අපේ පුතාගේ පළමු වීඩියෝ පටය
මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා ඩොකෙක්.අපේ පුතා සීසර් කරලනේ ගත්තේ. ඒ ඔපරේෂන් එක කලේ දොස්තර ලෙනදොර කියලා කෙනෙක්. ඒ කාලෙත් අපි ගියාම ඩොකා හම්බ වෙන්න එයා මොකද්ද මැෂිමක් ගැන හැමදාම මගෙන් අහනවා. ලීවර් සිස්ටම් ගැන පෙෂර් හැන්ඩ්ලින් වගේ මකැනිකල් ඉන්ජිනේරින් දේවල්. මොකද මැන්ස් දැන්ගෙන හිටියා මම ඉන්ජෙක් කියලා. මැන්ස්ගේ අලුත් අයිටම් එකකට මොකද්ද කැල්ලක් ලේත් කර ගන්න තැනක් එහෙම මගේ ඇහුවා. කොහොම හරි අන්තිමට බබා හම්බුනාට පස්සේත් ඉඳලා හිටලා කෝල් එකක් එහෙම දුන්නා. පස්සේ පස්සේ ඉතින් ඒකත් නැ.
මෙන්න බොලේ ඉරිදා පත්තරේ බලනකොට පුරුදු මූණක් තිබ්බා මහින්ද මාමා එක්ක ඉන්නවා. අප්පට සිරි. ලෙනදොර මාමා ඉන්නවා තැගි උත්සවේ. 2010 අවුරුද්දේ හොඳම නව නිමැවුම්කරු සඳහා තැග්ග දිනාගෙන. මොකද්ද මන්දා සැත්කම්වල දී පටක ඈත්කිරීම සඳහා වඩාත් දියුණු උපකරණයක් හදලා. මං හිතන්නේ මේ අර මගෙනුත් අහ අහ හිටපු ගැජට් එක වෙන්න ඇති. කොහොම උනත් ඔන්න මැන්ස්ට මගෙනුත් සුබ පැතුම්
http://sundaytimes.lk/120205/BusinessTimes/bt33.html
http://www.slcog.lk/news/news2.php
වැඩි දුර මෙතැනින් කියවන්න.
මගෙත් සුබ පැතුම්!
ReplyDeleteEngoth ithin Ona wenawa meddonta :)
ReplyDeleteඅනිවා... ඉන්ජෝ නැතිව මෙඩ්ඩො නිකන් හුලන් තමා
Deleteමං මේක පත්තරෙන් දැක්කා.ඕකට නිසි තැනක් හම්බ වුනොත් හොදයි..
ReplyDeleteඅන්න මිනිස්සු ගේම අතෑරල නෑ..
ReplyDeleteඉතින් උඹ කෑල්ල හදල දුන්නද?
අනේ මට බැරි උනා බන්
Deleteඉතිං උඹ ඒ ගැජට් කෑල්ල හදල දුන්නද ???
ReplyDeleteවීඩියෝ එක බලන්න බෑ බං . . මගෙ නෙට් කනෙක්ශන් එකේ අවුලක්
අනේ මට බැරි උනා බන්
Deleteකෝ ඔය දැම්මා කියපු වීඩියෝ එක ??
ReplyDeletehttp://www.youtube.com/watch?v=2JohvMmg7Dg&feature=player_embedded
Deleteස්තුතියි !
Deleteමෙහෙම හරි පත්තරේ ඉන්නේ උඹ ඒ වැඩේ කරේ නැති නිසා වෙන්ටෑ.....
ReplyDeleteහී හී...
Deleteමගෙත් සුබ පැතුම් . ලාංකිකයෙක් නව නිපැයුමක් කලහම හරිම සතුටක් දැනෙනවා . හැබැයි අන්තිමට ඔය මැෂිමත් අපේ රටේ සල්ලි නැහැයි කියල පිටරට සමාගමකට විකුනන්න වුනොත් හරි අපරාධයක් . දොස්තර මහත්තුරු ඉන්නවා ඉංජිනේරු දැනුමත් තියෙන . මට මතකයි විජය ගොඩකුඹුර දොස්තර මහතා සරල කුප්පි ලාම්පුවක් හදල තිබුන පෙරලෙන්නේ නැති .
ReplyDeleteඔව් ඔව්... ඒක හරි
Deleteපූජා ච පූජනීයානං
ReplyDelete