April 15, 2010
කෙසෙල් ඉදවන්න - "ඇහැල" අතු දාන්න
අවුරුදු හින්දා මේ දවස්වල සයිබරයට ගොඩවෙන්න ටිකක් අමාරුයි. නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ එකී, මෙකී, නොකී අය එනවා යනවා. හරිම කාර්යය බහුලයි. මේ අස්සේ පොඩි පොඩි රහස් කිහිපකුත් කණට වැටුනා. එකක් කියන්නම්කෝ හදිස්සියෙන් හරි. අපි ඉස්සර කෙසෙල් ඉදවන්න කරන්නේ අවරි කපලා එක්කෝ මුට්ටියකට දාලා දුම් ගහනවා. ඒ දුම් ගැහිල්ලටනම් ගන්නේ රතිඤ්ඤා තමා. එහෙම නැත්නම් වලක් කපලා කෙසෙල් ඇවරි ඒකට දාලා ඇති වෙන්න දුම් ගහනවා. ආ කියන්න අමතක උනා. ඔය කෙහෙල් කැන කපන්න ඕනෑ විශේෂ කෙනෙක්. මොකද සමහරු අතින් කෙසෙල් කැන කැපුවාම ඉදෙන්නේ නෑ කියලා කියනවනේ.
ඒ මොකවුනත් මෙන්න තව විදියක්. මම මේක අද තමා ඉස්සරලාම ඇහුවේ. සමහරු නම් දන්නවත් ඇති දැනටමත්. දස්ස කොල්ලො කෙල්ලො ඉන්නවනේ....
කෙසෙල් කැන ඇවරි කපලා මුට්ටියකට දාලා "ඇහැල" අතු කිහිපයකුත් ඒකටම දාන්න. හැබැයි බලාගෙන. එක දවසකින් ඉදෙනවලු. දවස් දෙකක් තිබ්බොත් ඔන්න මම වග කියන්නේ නෑ ගෙඩි කඩාගෙන වැටුනට. රසේ අඩුවකුත් නෑලූ. මම නම් කරලා නෑ. අපි හෙට ඒක කරනවා. කියන්නම්කෝ මොකද උනේ කියලා. එහෙනම් දැන් ගියා.
සුභ (කෙසෙල්) අවුරුද්දක් වේවා!!!
April 13, 2010
April 8, 2010
ආච්චිගේ ජන්දය
අපේ ආච්චිට දැන් ගොඩාක් වයසයි. (මගේ නොව මගේ බිරිඳගේ ආච්චීය.) ඒ කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදීත් ඇය තම මනාපය නොහොත් ජන්දය භාවිතා කිරීමට තරම් මනා ශරීර ශක්තියකින් හෙබි වූවාය. එමෙන්ම ඇය ඒ වෙනුවෙන් මග බලා සිටියාය. ඇයගේ වයස නිසාම දැන් ඇයගේ ඇස් පෙනීම ගොඩාක් දුර්වලය. එනමුදු ඒ ගැන නොතකා ඇය ජන්ද පොළට ගියාය. මෙහිදී ඇයට මහත් කරදරයක් විය.
ඇය කැමත්ත පල කිරීමට සිටියේ "ඇඳට" යයි කියමු. ජන්ද පොළේ මෙවැනි අසරණ අය වෙනුවෙන් ජන්දය ලකුණු කිරීමට වෙනමම නිළධාරීන් නම් කර ඇත. ඔවුන්ගේ කාර්යය වනුයේ අදාලා පුද්ගලයා කැමති පරිදි කතිරය ගසා ජන්දය ලකුණු කර දීමය. නමුත් මේ අතර එක නිළධාරිණියක් යම් යම් නිසි නොවන ක්‍රියාවන් කරමින් සිටින්නට විය. ඇය සහාය දැක්වූයේ "ගෙම්බා" ට යැයි කියමු. ඇය කළේ මෙවන් අසරණ අයගේ ජන්දය ගෙම්බා ලකුණ ඉදිරියේ හොරෙන් ලකුණු කිරීමය. මේ ගැන කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින් කිරීමට තරම් ඇය දක්ෂ වූවාය.
අපේ ආච්චී ජන්ද පොළේදී අර කී කාන්තාවට මෙසේ කියන්නට විය.
අනේ ළමයෝ... මෙන්න මේක ඇඳට ගහලා දෙන්නකෝ....
හරි හරි...
කියමින් ඇය ගෙම්බාට ඉදිරියෙන් කතිරය ගැසුවාය. ඇය ගැන සැක සිතුනු ආච්චී වහාම පත්‍රය අතට ගෙන දෑස් ළං කර බැලුවාය.
"මේ ගෙම්බාටනේ ගහලා තියෙන්නේ ළමයෝ... මම කිව්වේ ඇඳ කියලනේ..."
කියමින් උච්ච සංඛ්‍යාත නගන්නට විය. මේ පිළිබඳ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරුන අතර ආච්චී ඇඳටද කතිරය ගස්සවා ගෙදර ආවාය.
ඔන්න ඔහොමයි මේ පාර අපේ ආච්චී ඇයේ මනාපය ලකුණු කළේ...

April 6, 2010
කහ මල් වැල්
මෙම පිංතූරද පසුගිය සෙනසුරාදා (03-අප්‍රේල්)
නාරම්මල නගර ආසන්නයේදී මා විසින් ගන්නා ලද ඒවාය.
එතන තිබුණු විදුලි රැහැන් මගහැර පිංතූරයක් ගැනීමට අවශ්‍ය
වුවද එය කිරීමට නොහැකි වුනා.
මේ පැපරාසි වැඩේට ගිහින් දවසක මොනවාහරි වෙයිද දන්නේ නෑ.
මේ මල් දැක්කාම මට මතක් වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ "ගෙම්බා" කැන්ටිම අසල තිබුණු මල් වැල් ටිකමයි.
මුළු ගහම කහ පාටයි...
හරිම ලස්සනයි...
මේකේ නම දන්නවද කවුරු හරි?

Subscribe to:
Posts (Atom)