October 25, 2010

දුන්නා ලේ බිඳු මෙන්න මෙහෙමා

පහුගිය සතියේ සිකුරාදා අපි ගියා කළුතර බෝධියට. මමයි බිරිඳයි පුතයි. අපි තුන්දෙනා එක්ක තව නෑදෑ පිරිසකුත් හිටියා. පෝය දවස හින්දා සිල්ගත්ත උපාසක උපාසිකාවන් වගේම බෝධිය වඳින්නත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඒත් එක්කම එදා අයිටීඑන්(ITN) එකෙන් පෝදා වැඩසටහනකුත් සංවිධානය කරලා තිබ්බා.

අපි සුපුරුදු විදියට මල් පූජා කරලා, පහන් පත්තු කරලා හඳුන්කූරු දල්වලා එහෙම පන්සිල් අරගෙන බොදු සිරිත් විරිත් අනුව සිටියා. ඒත් එක්කම මම දැක්කා ලේ දං දීමේ වැඩසටහනක් තියෙනවා. අපි ආවේ අර නෑදෑ කට්ටියක් එක්ක නිසා මන් ඇහුවා කවුරුවත් ඉන්නවද ලේ දෙන්න කැමති කියලා. මොකද මම විතරක් නම් අනිත් අයට පරක්කු වුනොත් එහෙම හරි නෑනේ කියලා හිතුන හින්දා.

අනේ බලනකොට එක නංගී කෙනෙක් හරිම ආසාවෙන් ඔව් කිව්වා. මටත් ෆිට්. අවාසනාවට බිරිඳට ලේ දෙන්න විදියක් නෑ. එයාට තියෙන අසනීප තත්වයක් හින්දා. ඉතින් ඔන්න ඔහොම සෙට් වෙච්ච පාර මමයි අර නංගියි දෙන්නම ලේ දීලා අපේ ඔක්කොටම පිං සිද්ධ වේවා කියලා හිතාගෙන ගෙදර ආවා.

ලේ ගන්න තැන හිටිය නර්ස් නෝනා නම් හරිම ලස්සනයි.


මා වැනි                          බිලින්දා
මරුවා යයිද                   කැන්දා
අනේ ඒ                          හින්දා
දෙන්න ලේ බිඳු මාමා  නැන්දා



අනේ පොඩි               බිලින්දා
යන්නේ කෙලෙස       කැන්දා
අපි ඉන්න                   හින්දා
දුවයි මරුවා හෙට     අනින්දා





13 comments:

  1. @පුංචිම කතාවක්..
    හරිම සිත්ගන්නා සුළු ලතාවක්...

    ReplyDelete
  2. ඔන්න අපිත් පිං අනුමෝදන් වුනා.
    ඒක නෙවෙයි බර කීයද ?

    ReplyDelete
  3. Hodai hoda wedak

    Habai aka deyak le dunnata passe wahana alawanakota bala genai

    ReplyDelete
  4. නියමයි බිගු අයියා....එල.....කියන්න වචන නෑ................

    ReplyDelete
  5. @ප්‍රාර්ථනා,
    ස්තුතියි

    @Chanaka Aruna Munasinghe ,
    හි හී බරද, හෙන බරයි... 72ක් විතර බරයි...

    @V,
    ඔව් ඔව්.. මම වාහනේ පැද්දේ නෑ. හවස ටිකක් ඇඟට බර ගතියක් තිබ්බා.

    @ර ත් ග ම යා,
    නියමයි

    ReplyDelete
  6. මතක තියේ සැමදාමත් මේ සසරේ

    ReplyDelete
  7. හොද වෑඩක් සහෝ...

    අර පොත ලග තියාගන්න ...

    එකෙනුත් කාට හරි උපකාරයක් කරන්න පුලුවන්...

    ජය් ඔබට

    ReplyDelete
  8. පිං සිද්ධවෙන වැඩක්..

    ReplyDelete
  9. මමත් එක පාරක් ලේ දං දීලා තියෙනවා.. අයිත් දෙන්න ආසයි... බලන්න ඕනි..

    කෙටිම පෝස්ට් එකක්.. ස්තූතියි මේ ලේ දංදීමේ පිස්සුව මට ආයිත් හැදෙව්වට බිගුවා සහෝ.. හිහ් හී

    ReplyDelete
  10. හරිම හොද වැඩක්.. මම නම් කවදවත් ලේ දන් දිලා නැ... කවදාහරි දෙන්න ඔනේ...

    ReplyDelete
  11. කරල තියෙන්නෙ හොඳ වැඩක්. post එකක් දාපු එක තවත් හොඳයි, එතකොට අපිටත් මතක් වෙනවනේ.

    ReplyDelete
  12. අපේ අයියත් ගොඩ පාරක් ලේ දන් දීල තියනවා.මට නම් තාම පුළුවන් උනේ නෑ.මේ පැත්තේ එහෙම වැඩසටහනක් තියන හැම පාරකම මට මැරෙන්න හෙම්බිරිස්සාව.එතකොට ලේ ගනීද sure නැති නිසා මම නිකන් හිටිය.එන පාර යනවා.හරිම හොඳ වැඩක් ඔයා කරලා තියෙන්නේ....පින්

    ReplyDelete
  13. ඇත්තටම ලේ දන් දෙන එක ඇඟට හොදයිද නැද්ද කියල මට දැනගන්න ඔනෙ.... මම දෙපාරක් ලේ දුන්න.. ඒ දීපු හැම වෙලාවකම ගොඩක් අය මට දොස් කිඋව ඇඟ හැදෙන වයසට ඔහොම ලේ දෙන්න හොඳ නෑලු... සමහර නර්ස් ඇන්ටිලා මට පණිවිඩ එවල තිබුනා මට පස්සෙ කාලෙක ලෙඩ හැදේ කියල... මගේ තිස්ස අයියා නම් කියන්නෙ ඔය ලේ දෙන්න තරම් ඇඟේ බර නැති කට්ටිය හිත හදාගන්න හදගත්තු කතාවක් කියලා,,,,,,,අනේ මන්දා...............

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!