ඔන්න දවසක් අපේ කස්ටිය සෙට් වෙලා ඉන්නකොට හිතුනා කාලෙකින් අපි එකතුවෙලා චැරිටි වැඩක් ඒ කියන්නේ දාක්ෂිණ්‍යය වැඩක් එහෙම නැත්නම් සරලව කිව්වොත් පිං අතේ වැඩක් කරමු කියලා. කට්ටියම වැඩේට කැමති හින්දා ඔන්න තුන්-කුළුඳුල් කොමිටියක් ඒ කියන්නේ තුන්දෙනෙක්ගේ කණ්ඩායමක් පත් කර ගත්තා කියමුකෝ. දැන් තියෙන්නේ පොට් එකක් හොයන එකයි. ඔන්න ඔක්කොලටම කිව්වා තමන් දන්න කියන තැන් තියෙනවනම් නම් ගම් දාලා එවන්ඩ කියලා.
අම්මෝ...
සූ ගාලා 3ක් විතර යෝජනා ආවා. අර තුන් දෙනත් තව තැන් ටිකක් හොයාගෙන තිබ්බා. ඔය තැන් ඔක්කොම ලැයිස්තු ගත කරලා අර තුන්දෙනා ගූගල් කරන්න ඒ කියන්නේ තොරතුරු හොයන්න ගත්තා.
හපොයි...
ඒ කෙරුවාවත් එසේ මෙසේ වැඩක් එහෙම නෙමෙයි ඔන්න. සමහර දුරකතන අංක වැඩ නෑ. වැඩ කරන සමහර අංක පිළිතුරු දෙන්නේ නෑ. පිළිතුරු දෙන අංක වලින් හරි දෙයක් කියන්නේ නෑ.. දැන් බිසීලු. පස්සේ කතා කරන්නලු. ජරමර ගොඩයි... ඉතින් අර තුන්දෙනා කොහොමහරි අර ලැයිස්තුවේ තියෙන තැන් වලට කතා කරලා තොරතුරු හොයා ගත්තා. අම්මෝ දැන් කාලේ පිං අතේ වැඩක් කරන එකත් හරිම කොමර්ෂල් වෙලා වගේ කියලා හැඟීමකුත් යන්තමින් හරි ආව නැතුවාම නෙමෙයි ඔන්න. ඉස්සර නං ඉතින් මොනවද මේ හිතුනා මේ ගියා මේ කලා. ආයේ ගැන ගැන ඉන්න දෙයක් නෑ. ඒක හිත් දරාගෙන වැඩේ කළා. එච්චරයි. ඒකට දැන් කාලේ...
ඉතින් ඔන්න අර කොමිටිය තීරණය කලා අවසාන තැන් තුනක්. ඒක කරනකොටත් ඉතින් ගොඩාක් දේවල් හිතන්න උනා. යන එන දුර ප්‍රමාණය, ඒ ඒ තැන්වල තිබුණ උවමනාව, ඉන්න පුද්ගලයින් ප්‍රමාණය සහ වර්ගය ඒ කිව්වේ පොඩි ළමයිද, වයසක අයද, ආබාධිත අයද යන වග, නිතර දාන ලැබෙන තැන්ද නැතිද යන්න වගේ බොහෝ කරුණු කාරණා සලකලා බලලා ඔන්න තැන් තුනක් අවසන් ලැයිස්තුවට එක් කලා. මේ අතරේම අර තුන්දෙනා ඒ ඒ තැන් තුනටම උවමනායැයි කියලා දුන්න ලැයිස්තුත් ඉල්ලා ගත්තා කලා. ඊට පස්සේ ආයෙත් අපි ඔක්කොමලා එකතුවෙලා යන්නේ කොතැනටද කියලා අවසන් තීරණයක් ගත්තා. ගොඩාක් අය කැමති උනේ පොඩි ළමයි ඉන්න තැනකට යන්න. හැමෝම වගේ කැමති උනේ පොඩි එවුන්ට තෑගි දිලා උන්ගේ මූණේ තියෙන අහිංසක හිනාව බලන්න.. ඉතින් උන්න අන්තිමට තීරණය උනේ මෙන්න මෙතැන්ට යන්න.
http://www.gracepererahome.lk/sir-senerath-gunawardene-child-care-centre
මේක පුදුම ලෝකයක්නේ. සමහරු කැමති නෑනේ පිං බෙදා ගන්න. අපිට උවමනා උනා පොඩි එවුන්ට රෑට කෑමක් දීලම තෑගි එහෙම දෙන්න. ඉතින් අපි බලුවා දවසක් ඉල්ලා ගන්න. වැඩේ කියන්නේ සමහරු කැමති නෑ අපිත් එක්ක එකට සෙට් වෙලා දානේ දෙන්න. එයාලට ඕනෑ තනියම ඒක කරන්න. අනේ මංදා ඇයිද කියලා. සමහරු නම් ඒකට කැමතියි. ඒත් ඒ දවස් අපිට බෑ වෙනත් වෙනත් වැඩ හින්දා. ඉස්සරලාම කලේ අපේ දවස තෝරා ගන්න එක. ඉතින් ඒකට දවසක් ඕනෑ හින්දා පොඩි ඡන්දයක් තිබ්බා සතියේ දවස් 5 දාලා. හොර ඡන්ද නැති හින්දා ලේසියෙන්ම අපිට දිනේ සෙට් කර ගන්න පුලුවන් උනා. අන්තිමට ඔක්තෝම්බර් 9 වෙනිදා විදියට දවස වෙන් කෙරුණා. ඉතින් ඔන්න ෆන් එක පටන් ගත්තා.
මුදල් ඇමති විදියට අපේ කටසැර පදමක්කා වැඩ බාර ගත්තා. ඉතින් එයා ළඟට ගියොත් වෙන වැඩකටත් අහන්නේ සල්ලි දෙන්නද ආවේ කියලා. කන්දොස්කිරියාවේ බෑ. හික්ස්... හැබැයි කියන්න අපරාදේ වැඩේ නම් ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි. පදමක්කගේ වාසනාවට ද කරදරේට ද අපේ උන්ගේ දානමය සිතිවිල්ලටද මංදා සිරි සිරි ගාලා සල්ලලි එකතු වෙන්න ගත්තා. නදීකක්කා එයාගානේ ඉස්තිරික්කයක් දෙන්නම් කිව්වා. අනේ වාසනාවන්. අපි ගිහිල්ලා එයාලට උවමනා දේවල් මොනවද කියලා ලැයිස්තුවක් අරගෙන ආවා.
එතැන ඉස්කෝලේ යන ළමයි 25ක් හිටියා. අවුරුදු 6 ඉඳලා අවුරුදු 17 වෙනකල් පිරිමි ළමයි. අපෙන් ඉල්ලුවේ සෙරප්පු අරගෙන දෙන්න පුළුවන්ද කියලයි. එයාලට තියෙන්නේ එක ඉස්තිරික්කයයිලු. අනේ පව්... හැබැයි එතැනට කතා කලාම හොඳ ලැයිස්තුවක් දුන්නා මේකෙන් පුලුවන් දේවල් අරගෙන දෙන්න කියලා. කිසිම බල කිරීමක් කලේ නෑ. කමිස කොලර් සයිසස්, සෙරෙප්පු සයිසස්, පොත් ප්‍රමාණ... ඔය වගේ...
ඉතින් පද්මක්කා මුදල් වැඩේ කරන ගමන් මල්ලිකක්කා අනිත් පැත්තෙන් සෙරෙප්පු වැඩේ ගැන බැලුවා. එයාට තියෙනවා ලොකු ලොකු කනෙක්ෂන්ස්.. ලාබෙට වැඩේ කරලා දුන්නා එක පයින්. මධුමතියත් ඉතින් අපේ බැසයන තාරකාවක්නේ... මතකනේ මෙයාව අර ඔබ යන්නේ බහුවචන කතාව.. ඉතින් මෙයාගෙත් හරි කනෙක්ෂන්ස්.. ඉතින් අපි කතා කර ගත්ත විදියට ළමයි කැමතියි කිව්වා කොත්තු කන්න. එ හින්දා අපි හිතුවා කොත්තු දෙන්න. මධුමතියගේ කනෙක්ෂන් හරහා මල්ලිකක්කා ඒ ගැන හොයා බලලා වැඩේ ගාණට සෙට් කලා. ඉතින් සල්ලි ඔක්කොම එකතු උනාට පස්සේ පොඩි බජෙට් එකක හදලා බඩු ගන්න ගත්තා. චානකයියයි පන්ඩුකයියයි අපේ ප්‍රවාහණ ඇමති කමට සෙට් උනා. කොටුව පීරලා සෙල්ලම් බඩු ගත්තා.
ක්‍රිකට් පිති 2යි
ටෙනිස් බෝල ටින් 2යි
ස්ටම්ප් කූරු 6යි
කැරම් බෝඩ් එකයි ඉත්තො සෙට් එකයි
දාම් බෝඩ් එකයි ඉත්තො සෙට් එකයි
කාඩ් පැක්, ඌනෝ පැක්
බෝඩ් ගේම්ස් ටිකක්
ටිං කැඩිල්ල නව උපකරණ සෙට් එකක්. (අපේ කාලේ නම් ඉතින් ටිං ටික තිබ්බා දුන්නා බෝලෙන්.)
පොඩි සෙල්ලම් කාර්
වොලි බෝලයයි නෙට් එකයි (මේ හා බැඳි නිලූකක්කගේ කතා ගොඩයි)
බැට්මිටන් රැකට් 4යි නෙට් එකයි
බේස් බෝල බැට්
තව පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකකුයි අරගෙන තිබ්බා. පෙට්ටි ගොඩාක් පිරෙන්න බඩු.
පිටු 120 CR පොත් 50ක්
පෑන් පෙට්ටි, පැන්සල් පෙට්ටි
කවකටු පෙට්ටි
පාට පැන්සල් පෙට්ටි
වොටර් කලර්ස් පෙට්ටි, පින්සල්
මේ වගේ ගොඩාක් ඉස්කෝලේ වැඩට උවමනා කරන දේවලුත් පෙට්ටි පිරෙන්න තිබ්බා.
සෙරෙප්පු කුට්ටම් 25යි සුදු අත් කොට කමිස 25යි ගන්න අමතක කලේ නෑ අපි. ඒ එක්කම කුඩ 12කුත් අරගෙන ගියා. හාල් සීනි වලින් නම් උන්ට කිසි ගතියක් නෑ ඒවා ගෙනිච්චට. ගෙනිච්ච බඩු මෙච්චරයි කියලා හරියටම ලැයිස්තු නැති උනත් පොඩි එවුන්ගේ මූණු පිරෙන්න බඩු තිබ්බා. අපි ගිහිල්ලා පොඩි ක්‍රිකට් මැච් එකකුතු ගැහුවා. ඒක නම් උඩිම්ම පරාදයි. පොඩි එවුන් ආසාවෙන් දින්නා. අපි දිනන්න දුන්නා ඇත්තටම. දිනන්න බැරිකම නෙමෙයි ඔන්න. එක පැත්තක වොලි බෝල් ගහනවා. තව පැත්තක බැට්මිටන් ගහනවා. මේ අස්සේ මහා වැස්සක් වැටුනා. අපි පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. ඒත් පොඩි එවුන්ට නම් කිසිම ගාණක් නෑ. වැස්ස කොල්ලන්ට තවත් ජොළියක් එකතු කලා. අපිත් ඔය වයසේදී ඔය වගේම වැස්සේ නාලා අම්බානක ගුටි කාල තියෙනවනේ. අනිවාර්යෙන් මුන්ටත් හම්බවෙයි හෙට වෙනකොට. ඒත් ඒ හෙටනේ කියලා පොඩ්ඩෝ ටික ආතල් ගත්තා. මහා වැස්සේ මහා යුද්දේ...
පස්සේ අපි ගෙන්නපු කොත්තු මාස්ටර් ඉස්සරලාම ආප්ප දාන්න ගත්තා. හැම ළමයටම බිත්තර ආප්ප දෙකයි. ඕනෑ තරම් ආප්පයි. මුලදී පොඩ්ඩෝ ටිකක් අදි මදි කලා එතනට සෙට් වෙන්න. ටික වෙලාවකින් ආප්ප ටික නම් සරස් ගාලා වාෂ්ප උනා. කොල්ලෝ ටික ආසාවෙන් ඒවා කාලා ගියා කෑම කාමරේට. කොත්තු ටිකත් සෙට් උනාට පස්සේ අපිට පිං දීලා කන්න ගත්තා. කොත්තු කාල ඉවර උනාම අයිස් ක්‍රීම් දුන්නා. අර වැස්සේ නටලා නටලා ඇවිල්ල කිසි ගේමක් නැතුවම අයිස් ක්‍රීම් කෑවා අපි වගේම. හෙට වෙනකොට තියෙයි හොඳට. ඊටත් පස්සේ පටන් ගත්තේ නත්තල් සීයාගේ සීන් එක. ඒ කියන්නේ ඉතුරු තෑගි බෙදන එක.
හප්පා.. ආසාවේ බෑ..
අයියේ මටත් එකක් දෙන්න.. අනේ මටත් එකක් දෙදෙන්න..
කිය කිය පොඩි එවුන් ඉල්ල ඉල්ල තෑගි ගත්තේ.. දුක හිතෙනවා වෙලාවක..අනේ පව් මට මගේ පොඩි එවුන් දෙන්නත් මතක් උනා..
පොඩි එවුන් හැම එකාටම තෑගි දෙන්න පුළුවන් වෙච්ච් එකනම් මාර පිනක්. පුදුම සතුටෙන් තෑගි තුරුළු කරගෙන හිටියේ. ලොකු පොඩි බේදයක් නෑ අපි කවුරුත් කැමතිනේ තෑගි වලට. මෙතැන විශේෂත්වය තමා නන්නාඳුනන කෙනෙක් දෙන තෑග්ග වීම.
ඉතින් ඔය වැඩ ටික ඉවර වෙලා අපි ආපහු එන්න සූදානම් උනා. පොඩි කට්ටිය ඔක්කොමලා දුන්න තෑසි වලට ස්තුති කලා. ආයෙත් එන්න කියලත් කිව්වා. ගොඩාක් රෑ වෙලත් තිබුණ හින්දා ආයෙත් දවසක යන අරමුණ ඇතිව එතැනින් අපි පිටත් උනා
මේ වැඩේ කර ගන්න අපේ ටීමයේ ඔක්කොමලා ගොඩාක් මහන්සි උනා. මං හිතන්නේ ඒක ටීම් එකේ තියෙන ස්පිරිට් එක වෙන්න ඕනෑ. යෝජනාව ගේනාපු වෙලාවේ ඉඳලා අන්තිම මොහොත වෙනකල්ම එකාවගේ එක අරමුණක ඉඳගෙන වැඩේ කර ගෙන යන්න තරම් එකමුතුකම තියෙන බව නම් කියන්න ඕනෑ. මේ අස්සේ පොඩි පොඩි මඩ පාරවල් ටිකකුත් නොගියාම නෙමෙයි පුරුදු විදියට. ඒක වෙන්නෙත් ෆිට් එක වැඩි කමටමයි. මේ ෆිට් එක හැමදා මෙහෙම තියාගන්න පුළුවන් නම් කොච්චර අගනේද?
ප ලි: තම තම නැණ පමණින් කරුණු විමසා කියවීම යහපති.
October 13, 2014
September 21, 2014
සිංහල භාෂාවේ පිලි
කා වා ඇලපිල්ල
කැ වැ කෙටි ඇදපිල්ල
කෑ වෑ දික් ඇදපිල්ල
කි වි කෙටි ඉස්පිල්ල
කී වී දික් ඉස්පිල්ල
කු කෙටි වක් පාපිල්ල
වු කෙටි කොන් පාපිල්ල
කූ දික් වක් පාපිල්ල
වූ දික් කොන් පාපිල්ල
කෘ වෘ කෙටි ගැටපිල්ල
කෲ වෲ දික් ගැටපිල්ල
කෙ වෙ කොම්බුව
කේ කොම්බුව හා උස්පිල්ල
වේ කොම්බුව හා උඩුපිල්ල
කෛ වෛ කොම්බු දෙක
කො වො කොම්බුව හා ඇලපිල්ල
කෝ වෝ කොම්බුව හා දික් ඇලපිල්ල
කෞ වෞ කොම්බුව හා හා ගයනුකිත්ත
August 17, 2014
හෙළුවෙන් වනන්නේ බලාගෙනයි
මේ පහුගිය දවසක මගේ යාළුවෙක් සෙට් උනා කාලෙකින්. ඉස්කෝලේ කාලේ ඉඳලා මගේ හෙණ ෆෙඬා. කොහෙදෝ ගිහින් එන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යන්න හිතුනලු. ඉතින් කාලෙකින් සෙට් වෙච්ච හින්දා පොඩි අඩියක් දාගෙනම අපි දෙන්නා රාත්‍රිය පහන් කෙරුවා. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගොඩාක් දේවල් වෙලා. මං කැම්පස් ගියා. ඌ මොකද්ද කෝස් එකක් කෙරුවා. ඊට පස්සේ තව කෝස් එකක් කෙරුවා. අන්තිමට මොන මගුලක් කෙරුවද දන්නේ නෑ ඒත් මෑන්ස්ට ජයයි කියලා මං දැනගෙන හිටියා.
ඉස්සර අපේ හිටියා පොඩි සෙට් එකක්, සෙට් උනාම හෙණ පඬිවරු වෙනවා. කාගේ හරි සිංදුවක් හරි, කියමනක් හරි අල්ලගෙන ඉතින් පතුරු ගහනවා. පතුරු ගහනවා කිව්වේ ඒකේ අරුත මොකක්ද, මෙහෙම කිව්වේ මොකද, ඇයි ඒක මෙහෙම නොකියන්නේ, මෙහෙම කිව්වනම් වඩාත් නිවැරදියි නේද වගේ ලොකු කතාවක්. අපි සිරාවට කතාව කරන්නේ. නෝ ජෝක්ස්.. දැන් නම් හිතෙනවා මොන තරම් අපි කෙප්ප ඇදබාලා තියෙනවද කියලා. හිනාත් යනවා... අපි දෙන්නා පදමට රත් වෙනකොට අපිටත් නොදැනීම ඒ අතීතයට අපි දෙන්නම ගිහිල්ලා ඉවරයි...
මචං උඹට මතකද පොල්පිත්තී?
මොකෝ බං ඒකි අමතක... මට තාම මතකයි ඒකි මට ගස්සපු හැටි. මම කිව්වා..
ඒ අර උඹ ලියපු නිසැඳස හින්දා නේද?
ඔව් ඔව්.. ඒකි කොහොමත් මාත් එක්ක වලිනේ බං
හැබැයි පස්සේ ඒකි පට්ට චාටර් උනා නේද? ඇසෙම්බ්ලියෙත් කිව්වනේ..
ඔව් බං. ඒකෙන් පස්සේ මගේ මූණවත් බලුවේ නෑ බං...
ඔහොම දිගටම අපි දෙන්න ඉස්කෝලේ කාලේ වෙච්ච අකරතැබ්බයක් මතක් කලා. කතාව කිව්වොත් මෙහෙමයි. අපි හිටියේ මැක්ස් පන්තියෙනේ. ඉතින් සයන්ස්කාරයෝ (අපි නං කිව්වේ සංස්කාරයෝ කියලා) එක්ක හැමදාම වලි. මැත සර්ලා මැක්සා. උගන්වන වෙලාවට සිරා, අනිත් වෙලාවට ෆන් එකේ ඉන්නවා. ඒකට බයෝ මැඩම්ලා.. හෆ්ෆා.. මතක් වෙනකොටත් මයිල්-කිලෝමීටර් ඔක්කොම කෙලින් වෙනවා. ඒකට හරියන්න බයෝ කාරයෝ ටික. අර මැඩම්ලා මොනවද කියන්නේ ඉස් මුදුනෙන් පිළි අරගෙන දුම් අල්ලාගෙන ඉන්නවා. ඉතින් හැමදාම අපේ වලිය. කෂේරුකාවක් නැති හෝමෝ සේපියන්ස් කියලා බයිට් එක පටන් ගන්නේ. මේ අතර පොල්පිත්තක් සේ කෙසඟ සිරුරක් ඇති හැමෝටම සැරදාන මැඩම් කෙනෙක් හිටියා. මට නම මතක නෑ. අපි ඔක්කොමලා කිව්වේ පොල්පිත්තී කියලා. එයා පින්සිපල්ගෙන් පටන් අරගෙන සික්කා දක්වා හැමෝටම දෙස් දෙවොල් තියෙනවා. කට ඇරියොත් ඉවරයි. අනේ මේ අතරේ හිටියා දෙවිවරු වගේ ටීචර්ලත්.
ඉතින් අපි ඔය අවකලණය, අනුකලණය වගේ වචන දාලා බයෝ කරන එවුන් බය කරනවා. අනේ උනුත් බය වෙනවනේ. ඉතින් අපේ තිබ්බා බොටනිකල් ගාර්ඩන් කියලා එකක්. ඒකේ තිබ්බා ටිකක් හැදිච්ච ගස් දෙක තුනක්. ඉස්කෝලේ ඇරුනාම අපේ මැත එකේ හිටිය සෙට් එක ඕවට නගිනව, සිංදු කියනවා පොඩි ෆන් එකක් ගන්නවා. බයෝ එකේ එවුන් එන්නේ නෑ පැත්ත පලාතේ බයිට් කරන හින්දා. දවසක් අපි මෙහෙම හවස ඉන්නකොට අරයා අවනේ. එයාට මල. නිකම්ම මල පැන්නා. අපිට බැනලා එලවන්න ගත්තා. අපි "පොත්පිත්තී වගේ රණ්ඩු කරන්නේ...." කියලා සිංදු කෑල්ලක් දාගෙන හිමීට මාරු උනා. මේක ඇහිච්ච අරයට තවත් මල. පහුවදාම එයාගේ සෙට් එක අරගෙන ඇවිල්ල අර ගස් ටික කප්ප්ලා දැම්මා. අපරාදේ.. අපිව කපන්න බැරි කමටට කොහෙදෝ ඒක කලේ.
මම ඒ කාලේ ඉඳලම නිසඳැස් ලියනවා. වෙනදා වගේම මං එකක් ලියලා දැම්මා බිත්ති පුවත් පතේ හැබයි මේ ගැන නෙමෙයි. මෙන්න දවස් දෙක තුනකට පස්සේ එකපාරම අංශභාර ආවා. මට නෙලාගෙන නෙලාගෙන ගියා. පන්තියම අන්දුන් කුන්දුන්... මං ගුටි කන ගමන් අහනවා ඇයි ගන්නේ කියලා. තෝ දන්නේ නෑ කිය කිය මට තලනවා.. මම දැක්කා අරයා ඉන්නවා පැත්තක, ඉතින් තේරුනා මේක එයාගේ ගේම් එකක් කියලා. පස්සේ මං ගිහින් පිංසිපල්ට විස්තරේ කිව්වා. මාත් එක්කම ගිහින් බැලුවා ඒ කියන නිසඳැස. අනේ බලලා කිව්වේ මෙන්න මෙච්චරයි.
"හෙළුවෙන් වනන්නේ බලාගෙනයි කොල්ලෝ."
පස්සේ මං කල්පනා කරලා බලනකොට තේරුනා මං ලියපු එක, එක් එක් කෙනාට තමන්ගේ කෝණයෙන් බලලා තොප්පි දාගන්න පුලුවන් බව. පොල්පිත්තී තොප්පිය දාගත්තා විතරක් නෙමෙයි, අංශභාරවත් කඩේ යවලා එයාටත් තොප්පිය දම්මවලා තමා මට ගැස්සෙව්වේ.
අනේ ඒ වෙලාවේ මට හිතුනේ ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයි කියලායි. ඒත් මේක අරුම පුදුම ලෝකයක් හින්දා එහෙම වෙන්නේ නෑ. ලියන්නා කිසේ ලීවත් කියවන්නා තමන්ට උවමනා පරිදි කියවා බලා වාසි ලබා ගන්නවා. විශේෂයෙන් වාණිජ ලෝකේ, තිබෙන තරඟය හරහා මේක මහත් සේ කැපී පෙනෙන්න තියෙනවා. තමන්ට රිසි දේ ලබා ගැනීමට නොහැකිනම් අන් අය එය ගැනීමෙන් වැලැක්වීම පිනිස මේ අකටයුතුකම් කෙරෙනවා. ඉතින් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා සමාජයක ඉහළ පෙල තාන්ත්‍රිකයින් කිසිවක් නොසොයා ඇසූ සැනින් ක්‍රියා නොකටයුතු කාලයක්. නැත්නම් මං වගේම ඔබට පහළින් මහත් පිරිසක් නොකල, නොසිතූ දේ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. මේ ගැන අපි දෙන්නා තවත් කතා කලා.
මේකයි මචං... ඒදා අංශභාර අරක ගැන හොයන්නෙත් නැතුව නෙලන්න ගත්තේ අපේ ඉතිහාසේ කේස්නේ. අපි බං කී සැරයක් එහා පැත්තේ පන්සලෙන් කුරුම්ඹා කඩලා මාට්ටුද?
ගුටිකෙලි කීයකට මාට්ටුද? අපේ සෙට් එක කොහොමත් විසේකාර එවුන් කියලා හංවඩු වැදිලනේ බං තිබ්බේ. අවස්ථාව ආවා. අපිට බඩු.
බලපං එදා පිනා උඹට කෙලියද? නෑනේ...
ඔන්න ඔය විදියට අපි දෙන්න ඒ කතාව සෑහෙන්න වෙලාවක් කතා කලා. මදුරුවෝ තල තලා, දුම් දාගෙන ඉන්නකොට මහ රෑ වෙලා. ඉතින් කුස්සියට ගිහින් තිබ්බ දෙයක් බෙදාගෙන ගිලබාලා සාලෙට වෙලා හිමීට නිදා ගත්තා, මොකෝ පොඩි එවුන් දෙන්නා ඇහැරුනොත් ඉතින් ඉවර තමානේ...
අන්තිමට නින්ද යනකොට මටත් හිතුනේ හෙලුව කොච්චර බලගතුද කියලා.

මී පැණි වර්ග:
කතන්දර,
දැනුම පොතට,
බිඟු නද,
විකාර,
විචාරය
July 28, 2014
ස්‌වප්නමය කල්පිත
මිථ්‍යා ගතික වූ
භාවාත්මක උත්කර්ෂණය සහිත
අත්‍යානන්දන සිතුම් වේද
අධිතාත්විකත්වීයෙන් විමසන්නේද
ඒ වත් බැඳි චිත්තරාග
නිර්මාපකයා සිතනුවත් නොතබාම
හුදෙක්
ස්‌වප්නමය කල්පිතයක
පදනමක් සේ
අටවා බිළාලයකුලා හෙරලි ඇට
ගාන්නාටියෙන් මෙරමාලවා
දසුන් වෙන්වාදී මනඃකල්පිත
ආත්මීය ලෝකයක ගිල්වන්නේය.
වියත්කැල නුවණින්
විමසාසිටිනුයෙන්
අනේකප්‍රකාර දෛව නියුක්තයන්
හුදෙක්
සකය සේ
අනෙකක්මතටම වන්නේය.
භාවාත්මක උත්කර්ෂණය සහිත
අත්‍යානන්දන සිතුම් වේද
අධිතාත්විකත්වීයෙන් විමසන්නේද
ඒ වත් බැඳි චිත්තරාග
නිර්මාපකයා සිතනුවත් නොතබාම
හුදෙක්
ස්‌වප්නමය කල්පිතයක
පදනමක් සේ
අටවා බිළාලයකුලා හෙරලි ඇට
ගාන්නාටියෙන් මෙරමාලවා
දසුන් වෙන්වාදී මනඃකල්පිත
ආත්මීය ලෝකයක ගිල්වන්නේය.
වියත්කැල නුවණින්
විමසාසිටිනුයෙන්
අනේකප්‍රකාර දෛව නියුක්තයන්
හුදෙක්
සකය සේ
අනෙකක්මතටම වන්නේය.
Subscribe to:
Posts (Atom)