February 23, 2012

මෙයාව මතකද

අපේ පුතාගේ පළමු වීඩියෝ පටය

මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා ඩොකෙක්.

අපේ පුතා සීසර් කරලනේ ගත්තේ. ඒ ඔපරේෂන් එක කලේ දොස්තර ලෙනදොර කියලා කෙනෙක්. ඒ කාලෙත් අපි ගියාම ඩොකා හම්බ වෙන්න එයා මොකද්ද මැෂිමක් ගැන හැමදාම මගෙන් අහනවා. ලීවර් සිස්ටම් ගැන පෙෂර් හැන්ඩ්ලින් වගේ මකැනිකල් ඉන්ජිනේරින් දේවල්. මොකද මැන්ස් දැන්ගෙන හිටියා මම ඉන්ජෙක් කියලා. මැන්ස්ගේ අලුත් අයිටම් එකකට මොකද්ද කැල්ලක් ලේත් කර ගන්න තැනක් එහෙම මගේ ඇහුවා. කොහොම හරි අන්තිමට බබා හම්බුනාට පස්සේත් ඉඳලා හිටලා කෝල් එකක් එහෙම දුන්නා. පස්සේ පස්සේ ඉතින් ඒකත් නැ.

මෙන්න බොලේ ඉරිදා පත්තරේ බලනකොට පුරුදු මූණක් තිබ්බා මහින්ද මාමා එක්ක ඉන්නවා. අප්පට සිරි. ලෙනදොර මාමා ඉන්නවා තැගි උත්සවේ. 2010 අවුරුද්දේ හොඳම නව නිමැවුම්කරු සඳහා තැග්ග දිනාගෙන. මොකද්ද මන්දා සැත්කම්වල දී පටක ඈත්කිරීම සඳහා වඩාත් දියුණු උපකරණයක් හදලා. මං හිතන්නේ මේ අර මගෙනුත් අහ අහ හිටපු ගැජට් එක වෙන්න ඇති. කොහොම උනත් ඔන්න මැන්ස්ට මගෙනුත් සුබ පැතුම්


http://sundaytimes.lk/120205/BusinessTimes/bt33.html

http://www.slcog.lk/news/news2.php


වැඩි දුර මෙතැනින් කියවන්න.

16 comments:

  1. මගෙත් සුබ පැතුම්!

    ReplyDelete
  2. Engoth ithin Ona wenawa meddonta :)

    ReplyDelete
    Replies
    1. අනිවා... ඉන්ජෝ නැතිව මෙඩ්ඩො නිකන් හුලන් තමා

      Delete
  3. මං මේක පත්තරෙන් දැක්කා.ඕකට නිසි තැනක් හම්බ වුනොත් හොදයි..

    ReplyDelete
  4. අන්න මිනිස්සු ගේම අතෑරල නෑ..
    ඉතින් උඹ කෑල්ල හදල දුන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ මට බැරි උනා බන්

      Delete
  5. ඉතිං උඹ ඒ ගැජට් කෑල්ල හදල දුන්නද ???

    වීඩියෝ එක බලන්න බෑ බං . . මගෙ නෙට් කනෙක්ශන් එකේ අවුලක්

    ReplyDelete
    Replies
    1. අනේ මට බැරි උනා බන්

      Delete
  6. කෝ ඔය දැම්මා කියපු වීඩියෝ එක ??

    ReplyDelete
  7. මෙහෙම හරි පත්තරේ ඉන්නේ උඹ ඒ වැඩේ කරේ නැති නිසා වෙන්ටෑ.....

    ReplyDelete
  8. මගෙත් සුබ පැතුම් . ලාංකිකයෙක් නව නිපැයුමක් කලහම හරිම සතුටක් දැනෙනවා . හැබැයි අන්තිමට ඔය මැෂිමත් අපේ රටේ සල්ලි නැහැයි කියල පිටරට සමාගමකට විකුනන්න වුනොත් හරි අපරාධයක් . දොස්තර මහත්තුරු ඉන්නවා ඉංජිනේරු දැනුමත් තියෙන . මට මතකයි විජය ගොඩකුඹුර දොස්තර මහතා සරල කුප්පි ලාම්පුවක් හදල තිබුන පෙරලෙන්නේ නැති .

    ReplyDelete
  9. පූජා ච පූජනීයානං

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!