February 6, 2012

මෝඩයන් සමඟ වාද නොකරන්න

මෝඩයින් යනු මෝඩකම පිරුණු පුද්ගලයින්ය. ඔවුන් කිසිවක් සොයා බලන්නේ නැත්තෝය. එසේ නැතහොත් සොයා බැලීමට තරම් උවමනාවක් නැත්තෝය. යමක් කල පසුව එහි අවසාන නොදකින්නෝය. ආදීනව නොදකින්නෝය. අන් අයගේ මතයන්හි වැරදිම දකින්නෝය. තමාට ඊට වඩා පහසුවෙන් ඉක්මනින් වඩා හොඳට කල හැකියැයි සිතන්නෝය. කිසියම් වරදක් සිදු වූයේ වී නම් ඒ සඳහා මොනයම් හෝ හේතුවක්ම තියෙන්නෝය. මේ ආදී වශයෙන් මෝඩයින්ගේ ගතිගුණ පිටු පිරෙන්නට අකුරු කරන්නට හැකි වන්නේය.

කෙසේ නමුත් මෙහි අදහස් දැක්වීම වූයේ මෝඩයන් සමඟ වාද නොකරන්න යන්නයි.

ඒ මක් නිසාද යත් ඔවුන් වාද කරන්නා තමාගේ තත්වයට ගෙන පරාජයට පත් කිරීමට තරම් දක්ෂ බැවිනි.

එම නිසා ඔවුන් සමග වාද කිරීමෙන් වලකින්න. ඔවුන් ඔබවත් මෝඩයෙක් බවට පත් කර, ඔබව පරාද කරනු ඇත.


.

19 කගේ සිතිවිලි:

  1. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනං !!!

    ReplyDelete
  2. සහතික ඇත්ත!
    මම මෝඩයන් සමග වාද කිරීම නවතා බොහෝ කල්..

    ReplyDelete
  3. හා හා මම මේක ගැන වාද නොකර ඉඤ්ඤංකො

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත අයියේ.. මොඩයෝ එක්ක වාද කරන්න ගියාම වෙන්නේ අපිත් මෝඩයෝ වෙන එක..

    ReplyDelete
  5. අපි නම් දැහැමින් සෙමින් නුවනක්කාරෙක් එක්කවත් වාද නැහැ.

    ReplyDelete
  6. බිඟුවාටත් මෝඩයෙක්ගෙන් ෂොට් එකක් හම්බ වුනාද? ඕව ගැන නම් කියලා වැඩක් නෑ අප්පා..

    ReplyDelete
  7. දැන් උඹ ඔය මොකකින්ද බන් පැරදුනේ.ඕක මෙහෙමත් වෙන්න පුළුවන් උඹට ඌ කියන එක තේරෙන්නෙ නෑ ඌට උඹ කියන එක තේරෙන්නේ නෑ.එතකොට උඹලා දෙන්නම මෝඩයෝ.හි හි හි...

    ReplyDelete
  8. එකපාරක් වාද කරන්න ගිහින් මමම තමා මෝඩයා උනේ..ඒ වතුර යන්නෙ නැති ෆෝන් තියෙනවා කියන්න ගිහින්...මේ ලඟදි දවසක මට ඇවිල්ල කිවුව වතුර යන්නෙ නැති ෆෝන් තියෙනවා කියල...කතා කරල වැඩක් නෑ...

    ReplyDelete
  9. බුද්ධිමතුන් නිහඩව සිටීම අනුමත කර නොහැකිය,එහෙත් වාද කිරීම ඉන් අදහස් නොවේ...

    ReplyDelete
  10. බිඟුවා ගොඩක් කාලෙකින්..මොකෝ මේ එකපාරටම.....

    ReplyDelete
  11. හොඳ ම දේ සද්ද නැතුව ඉන්න එක තමයි!

    ReplyDelete
  12. දැං කියපංකො කාත් එක්කද උඹ වාදෙට ගියෙ කියල ????

    ReplyDelete
  13. පාඩු‍වෙ ඉන්න එක කෝකටත් හොදයිනේ

    ReplyDelete
  14. niyamai thawath hondata liyanna suba pathanawa
    mama tharaka
    www.gamedroidlk.com

    ReplyDelete
  15. පණ්ඩිතයෝ දහයක් එක්ක වාද කරන්න පුළුවන් (වාදෙන් දිනන්න නම් බැරිවෙන්නත් පුළුවන්)

    ඒත් එක මෝඩයෙක් එක්ක කවදාවත් වාද කරන්න බෑ (වාද කරලා දිනන්න කොහොමත් බෑ)

    තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්න මෝඩයෙක් එක්ක වාද කරන කෙනා අන්ත මෝඩයෙක් වෙනවා...

    හොඳම දේ තමා මෝඩයට දිනුම දීලා පැත්තකට වෙන එක...!!!

    ReplyDelete
  16. හොඳම දේ තමා මෝඩයට දිනුම දීලා පැත්තකට වෙන එක...!!!

    සහතික ඇත්ත//

    ReplyDelete
  17. පණ්ඩිතයෝ 100 කටත් බැහැලුනේ මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්න. මෝඩයෙක් එක්ක ගමනක් ගිහින් හොඳට ගුටි කාපු පණ්ඩිතයෙක් ගැණත් මතක් වුණා

    ReplyDelete
    Replies
    1. හසිත තමන් ගැනමද මන්ද ඒ කිව්වෙ...... :-p (විහිලුවක් හරිය...)

      Delete
    2. හරිය හරිය :D

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!