අපේ පුතන්ඩියා දැන් හරිම චන්ඩියා වෙලානේ. දැන් වයසත් අවුරුදු 1 හමාරක් වෙලා හින්දා ලොකු වැඩ තමා කරන්නේ. දවල් වරුවේ ඉන්නේ රැජිණගේ පියා එහෙම නැත්නම් මගේ මාමණ්ඩියා එක්ක තමා. පුතන්ඩියා හරිම කැමතියි සීයා එක්ක ඉන්න. මොකද අපි කරන්න ඉඩ දෙන්නේ නැති ගොඩාක් එව්වා සීය එක්ක කරන්න පුළුවන්නේ. අපේ ගෙදරට එන්නේ නගරසභාවේ වතුර නෙමෙයි. වත්තේ ළිඳෙන් ටැංකියට එන් කූල් වතුර. ඉතින් ගොඩාක් වෙලාවට වතුර ගහන වැඩේ කෙරෙන්නේ සීයයි පුතයි. ඉතින් වහලේ උඩ තියෙන ටැංකිය පිරෙන්නම අපි වතුර ගහනවා. මෙහෙම වතුර ගහනකොට පුතා කියනවා සීයට වඩා ගන්න කියලා. ඔන්න බලාගෙන ඉන්නවා වතුර උතුරනකල්. ඊට පස්සේ සීයා කියනවා..
උතුරනවෝ...
කියලා. ඉතින් පුතා කියනවා
දුවමූ... දුවමූ...
කියලා. ඉතින් දෙන්නා එක්ක දුවලා ගිහින් ස්විච් එක වහනවා. ඉතින් මේක මාර ෆන් වැඩේ පුතාට. දවසක් පුතා මාර වැඩක් කරා. අපේ එළියේ තියෙන පඩිපෙළට නැගලා චූ කරන ගමන් කියනවලූ
උතුරනවෝ... උතුරනවෝ...
කියලා...
සීයට මාර හිනා...
අපිටත් හිනා...
ඔන්න අපේ චන්ඩියාගේ වැඩ....
හෙහ් හේ.. ෂුවර් එකට තාත්තගෙ ගතිම තමයි පොඩි මෑන්ට පිහිටල ඇත්තෙ :)
ReplyDeleteහරි සෝක්...
ReplyDeleteතාත්ත වගේම නැතේ... :D
ReplyDelete/නාඩ්
hehe.. mewa kiyawaddi apiwath sathutin uthuranawa... :D
ReplyDeleteඅයියගේ පොඩි එකාගේ සීන් මතක් වුනා... ඌත් ඔහොමමයි.. පෙරටත් දැං අවුරුදු 1 යි මාස 5ක් විතර මම හිතන්නේ... :D
ReplyDeleteමගේ කොල්ලාටත් වයස අවුරුදු එක හමාරයි ... එයාගෙ වැඩත් ඔය වගේම තමයි ......
ReplyDeleteපොඩි එවුන්ගේ වැඩ ඔහොමම තමයි..
ReplyDeleteපොඩි උන්ගේ වැඩනං කොච්චර බලං හිටියත් ඇති වෙන්නේ නෑ.... :)))
ReplyDeleteහි හි...මටත් හිතෙන්නේ පුතාලා හැදෙන්නේ තාත්තා වගේ කියලා..
ReplyDeleteයකෝ මට අද ඊයෙ වගේ මතකයි මම උඹ පියෙක් වෙච්චි පෝස්ට් එකට සුභ පැතුව . . . . කාලෙ එච්චර ඉක්මනට ගෙවිල ගිහිං නේද ????
ReplyDeleteපැටියට තව තව ආතල් වැඩ කරන්න ලැබෙන්නයි කියල පතනව . . . .
බිඟු අයියා වගේම නැතෑ පුතාත්. හික්ස් :)
ReplyDeleteමේ වගේ වැඩ දිගටම කරන්න පුතේ !
පොඩි උන්ගේ ලොකේ හරිම සුන්දරයි බන්
ReplyDeleteඋතුරනාවෝ හිහි..
ReplyDeleteපොඩ්ඩා මරැනෙ අප්පා.
ReplyDeleteපොටෝවක් දාන්නකො එයාගෙ(දාලත් ඇති මං පරන ඒවයෙ බලන්නම්) :)
සදාකාලික සුන්දර මතකයන්!
ReplyDeletehenryblogwalker the Dude
හික් හික්. අපුරුයි පුතාගේ වැඩ.
ReplyDeleteහිකිස්.....
ReplyDeleteඋතරනව... උතරනව... :D
ReplyDeletehi
ReplyDelete