January 9, 2011

ආවේ නම් 10ට ගනින්න බැරි විදියට

මේක මම පොඩි කාලේ ඒ කියන්නේ 7 වසරේ විතරදී කරපු ගොන් කථාවක්. ඒ කාලේ(ත්) මම හරිම දඟයා. ගුරුවරු එක්ක හරිම කෙක්ක. පොඩි දේටත් ගහ ගන්නවා ළමයි එක්ක.

ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.

දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හාමුදුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා එකසිය ගාණට. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා. දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.

"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."

මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.

"දැන් 11ට පුළුවන්..."

එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට පස්සේ තේරුම් ගියා. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඒක ඇත්තටම වීරමක නෙමෙයි, තියෙන මෝඩකම!!!




ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...

19 comments:

  1. ඉතිං හාමුදුරුවන්ගෙන් කනේ පාරක් ලැබුනෙ නැතෙයි..

    ReplyDelete
  2. අපේ හාමුදුරුවෝ න්ම් මෙලහකට පෙකනියෙන් උස්සලා පොලේ ගහලා.....

    ReplyDelete
  3. අනේ නැනේ. අපේ හාමුදුරුවෝ එහෙම සැර නැ.

    ඒක ලියන්න බැරි උනානේ...

    ReplyDelete
  4. මගේ පන්තියෙත් ඉන්නවා අයියේ ඔය වගේම ඇම්ඩන් වැඩ කරන කටිටියක්. එයාලත් අනාගතේදි බිඟුවො වෙයිද දන්නෙනෑ නේද?

    ReplyDelete
  5. ඉස්සර ඔහොම කියපු මෝඩ කතා කල්පනා වෙනකොට දැන් මාර ලැජ්ජයි නේද බං.එහෙම නොකිය හිටියනම් හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
  6. hehe Maru Kathaawa.. Binguwa karala thiyena wada..

    ReplyDelete
  7. ඉස්සර අපිත් පොඩි කාලේ ඔයවගේ වැඩ කරලා තියෙනවා දැන් මතක් වෙද්දී හිතෙන්නෙම ඕව මහා ගොන් වැඩ කියල. හි.. හි.. හි..

    ReplyDelete
  8. බිඟු අයියා ඒ දවස් වල නෝටි බිඟුවෙක් වගේ....

    ReplyDelete
  9. මේකව කෝටුමස් කරන්නයි වටින්නේ ...!

    ReplyDelete
  10. දැං ඉතිං කීයට වෙනකං ගනින්න පුළුවන්ද?

    ReplyDelete
  11. හිටපන් මම හෙට කෝට්ටක් අරන් සීට් එකට එන්නම්!

    ReplyDelete
  12. දැන් ​12ට වත් පුළුවන් දෑ................ :D

    ReplyDelete
  13. මොනා උනත් ඉතිං ගුටියක් සමග දවසක පන්ති තහනම් ලැබුනලු :P

    ReplyDelete
  14. අ‍පොයි දඟ බිඟු‍වෙක් ‍නෙ‍මෙයි පණ්ඩිත සීයා ‍කෙ‍නෙක් ඒ කා‍ලෙම.......

    කා‍ලෙකින් ‍මේ පැත් ‍තේ ආ‍වේ.....
    රැජින අක්කිවයි පුංචි බිඟුවයි සුපුරුදු ‍ලෙංගතුකමින් ආද‍රෙන් මතක් කලා කියන්න......... දැන් නම් පැංචාත් දඟ මල්ලක් ‍වෙන්නැති. අ‍නේ විස්තර ලියන්න‍කෝ අයියා ‍වෙලාවක් අරන්. ප්ලී......ස්......

    බුදුසරණයි පැංචටයි ඔය ‍දෙන්නටයි....!!!!

    ReplyDelete
  15. ගීත් ගියෙත් අපේ දහම් පාසලටද මන්දා........ අපේ හාමුදුරුවෝ නං පිරිමි ළමයින්ගේ බුරියට වැලි කැටයකුත් දාලා තමයි ඔය වැඩේ කරන්නේ......... ;D

    ReplyDelete
  16. ඊට පස්සෙ බිගුව දණ ගහගෙන හිටියලු ගණන්කර කරම නේද

    ReplyDelete
  17. මෙහෙමත් චන්ඩි....හික්ස්....ශැහ්..ඒකාලෙම මේකගේ කනට දෙකක් දුන්නේ නෑනේ කවුරුවත්....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!