩිපුර ඕනෑ නෑ කියන එකයි මම කියන්නේ.

      Delete
  8. ඔය තින්නේ හොදි ඔන නෑ ආයෙත් ඇත්ත කතාව

    ReplyDelete
  9. කතාව සහතික ඇත්ත ය

    ReplyDelete
  10. හප්පා... අයියා කාලෙකින්.... මොනව උනත් ඇත්ත කතාවක් ඇ.....

    ReplyDelete
  11. මේ කතාවෙ ලින්ක් එක මම කෙනෙක්ට මේල් එකකින්ම යැව්වා. ඇස් ඇරෙන්න දැන්වත්. ඔපීසිය කියන්නෙ ජීවිතෙන් කොටසක් කියලා හැමෝම දැනගත යුතුයිනෙ.

    ReplyDelete
  12. කතාවට එකගයි...

    ReplyDelete
  13. Interesting article.....but sm tyms cnt help ne.....:)

    ReplyDelete
  14. සිරා කතාව. ඒත් සමහරක් මේක තේරැම් ගන්නෑ

    ReplyDelete
    Replies
    1. සමහරක් මේක තේරුම් ගන්නේම නෑ මචන්...

      Delete
  15. True. I agree. But may be for some people this might be hard to do, even though they like to do it. Life is not always fair. We also need to keep in mind, to keep ur family happy and protected you need to secure ur job. Keeping all that in mind, this is a good article :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. සැබෑව... සහ තුතිය.

      Delete
  16. මේ කතාව මට වෙනස් වෙන්න ඕනේ "වෙලාවට සරසවිය හැරදා ගෙදර යන්න" කියලා. එකක් ඉවර වුණාට ලේසියට මට ගෙදර යන්න වෙන්නේ නැහැ.

    මග දිගට එක එකාත් එක්ක කතා කර කර පහළට එද්දී. ඒක නිසා අපේ සෙට් එකේ එවුන් ගෙදර යන්න පහළට යද්දී මට එන්න කියලා උන් යනවා "මගේ තෙල් බෙදිල්ල" උන්ට දිරවන්නේ නැති නිසා :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!