October 15, 2010

අපේ ගෙදර - 3

ඔන්න දැන් අත්තිවාරමේ වැඩේ නැගලා යනවා. පස් කැපිල්ල ඉවරයි. දැන් තියෙන්නේ කොනක ඉඳලා හිටු කියලා අත්තිවාරම බඳින එකයි. එක උපදේශයක් දෙන්නම්. ගෙයක වැඩ පටන් ගන්න කලියෙන් බඩු නම් ලෑස්ති කර ගන්න වෙනවා. දන්නවනේ බාස් මාමාලගේ වැඩ. එයාලා කවමදාවත් කලින් කියන්නේ නෑ.

මේක ඕනෑ වෙනවා.
අරක ඕනෑ වෙනව කියලා. වැඩේ කරන්න ගිහින් වැඩේ හිරවෙනකොට කියනවා 
මේ අරක තිබ්බ නම් තමා හරි.
මේක නැතුවම බෑ.....

දාහක් දේවල්. ඔන්න ප්ලෑන් එකේ තිබ්බ විදියට මම් බඩු එකතු කරන්න ගත්තා. ආ තව එකක්. එක පාරම ගිහින් හාර්ඩ්වෙයාර්වලින් බඩු නම් ගන්න එපා. ඉස්සරලාම යන්න ප්ලයිට් ටුවර් එකක්. ගිහිල්ලා ඉල්ලන්න කොටේෂන්. තව එකක්. ඔය හාඩ්වෙයාර් බුවාලා ලේසි අයනම් නෙමෙයි. එයාලා මුලදී බිස්නස් එක අල්ලාගන්න අඩුවෙන් ගනන් කියනවා. ඒ කියන්නේ අපිට ගෙයක් හදනකොට ඉස්සරලාම ඕනෑ වෙන්නේ සිමෙන්ති, කලු ගල් හා වැලිනේ. ඉතින් මෙයාලා මේවා ටිකක් අඩුවෙන් දෙන්න බලනවා. පස්සේ හිමීට කම්බි, ඇණ, තීන්ත, පොටි වගේ දේවලින් ගේම දෙනවා. පරිස්සමින් ඔන්න. මම නොකිව්වයි කියන්නෙපා හරියැ...


මමත් සුපුරුදු විදියට ගිහිල්ලා හාර්ඩ්වෙයාර් කිහිපයකින්ම කෝටේෂන් ඉල්ලුවා. ගෙදර ඇවිල්ලා ඔක්කොම පිළිවෙලකට තියලා සංසන්දනය කරලා බැලුවා. සමහර කඩවල වැලි රුපිල 100ක් වැඩියි. තව ඒවාගේ සිමෙන්ති රුපියල් 5ක් වැඩියි. ඉතින් මමයි රැජිණයි එකතුවෙලා සාකච්ඡා කරලා කරලා කරලා... ආයෙත් කරලා එක කඩයක් තෝරා ගත්තා. ඔයාලට කියන්න තව කාරණයක්. 

මේක පස්සේ වෙලාවක පත්තු  වුනේ. මම අර කිව්ව එක කඩයක වැලි ගනන් ඇහුවාම කිව්වේ මම බඩු ගන්න තීරණය කරපු කඩේ ගානට වැඩියෙන් රුපියල් 50ක් අඩුවෙන්. ඒත ගන්න ගියාම පැටවුම් කුළිය කියලා රුපියල් 100ක් එකතු කරාපි. දැක්ක නේද මුන්ගේ තියෙන කපටිකම. ඒක හින්දා ඔන්න ආයෙත් පරිස්සමින්. මිළ ගණන් අහනකොට අහන්න ඕනෑ ගෙනල්ලා බාන්නම ගාණ කීයද කියලා. නැත්නම් ඉතින් හිමීට අපිට තට්ටු වෙනවා. මම මේ කතාව දැන්ගෙන හිටියේ නෑ. ඒත් මගේ වාසනාවට අර කඩේ මිළ කියලා තිබ්බේ ගෙනල්ලා බාන්නත් එක්කමයි. 

මේ ගැන කියනකොට තව එකක් කියන්න ඕනෑ. ඔය කඩවල තියෙන ලොරි ගැන. මුදලාලි කියන්නේ කියුබ් 1 1/2 ලොරිය කියලා. නැත්නම් කියුබ් 4 ලොරිය. බලපුවාම ඇත්තටම තියෙන්නේ කියුබ් 1 1/4යි. නැත්නම් කියුබ් 3 1/2යි. ඉතින් ඒකත් හිතට ගන්න. මේ වගේ එක එක ගැට තියෙනවා. (මට ඉගෙන ගන්න පුලුවන් වෙච්ච,ගොඩ දාගත්ත වගේම අහු වෙච්ච ඒවාත් ඔයාලත් එක්ක මෙහෙම කියන්නම්කෝ මේ කියන ගමන්.)


අර කලින් කිව්ව පයිලට් ගමනින් පස්සේ ඉතින් මමත් බඩු ටික ටික ලෑස්ති කර ගත්තා. ඔන්න ඉස්සරලාම කළු ගල්. මේවට කියන්නේ හයේ හතරේ කියලා. අත්තිවාරමේ පතුලට මේවා තමා දාන්නේ. ඊළඟට වැලි. වැලි කිව්වා ජාති දෙකයි. ගඟේ වැලියි මූදු වැලියි. මම නම් තෝරා ගත්තේ ගඟේ වැලි. ගාන නම් වැඩියි ටිකක්. මට ෂුවර් එකක් තිබ්බේ නෑ ඔය මූදු වැලි ගැන. ඉතින් හිතේ කොස්සක් තියාගන්න ඕනෑ නැති හින්දා මම එහෙම කරා.

ඒක හරිම වැදගත්. ගෙවල් හදනකොට  ඔය පොඩි පොඩි සැක සංකා නම් තියා ගන්න එපා. අන්තිමට ඕවා කැරකිලා එනවා. හදා ගන්නත් බෑ.... විඳව විඳවා ඉන්න තමා වෙන්නේ.

ඊළඟට  සිමෙන්ති. මෙතනදි නම් බාස්ගෙන් අහන්න වෙනවා මොන ජාතියද ඕනෑ කියලා. නැත්නම් ගෙනාවම කියනවාඅර ජාතිය තමා හරියන්නේ. වැඩේ හරියට යන්නේ නෑ. යාදෙන්නේ නෑ. වේලෙන්න වෙලා යනවා. පාට හරිනෑ... දාහක් දෙවල් කිය කිය වැඩේට බනිනවා. ඒක හින්දා බාස්ට බෝලේ පාස් කරන්න අමතක කරන්න එපා. ඒත් බලාගෙන පරිස්සමින්. දන්නවනේ .. එයලා බාස්ලා.... මොකද කොන්ක්‍රීට් වැඩ වලට ටොකියෝ සිමෙන්ති, අනිත් වැඩට සංස්ථා කියලා තමයි ප්‍රසිද්ධිය. දැන් මෙටල්. ඒවට කියන්නේ 3/4 කියලා. ඔන්න ඔය විදියට අත්තිවාරම කපලා ඉවර වෙනකොට බඩු ටිකත් හිමීට ලෑස්ති කර ගත්තා. දැන් හරි.

එහෙනම් බලමු ඊළඟට කරන්නේ කියලා...

13 comments:

  1. උපං දා ඉදන් දකින්නෙ ගෙවල් හදන එක...මට නම් දැන් ඕවා තිත්ත වෙලා :D

    ඔය ගැට ගැන නම් හරියටම හරි... අපිනම් අපේ ලොරියෙන්ම වැලි හේම ගෙනවා :D

    ReplyDelete
  2. මාත් ගෙයක් හදන කාලෙ වෙනකන් මේ පෝස්ට් එක Bookmark කරල තියාගන්න ඕනෙ :D

    ReplyDelete
  3. මට නැහැනෙ ඔය පුස්න..
    සිහින මාළිගා වලට වැලිත් නැත..ගලුත් නැත...

    ReplyDelete
  4. Apo mamath oya katta kewa. Bas lai hard ware mudalalilai okkoma ekai. eka dawasak balanna beri una nisa wechcha edayak thaama thiyanawa hadannath be.

    ReplyDelete
  5. ඔය වගේම තමයි වැඩේ පටන්ගත්තට පස්සෙත් බාස් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන. නැත්තං බඩුම තමයි.

    ReplyDelete
  6. ගෙවල් හැදිල්ලත් ලේසි නැහැ. ගෙයක් තියෙන කෙනෙක් හොයා ගත්තා නම් ගොඩම තමා :)

    ReplyDelete
  7. පොඩි ඌන පූරණයක් කරන්නම්කො .ඔය කියුබ් 1.25 කියන ටිපර් එක මැනලා ගත්තොත් හුඟක් වෙලාවට තියෙන්නේ කියුබ් 1.15.පුලුවන්නම් වැලි ගෙනාවම මැනලා බලන්න.හයේ හතරේ නැත්නම් හයේ නවයේ ගල් කියුබ් එකක් ගනිද්දී කියුබ් එකමනම් හම්බවෙන්නෙම නෑ.ඕක ලොරියට පටවන්නේ යටින් බෝක්කු තියල.ඒ කියන්නේ ලොකු හිඩැස් ඇතිවෙන විදියට තමයි ලොරියේ පතුලේදී ගල් අඩුක් කරන්නේ.ගල් පටවනකොට ගිහින් බැලුවොත් පොඩ්ඩක් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.මූදු වැලි අවුලක් නෑ.ඕකේ තියන ලවණ ගතිය හේදෙනකම් වැස්සට එහෙම තෙමෙන්න තියල ඕව විකුනන්නේ.ඕනේ වැඩකට බඩු ෂුවර්.ඔන්න ආණ්ඩුවෙන්ම ඕව විකුණන යාඩ් එකක් තියනවා වත්තල පැත්තට වෙන්න.එතන අඩුවට ගන්න පුළුවන්.

    ReplyDelete
  8. අපිට ගෙට ගෙවදිල්ල කියන්නකො අපි එඤ්ඤං

    ReplyDelete
  9. එළ එළ අයියා ජයවෙවා ඔහොමයං...

    ReplyDelete
  10. හප්පා.... දුෂ්කර ක්‍රියා කරනව වගේ අමාරු වැඩක්නේ....

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හ්ම්....ගෙවල් හදන්න යන කස්ටියට නම් මේ ලිපි ටික ගොඩාක් වටිනවා...
    අපිත් ඉතින් මෙහෙම හිටියට MBBS course එක ඉහලින් ම පාස්කරලා ඉන්නේ....
    ජයවේවා

    ReplyDelete
  13. මේසන් බාස්ට බදාම සප්ලයිද?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!