August 10, 2011

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා


මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ කියන කොල්ලටත් කැමැතියි වගේද?

23 comments:

  1. oka Athula n Samitha nokiwwa nang, apita oke theruma samaharawita hariyata therei ne

    ReplyDelete
  2. ඒක පාර්ශවික ප්‍රේමයක්ද කොහෙද?

    ReplyDelete
  3. මම් අහල නෑ මේ සින්දුව

    ReplyDelete
  4. බිඟූ...කාලෙකට පස්සෙ... කොහොමද උඹට ? කොහොමද බිඟු පැටියා...රැජින එහෙම....?

    මමත් නම් බිඟුවො මේ සින්දුව කලින් අහලා නෑ. ඒත් පද ටිකනම් බොහෝම හිතට ඇල්ලුවා. හොයලා අහලා බලන්න ඕනා...

    ReplyDelete
  5. මේක මේ සමිතා ජොනීට කියන සින්දුවනේ.

    ReplyDelete
  6. අහල නැති සිංදුවක්...........

    ReplyDelete
  7. හා මේක මම ඊයෙත් ඇහුවා. කොහේ හරි කොනක අනිවා ජොනියා ඉන්නවා කියල නම් ෂුවර්.

    ReplyDelete
  8. සමිතා තාම හදපාන්ගොඩ පැත්ත පලාතෙ එන්නෙ නෑ...

    සද පානක් සේ ඇවිදින්
    ගම්මානෙන් මේ නගරෙට
    සදපානක් තරමට නුඔ
    සෙනෙහස පිදුවයි ජොනියට...

    ReplyDelete
  9. කාලෙකින් මේ පැත්තෙ ආව.කාලෙකින් චැටක්වත් දාන්න බැරි උනා නෙව.ඔය සින්දුව නම් අහල හෝ ඇහිල නැ මගෙ මතකෙ විදියට...

    ReplyDelete
  10. ආදරය තේරුම් ගන්න හොද හදවතක් තියෙන්නට ඕනේ.ඒත් මේ කෙල්ලට එයාගේ ආදරේ වෙනුවෙන් එයා ඉන්න සමාජෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.සමහර විට කොල්ලට අනතුරක් එහෙමත් ඇති.ඉතින් මේ අසරණී තමන් ආදරයේ වේදනාව විදින ගමන් ම පෙම්වතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.ඒත් මේ කිසි දෙයක් නොදන්න පෙම්වතා තවමත් මුලු හදවතින්ම ඇයට ආදරෙයි....

    මේ වගෙ තේරුමක් හොදයි නේද ? ගැලපෙනව ද කියලා කියන්නකෝ....

    ReplyDelete
  11. අඩේ මාර සිංදුවක් නේ.. මමත් අදමයි ඇහුවේ.. ඒකත් ඔයා මේ කිවුවම මම හොයලා බාලා අහලා බැලුවා..

    නිකං කියෙවුවම එන තේරුම නෙවෙයි ඇහුවම එන්නේ.. මොකද ගෑණු කෙනයි පිරිමි කෙනයි කියන කොටස් අනුව තේරුම වෙනස් වෙනවා..

    මමත් හිතන්නේ බිඟු අයියා කිවුව වගේ තේරුමක් තමා තියෙන්නේ..

    මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා.. උන් දෙන්නා ලවු එකේ ඉනිනවා.. (අපේ ආදරේ භාවනාවක් වගේ)
    ඒ වුනාට කොල්ලා දන්නේ නෑ ඒ සීන් එක (මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා)
    කොල්ලෙක් හිටියට හැබැයි මේ කෙල්ලා මූටත් ලවු වගේ (මම මැතින් ඉඳන් වින්දා ඉන් වේදනා)

    අහලම බලන්න කස්ටිය..

    ReplyDelete
  12. උ‍දේම ‍මො‍ලේ මයියන් උනා ව‍ගේ.............

    අහල බලන්න ඕනා.

    ReplyDelete
  13. මෙන්න එක ලින්ක් එකක්...

    http://www.youtube.com/watch?v=pHZ13aA71jM&feature=related

    ReplyDelete
  14. මමත් මේ සිංදුව අහලා නෑ. අහලම තමා මුකුත් කියන්න වෙන්නේ.

    ReplyDelete
  15. සිරා සිංදුව

    ReplyDelete
  16. meka kiyanne athula samitha kiyla shure da?......mokada mama hithanne meka kiyanne athula ekka ara pihatu penen kiyana sinduwa kiyana genu lamaya,hariyatama danne , e vunata samithage voice eka nam novey vage?

    ReplyDelete
  17. කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.මාර විදිහට හිතට වදිනවා...

    ReplyDelete
  18. පට්ට සින්දුව! බස් එකේ යද්දී ඇහුනේ. තැන්කිව්...

    ReplyDelete
  19. මේකෙන් කියවෙන්නෙ නයෙකියි හැපින්නකුයි ගැන
    වෙලා ගන්නෙ නයාලනෙ

    ReplyDelete
  20. ඇයි ගැරඩි, පොළොන්ගු,පණුවො,,,,

    ReplyDelete
  21. පණුවො වෙලා ගන්නෙ නෑ. පිඹුරොනම් මිනිස්සුන්ව වෙලා ගන්නවා

    ReplyDelete
  22. මේ මගේ අදහස, සිංදුවේ මුලින් කියනව කොල්ල ආලයට මුල පිරුවත් කෙල්ලා ඒව ප්‍රතික්ෂේප කරන බව. ඒ එක්කම අන්තිමට කියවන එයාට වසන්තය ඇවිල්ල ගොඩක් කල්, ඒ ආලය හරියට භාවනාවක් වගේ කියලා. ඒ කියන්නේ ඒ ආදරය ඇතුලතින් ඇති අධ්‍යාත්මික බැඳිමක්. ඒ බැඳිම අර එන කොල්ලට තේරුම් ගන්නවත් බෑ. බොහේ විට වසන්තය ඇවිත් බොහෝ කල් කියන එකෙන් ගම්‍ය වෙනව වෙන්න පුලුවන් ඒදෙන්න විවාහක බව.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!