December 22, 2010

ප්‍රියාවිය, සබඳ

සංසාරයේ ඈතක
එක්ව බැඳී ආ
ගමන් දුර ගෙවා
සංසිඳුවා විඩා ගත
කතරට වට පිනි පොද
සිසිලස සමග
මද නල
තෙමා ගත සිත
පුබුදුවා මනදොළ
යන්නට සවිය විරිය
දෙනු මැන
ප්‍රියාවිය,
සබඳ...

11 comments:

  1. හේහේහේහේහේ මෙන්න බිඟුවා ඇවිත්....
    හරි රොමෑන්ටික්.....

    දැන් කොහෙමද කොලු පැටියට...?

    බිඟුවටයි බිඟු රැජිණටයි බිඟු පැටියටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි...

    ReplyDelete
  2. @෴ හසියා ෴,
    ආ... ඒ දෙන්නා ඉන්නවා කූල් එකේ...
    ඒකනේ පෙම් සිතුවිලි නලියන්නේ....
    :)

    ReplyDelete
  3. උඹත් මං වගේ වෙන්නද හදන්නේ. ටික ටික ලිපි අඩු වෙන්නේ. ටිකක් අමාරුයි තමයි පැටව් එක්ක වැඩ කරද්දි. ඒත් අපිව අමතක කරන්න එපා. රැජිණ හැමදාම උඹට හයියක් නේ. වැඩ ටික අතරෙම ලියපං. මම හැමදාම ආසයි ලියනවට වඩා උඹල ලියන ඒවා කියවන්න.
    උඹල තුන්දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  4. බිඟුවා ලස්සනට ලියලා තියෙනවා !!!! ලස්සන පද පේලි ටිකක්

    ReplyDelete
  5. ලස්සණයි අයියේ,කොහොමද බබාට?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කාලෙකින් ඇවිල්ලා ලස්සන පද පෙලක්නේ...

    කොයිද අප්පේ අතුරුදහන් වෙලා උන්නේ?

    ReplyDelete
  8. බිඟු පැංචා සහ බිඟු හාමිනේ මතක් කල බව කියන්න....කෝ තව ලියන්න

    ReplyDelete
  9. ඈත සංසාරේ . . .
    නිබඳ බැඳී ආ සබඳ කමක් විය
    ඈත සංසාරේ . .
    ඈත සංසාරේ . . .. .

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!