January 6, 2012

උතුරනවෝ...

අපේ පුතන්ඩියා දැන් හරිම චන්ඩියා වෙලානේ. දැන් වයසත් අවුරුදු 1 හමාරක් වෙලා හින්දා ලොකු වැඩ තමා කරන්නේ. දවල් වරුවේ ඉන්නේ රැජිණගේ පියා එහෙම නැත්නම් මගේ මාමණ්ඩියා එක්ක තමා. පුතන්ඩියා හරිම කැමතියි සීයා එක්ක ඉන්න. මොකද අපි කරන්න ඉඩ දෙන්නේ නැති ගොඩාක් එව්වා සීය එක්ක කරන්න පුළුවන්නේ. අපේ ගෙදරට එන්නේ නගරසභාවේ වතුර නෙමෙයි. වත්තේ ළිඳෙන් ටැංකියට එන් කූල් වතුර. ඉතින් ගොඩාක් වෙලාවට වතුර ගහන වැඩේ කෙරෙන්නේ සීයයි පුතයි. ඉතින් වහලේ උඩ තියෙන ටැංකිය පිරෙන්නම අපි වතුර ගහනවා. මෙහෙම වතුර ගහනකොට පුතා කියනවා සීයට වඩා ගන්න කියලා. ඔන්න බලාගෙන ඉන්නවා වතුර උතුරනකල්. ඊට පස්සේ සීයා කියනවා..
උතුරනවෝ...
කියලා. ඉතින් පුතා කියනවා 
දුවමූ... දුවමූ...
කියලා. ඉතින් දෙන්නා එක්ක දුවලා ගිහින් ස්විච් එක වහනවා. ඉතින් මේක මාර ෆන් වැඩේ පුතාට. දවසක් පුතා මාර වැඩක් කරා. අපේ එළියේ තියෙන පඩිපෙළට නැගලා චූ කරන ගමන් කියනවලූ

උතුරනවෝ... උතුරනවෝ... 

කියලා...
සීයට මාර හිනා...
අපිටත් හිනා...
ඔන්න අපේ චන්ඩියාගේ වැඩ....

19 comments:

  1. හෙහ් හේ.. ෂුවර් එකට තාත්තගෙ ගතිම තමයි පොඩි මෑන්ට පිහිටල ඇත්තෙ :)

    ReplyDelete
  2. තාත්ත වගේම නැතේ... :D
    /නාඩ්

    ReplyDelete
  3. hehe.. mewa kiyawaddi apiwath sathutin uthuranawa... :D

    ReplyDelete
  4. අයියගේ පොඩි එකාගේ සීන් මතක් වුනා... ඌත් ඔහොමමයි.. පෙරටත් දැං අවුරුදු 1 යි මාස 5ක් විතර මම හිතන්නේ... :D

    ReplyDelete
  5. මගේ කොල්ලාටත් වයස අවුරුදු එක හමාරයි ... එයාගෙ වැඩත් ඔය වගේම තමයි ......

    ReplyDelete
  6. පොඩි එවුන්ගේ වැඩ ඔහොමම තමයි..

    ReplyDelete
  7. පොඩි උන්ගේ වැඩනං කොච්චර බලං හිටියත් ඇති වෙන්නේ නෑ.... :)))

    ReplyDelete
  8. හි හි...මටත් හිතෙන්නේ පුතාලා හැදෙන්නේ තාත්තා වගේ කියලා..

    ReplyDelete
  9. යකෝ මට අද ඊයෙ වගේ මතකයි මම උඹ පියෙක් වෙච්චි පෝස්ට් එකට සුභ පැතුව . . . . කාලෙ එච්චර ඉක්මනට ගෙවිල ගිහිං නේද ????
    පැටියට තව තව ආතල් වැඩ කරන්න ලැබෙන්නයි කියල පතනව . . . .

    ReplyDelete
  10. බිඟු අයියා වගේම නැතෑ පුතාත්. හික්ස් :)
    මේ වගේ වැඩ දිගටම කරන්න පුතේ !

    ReplyDelete
  11. පොඩි උන්ගේ ලොකේ හරිම සුන්දරයි බන්

    ReplyDelete
  12. උතුරනාවෝ හිහි..

    ReplyDelete
  13. පොඩ්ඩා මරැනෙ අප්පා.

    පොටෝවක් දාන්නකො එයාගෙ(දාලත් ඇති මං පරන ඒවයෙ බලන්නම්) :)

    ReplyDelete
  14. සදාකාලික සුන්දර මතකයන්!

    henryblogwalker the Dude

    ReplyDelete
  15. හික් හික්. අපුරුයි පුතාගේ වැඩ.

    ReplyDelete
  16. උත๩රන๧ව๟๞... උත๩රන๧ව๟๞... :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!