August 27, 2011

සිත් පුබුදුන්න තරම්

එක් වදනක්වත්
කියාගන්න බැරි තරමට
එක් අකුරවත්
ලියාගන්න බැරි තරමට
එක් සිතිවිල්ලක්වත්
සිතට නොඑන තරමට
පාලුව කාන්සිය
සිත් මඩලට කාන්දු වෙලා
සිත් පුබුදුන්න තරම්
එක් වදනක් වත්
ඇසේ නම්
දෙසවන් පිනවන්න...

11 comments:

  1. අයියෝ! එහෙම කාන්සියි කියලා ලියන එක නම් අතාරින්නෙපා! විහිලුවක් කළේ! මම මේ බිගු නද අහන්න ගොඩ වුණාම ද කොහෙ ද? කමක් නෑ!හරිම ලස්සන පබැදුමක්.. ඇත්තටම වෙලාවකට මටත් මගේ මුලු ජීවිතයම මේ වගේ කියලා හිතෙනවා....

    ReplyDelete
  2. පුලුවන් වෙලාවක් අකුරු කරන්නම්කෝ.....
    එල එල....

    ReplyDelete
  3. ජිවිතේම කවියක් කියලා කියන්නේ නිකන්ම නෙමේනේ.....

    කොහොමත් හිතට වදින විදිහටම ලියා ගත්තා.... සයිබර් අවකාශයේ පල නොකරන වැඩකට පොඩි පද පේලියක් මම ගත්තා හොදේ

    ReplyDelete
  4. අනේ දේවා මොකද එක පේලියක්...
    ගන්නකෝ ඔක්කොම....
    දාන්න ඕනැම තැනකට....

    දැන් වාසේ දේසේ නෝර්වේ වලනේ....

    ReplyDelete
  5. පැංචා ගැන විස්තරත් නැ. ඉස්සර ලියපු බිඟු රජත් නෑ......

    රැජින අක්කවයි බිඟු කුමාරයවයි ඉස්සර වගේම ආදරෙන් මතක් කලා කියලා සුපුරුදු පණිවිඩේ කියන්න අයියා.........

    ReplyDelete
  6. හරිම ලස්සනයි,ඒත් ටිකක් විතර දුක හිතෙනවා, ඇයි කියලා නම් දන්නෙ නෑ!

    ReplyDelete
  7. දුන් අවසරයෙන් පැහැදි
    ගත්තෙමි මුලු පැදියම
    බිගු නද අතුරින්

    බිගු ට මාව මතකද දන්නේ නැ.. කාලෙකට කලින් මට හිතෙන දේවල් කියලා එකක් මේ දේවා ලිවා.. ඒ දවස් වල මම කලින්ම ෆලෝ කරපු බ්ලොග් අතර මේකත් තිබුනා.. ආයේ කාලෙකට පස්සේ ආවට පස්සේත් කකා ගේ බ්ලොග් එක වගේම මට මතකෙට ආව එකක් නිසා ආපු අලුතම ෆලෝ කලා

    කොහේ උන්නත් කියවන්න කැමති ගොඩාක් අය ඔයා එක්ක ඉන්න නිසා ඒ අයට අසාධාරනයක් ඔයා නොලියා ඉන්න එක නම්

    ReplyDelete
  8. නියමයි . . . ලියන රේට් එක තව ටිකක් වැඩිඋනා නං තවත් නියමයි

    ReplyDelete
  9. නියම සිතුවිල්ලක්.
    ඒ තරමටම මොකෑ අයියා උනේ ?

    ReplyDelete
  10. හුග කාලෙකින් ඇවිත් , ලස්සන පදවැලක් ලියලා තියෙන්නේ.
    බිගු රැජිණයි, පැටියයි ඉන්න එකේ, බිගුවට මොන පාලුවක්ද.
    අපට වගේ යෑ...........

    ReplyDelete
  11. එක කාලයක් තියේ බන් ලියන්න ජාති දාහක් තිබ්බත් එක අකුරක් ලියන්න බැරි තරම් කම්මැලි කමක් එන කාලයක් . . උඹ ඉන්නේ ඒ කාලෙද කියලා හිතේ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!