January 22, 2011

රන් පිහියෙන් ඇන ගතිමි

මට මතකයි අපේ තාත්තා කියනවා මේ රන් පිහිය ගැන කොච්චරවත්. අද කාලේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ඒත් ඒක පිහියක්. ඇන්නොත් ඇනෙනවා. පිහිය රනින් උනත් මලේ, වැදුනොතින් කැපෙයි මලේ කියලා කියමනකුත් තියෙනවනේ. තාත්තා දැකලා තියෙනවලු ගොඩාක් මිනිස්සු මේ පිහිය පාවිච්චි කරන්න දන්නේ නැති කම හින්දා විනාස වෙනවා. නමුත් ඒක හරියට පාවිච්චි කරන අයත් ඉන්නවාලු.

මේ මොන රන් පිහියක්ද? වෙන මොකවත් නෙමෙයි. කෙඩිට් කාඩ්ස්.... මම මුලින්ම මෙහෙම එකක් ගන්න හදනකොට තාත්තා ඔය කතාව කියලා දුන්නා.

හරි තැනදී විතරක්, ඕනැ තැනදී විතරක් මේක පාවිච්චි කරපං. මේක හරියට රං පිහියක් වගෙයි. රන් හින්දා වටිනාකම නම් හරිම අගෙයි. මොකද සමහර වෙලාවකට මේක හින්දා ඔලුවයි, තත්වෙයි බේරාගෙන එන්න පුලුවන්. ඒත් හරියට පාවිච්චි නොකලොත් උඹේ ඔලුවත් නැ. තත්වෙත් නැ. ඒක ඔලුවේ තියාගෙන ඕක ගත්තට කමක් නැ.....

මෙහෙම තෙලක් බෙදපු හින්දම මම දෙපාරක්ම හිතලා ඕක ගත්තනේ. ඉතින් මාස කිහිපයක් පරිස්සමට වගේ පාවිච්චි කලා. මොකද මාසේ අන්තිමට පඩිය එනවා. ඒකෙන් මේකේ ණය ගෙවලා දානවා. ඉතින් දැන් මේක හුරුපුරුදු හින්දා මම බැංකුවේ සල්ලි තියෙද්දිම ඒකට යන්න තියෙන කම්මැලි කමට, මේක පාවිච්චි කලා. පස්සේ හිමීට ඒකෙන් ගෙවන්න පුලුවන්නේ කියලා හිතාගෙන. ඔන්න ඔතනින් තමා වැඩේ අල වෙන්න ගත්තේ.

ඉතින් කාලයක් යනකොට පඩිය ගත්ත ගමන් මේ කෙහෙම්මලට ගෙවන්න උනා ඔක්කොම වගේ. ඒත් ඉතින් මන් දන්නවනේ ලබන මාසෙත් ආයේ පඩිය එනවා කියලා. ඒ හින්දා ආයෙත් ඔන්න කාඩ් එකෙන් බඩු ගන්නවා. තෙල් ගහනවා. කිසිම ගාණක් නැ. ඔන්න දැන් දැන් පිහිය මගේ ඇඟේ අනීගෙන යනවා කියලා දැනෙන්න ගත්තා. ඒත් ඒක ගලවන්න බැ වගේ උනා. මොකද මම අනිවාර්යෙන් කරන්න තියෙන වියදම් කරන්න ඕනැනේ. ඒවා කරන්න වෙන විදියකුත් නැ.

මේකේ ලොකුම වැරැද්ද උනේ මට මේ ප්‍රශ්ණය මතක් වෙන්නේ පඩිය හම්බ වෙන දවසට වීමයි. එන්න එන්නම පිහිය මගේ ඇඟ ඇතුලටම යන්න උනා. අන්තිමේදී මට අපේ තාත්තව සිහි උනා. මම ගිහින් විස්තරේ කිව්වා. අනේ යන්තම් තාත්තා පිහිය ඇදලා ගත්තා. තත්තා කෝකටත් සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. දන්නවනේ පුතාගේ හැටි. නැත්නම් මට වෙන්න අර තාත්තා කලින් කියපු කතාවමයි.


පිහියක්මැයි රනින් කල
දිදුලයි බබළයි
දෙනෙත් අන්ධම කරවයි
සහකරුවෙක්මැයි සිතෙයි
සිත මුලාවට දමයි
ජීවනබර ඔහුගේමැයි කියයි
සැහැල්ලුවෙන්ම ඉන්න කියයි
අරපරිස්සම අමතකම කරවයි
හිමින් හිමින් ගිලා බසියි
සිදුරු කරයි
පාරවයි
අගාධයේම හෙලයි
පාප මිතුරෙක්මැයි සිතෙයි
නමුත් මිදෙන්නට නොහැකිම වෙයි

අනේ අහෝ...
රන් පිහියෙන් ඇන ගත්තෙක්ම වෙයි...

28 comments:

  1. හික්ස්..... :D
    ඔන්න ඔහේ ඈනෙන් ඈරපං අයියේ........... :P

    ReplyDelete
  2. මාත් ඔය රන් පිහියෙන් ඇනගෙන ඉන්න හන්දා මුකුත් කියන්න හැටියක් නැහැ...

    ReplyDelete
  3. කතාව නම් සහතික ඇත්ත තමයි. වැරදියට පාවිච්චි කළොත් ආයි ඇපත් නෑ.

    ReplyDelete
  4. අපේ පලාත ඔය පිහිය පාවිච්චි කරන්න තරම් දියුනු නෑ අන්න ඒක නිසා මම තවම ඔය පිහියක් මිලදී ගත්තේ නෑ ..

    ජය වේවා !!

    ReplyDelete
  5. @සෝරෝ
    ඒ කිව්වේ මලයෝ. හරියට වැටුනේ නැනේ

    @sansarasidu ,
    එල කිරි. තව එකෙක් සෙට් උනා.

    @හුටපටයා
    උඹ පරිස්සමින් වගේ.. හා කිසිම හුටපටයක් නැ...

    @හිස් අහස,
    අනේ පරිස්සමින් මචෝ...

    ReplyDelete
  6. මටත් ඉතිං තාම ඔය රං පිහියක් පාවිච්චි කරන්න වත්කමක් නෑ නොවැ. තියෙන කාලෙකට දෙපාරක් හිතන්ට නං වෙයි වගේ.

    ReplyDelete
  7. ඩෙබිට් කාඩ් වල ඔය ප්‍රශ්නේ නෑ නේද ?

    ReplyDelete
  8. කාලෙකට පස්ෂේ මේ පැත්තට සේන්දූනේ :) ඉතින් කෝමැය් බිඟු අයියාz............
    සිලා කතාව අෆ්ෆා. මම ඔය පිහිය ගන්න අදහස ගිය අවුරුද්දෙම අතැරගත්තා. මාත් ඔයවගේම කතාටිකක් අහගත්තා නොවැ :)
    ( අම්මගෙන් ෆටන්ගත්තම හැමෝමවගේ කිව්වා ;)

    ReplyDelete
  9. බිගුවා ඔයා මගේ ඇතුලු මම දන්න කියන සියළුම බ්ලොග් ආරම්භයේදීම ලුහුබඳින්නෙක් වෙලා (member) අපි හැමොටම ධෛර්යක් වෙන කෙනෙක් බොහොම ස්තූති එකට..අදටත් කවුරු හරි බොහො වෙලාවට බ්ලොග් එකක් ඇරඹුවොත් එකෙ මුල් සමාජිකයො ගොඩෙ බිගුව ඉන්නව..ඒත් මට අද බොහොම කණගාටුයි,..මේ දැන් අද වෙනකං මට බිගුවා ගේ මේ බ්ලොග් එක මග ඇරිල තිබිල..අහම්බෙන් ගොඩ වැදිල දැන ගත්තෙ..අද සිටන් හැමදාම මම එනව මේ රසවත් ලිපි කියවන්න..ස්තූතියි බිගු

    ReplyDelete
  10. //....................... ආරම්භයේදීම ලුහුබඳින්නෙක් වෙලා (member) අපි හැමොටම ධෛර්යක් වෙන කෙනෙක් බොහොම ස්තූති එකට..අදටත් කවුරු හරි බොහො වෙලාවට බ්ලොග් එකක් ඇරඹුවොත් එකෙ මුල් සමාජිකයො ගොඩෙ බිගුව ඉන්නව..ඒත් මට අද බොහොම කණගාටුයි,..මේ දැන් අද වෙනකං............................//

    පැන්da කියලා තියෙන්නේ ඇත්තමයි බිගුවා හැම තැනම ඉන්නවා

    ReplyDelete
  11. @කිරිපුතා,
    එහෙනම් මේ ලිපිය bookmark කරලා තියාගන්න වෙයි.

    @Shenya de Silva,
    හික්ස්. ඒක ඇත්ත. ඒත් මගේ එකේ සල්ලි නැනේ ගන්න.

    @ජේ.ඩී,
    ඒකනේ. කාලෙකින්. ඒ කිව්වට මම දැන් එච්චර සක්‍රිය නැ බ්ලොග්වල.

    @පැන්da,
    ආ ඒකට කාරි නැ. පුලුවන් වෙලාවක කාටත් උදව් පදව් කරගෙන ඉන්නයි තියෙන්නේ

    ReplyDelete
  12. කියලා වැඩක් නෑ මචං සහතික ඇත්ත!!! ඕවයින් එකක් නෙවේ කීපයක්ම ඇනිල තිබිල ගලවලා දැම්ම, දැන්නම් පරිස්සමින් පාවිච්චිය...

    ReplyDelete
  13. @විකී,
    ඒක හරි මචන්. ඉස්සරම කාලේ මේ ෆ්ලොවර්ස්ල තියා කොමෙන්ටුවක්වත් තියා සිංහල බ්ලොග් එකක් හොයාගන්න නැ. කියන්න සතුටුයි දැන් කාලේ අපෙ අය ලියනවා හිටු කියලා. මට ලියන්න නෙම්යි කියවන්නවත් වෙලාවක් නැ. :)

    ReplyDelete
  14. @GeethakaJ,
    අහා ඔය ඉන්නේ පට්ට එක්ස්පීරියන්ස් තියෙන අය. මේක හෙන ඇණයක් බන්.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. රන් පිහි භාවිතයක් නැත. තාත්තාට ඒ ගැන මෙලෝ පැහැ දීමක් නැත. බලන් ගියාම ඒක හොඳයිනේ...... :D

    සුපුරුදු පණිවිඩේ කියන්න......

    අර කතාවනම් සහතික ඇත්ත. හා පැටික්කිව මුලින්ම පන්නපු අය අතරෙත් බිඟු අයියා ඉන්නවා. අනිත් කෙනා දුකා අයියා. ඒත් එහෙමයි මං හිතන්නේ....... :D :D :D :D

    ReplyDelete
  17. @Nadun,
    ඒක ගැන හිතන්න එපා. :)

    @හා පැටික්කි (MS),
    අනිවා ඔයාගේ පණිවිඩේ කියන්නම්...
    මට දැන් කාලවේලා හරිම අඩුයි. ඒකයි කොමෙන්ටුවක්වත් දාන්න එන්න වෙලා නැත්තේ...

    ReplyDelete
  18. මමත් ඔය රත්තරන් පිහි එකකින් නෙමෙයි හතරකින් විතර ඇනගෙන තුනකින් ගොඩ ගිහින් අනිත් එකේ තුවාල වලින් ගොඩ යමින් ඉන්නේ . . හික්ස්

    ReplyDelete
  19. අපෝ අපිගාවනං ඔය පිහි නෑ...

    ReplyDelete
  20. මේ අර පිහියක් ඇන්න උඩ ඉන්න එකී කවුද ? හිකි හිකි..

    ReplyDelete
  21. @දුකා,
    එහෙනම් මරු මචන්.. උඹ ඉතින් දස්සනයනේ

    @Praසන්ன
    අනේ ගන්නත් එපා. ගත්තොත් ඉවරයි..

    @පැන්da
    ඒ ඉන්නේ බැංකුවේ මැනේජර් එකී මිස වෙන මොකීද හා ?

    ReplyDelete
  22. "එහෙනම් මරු" කිව්වේ රත්තරන් පිහියෙන් ඇන ගත්තු එකටද??

    උත්තරේ ඔව් නම් "තෝව කොටියම කාපිය"

    හික් හික් හික්

    ReplyDelete
  23. @දුකා,
    ඔව් ඔව්.. ඉතින් වෙන මක්කෙටයි!!!
    හික්ස්...
    හිකැස්...

    ReplyDelete
  24. අර කිව්වත් වගේ බිගුවා ඒ දවස්වල අපිට මොන තරං හයියක් දුන්න කෙනෙක්ද..?
    අනේ ඉතිං ඔය මලකඩ කටු වගේද බං රත්තරන් නේ..ඇනුනත් ඉවසං ඉඳහං...

    ReplyDelete
  25. මටත් නම් තියනවා. ඒත් මමනම් පාවිච්චි කරන්නේ බැරිම වෙලාවක විතරයි. පුරුදු විදියට සල්ලි අතේ තියන් වියදම් කරන එක කෝකටත් හොඳයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  26. මට නම් කම්මැලිකම හින්දමයි බං කෙළවෙන්නේ. ඒ මදිවට අමතකවෙලා ලේට් චාජස් වදිනකම්ම දන්නෙත් නෑ.

    ඒක නෙමේ. තව දවස් 2 යි පඩියට. හි හී..
    බෙදල බෙදල දාන්නයි තියෙන්නේ.

    ReplyDelete
  27. අපෙ අම්මො කියන්නෙ නෙ නම් ඉඩම් නඩුවක් තමයි.අත්මෙකට මන් නම් ගන්නෙ නැ නැ මයි.


    ඔන්න ඔහෙ මගෙ එක පැත්තෙත් අවිත් යන්න.
    www.pinthura.info

    ReplyDelete
  28. ඇත්ත..අපට වරදින හැම වෙලාවකම මෙහෙම බේරගන්න කවුරුහරි ඉන්නවනම්..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!