September 14, 2012

ඔබ යන්නේ බහු වචනය කුමක්ද?


Image from Here
මෙම සිද්ධිය මා දන්නා එක්තරා මිතුරියකට සිදු වූවකි. ඇය පාසල් යන සමයේ සිංහල භාෂාව සඳහා ලකුණු 0ක් ලබාගෙන වාර්ථාවක්ද පිහිටවූ තැනැත්තියකි. තමන්ගේ ජාතියඩ සිංහලව තිබියදී පවා ලකුණු 0ක් ලබා ගැනීම තුළ කිසියම් සැඟවුණු සාහිත්‍යම රසාස්වාදයක් තිබේයැයි මා සිත් සන්තානයේ හටගත් කුකුස සංසිඳනු වස් සිදු වූ සංවාදයක අවසන් නිගමනයක් මෙසේ අකුරු කරන්නයට වීමි.

නමින් ඇය මධුමතී වූවාය. නමට සරිලන පරිදි මධුමතින් වෙරි නොවූවත් ඇගේ යම් යම් කටයුතු එසේ නොවූවාම නොවේ. ඒ කෙසේ වෙතත් ඇගේ සිංහල ගුරුවරිය නම් තරමක් සැරපරුෂ තැනැත්තියක් වූවාය. වහා කිපෙන සුළු වූ ඇය එක් දිනෙක වාර විභාගයේදී සියළු ළමුන් සඳහා වහා නියෝගයක් පැන වූවාය. එනම්:

අද ප්‍රශ්ණ පත්‍රයේ 10 වැනි ප්‍රශ්ණය වැරැද්දුවොත් ලකුණු 0යි. හොඳට කල්පනා කරලා ලියන්න. ඔන්න ආයෙත් කියන්නේ නෑ. තේරුණාද?...

මේ ආකාරයෙන් ඇගේ විධානය මුළු ශාලාව පුරා රැවු දෙන්නට විය. ඒ ගැන මොහොතක් නොසිතූ මධූ කිසිවක් නොසලකා පිළිතුරු ලියන්නට විය. පිළිතුරු ලිවීමෙන් පසුව බොහෝ සතුටෙන් පිළිතුරු පත්‍රය ගුරුතුමියට භාරදී යන්නට විය. වාරයේ ලකුණු නිකුත් කරන ලදී. අහා!!! පුදුමයකි. පසුව සිංහල සඳහා ලකුණු 0ක් ලැබීම ගැන ඇය ගුරුවරියගෙන් විමසූ කල්හි ඇයගේ පිළිතුරු  පත්‍රය ඇයට පෙන්වන්නට විය. එමෙන්ම එදා කියූ කතාවද මතක් කර දෙන්නය විය. එදා නම් ඇයට මධු පානය කරන්නට සිත් වන්නට ඇත.

එහි වූ ප්‍රශ්ණය නම් මෙයයි.

ඔබ යන්නේ බහු වචනය කුමක්ද?


ඔබේ පිළිතුර කුමක්ද?
ඔබත් ලකුණු 0වේ කෙනෙක්ද?



පිළිතුර : ඔබ 

24 comments:

  1. Pilithura: ඔබ
    Madumathiyage pilithura : ඔබla

    ReplyDelete
  2. විහිළුවෙන් විහිළුවෙන් හරි.. පුංචි පණිවුඩයක් දෙන්නේ.. අගෙයි.. පිළිතුර රසිනි පවසා ඇත..

    ReplyDelete
  3. එක කෙනෙක් ඔබලා කියලා කියනවා.

    ReplyDelete
  4. නුඹ නුඹලා වුනාට

    ඔබ ඔබලා වෙනවාද ?

    ReplyDelete
  5. menna meakath kiyawanna...

    http://www.silumina.lk/punkalasa/20120212/_art.asp?fn=ar1202128

    ReplyDelete
  6. මම දන්න විදිහට සිංහල භාෂාවේ 'ඔබලා' කියලා වචනයක් නැහැ.
    ඔබ කියන පදයේ බහුවචනයත් 'ඔබ' ම තමයි.

    ReplyDelete
  7. ස්විච් එක ඔබලා බලන්න වගේ එකක් ලියන්නෙ කොහොමද? ඔබලා කියල වචනයක් නැත්නම්.. මටත් 0 තමා.. හික්...

    ReplyDelete
  8. ඔබ යන සර්වනාම පදයට බහු වචනයක් නැත. ඔබලා කියන්නේ අත ඔබලා, කකුල ඔබලා, ඔලුව ඔබලා, වැනි ක්‍රියාවකට ගැලපෙන පදයකි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රියාවන්ට විතරද? වෙන එව්වා මෙව්වා ඔබනකොට මොකෑ කියන්නෙ??

      Delete
  9. කඩ්ඩෙන් youට බහු වචනෙත් you උන පලියට සිංහලෙත් එහෙමද බොලව්. තොපේ මුඛ තුලට කහබිළියා ඔබ්බවනු වටී.

    ReplyDelete
  10. "The" කියන එකේ තේරුම මොකක්ද...?

    ReplyDelete
  11. උත්තරේ දානවා ද? :D

    ReplyDelete
  12. මමත් 0ක් උත්තරේට දාගත්තා.. :D

    ReplyDelete
  13. මටත් 0 එහෙනම්..

    ReplyDelete
  14. ආපු ගමන් ටෙස්ට් එකක්...... හපොයි.. තව පොඩ්ඩෙන් ලොකු බිංදුවක් දාගෙන යන්න තිබුනා... යන්තම් මතක් උනා ඕකට බහු වචනයක් නෑ නේ කියලා... පුහ්.. දාඩියත් දැම්මා.....

    ඔබ කියන එකේ බහු වචනෙත් ඔබ ම තමා... හි හි

    ReplyDelete
  15. maraya thama para kiwwe.awith baluwama methanath prashnayak.
    ane onna api apahu yanawa ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!