September 29, 2010

ඔබත් දැන සිටියාද?



ගොඩක් වෙලාවට අපිට සිද්ද වෙන අතපසුවීමක් ගැන තමයි අද ලියන්නේ. ගොඩාක් අය දන්නවත් ඇති. නමුත් ලියන්න ඕනෑ කියලා හිතුනා. මෙන්න මේකයි කතාව. අපිට ඔය ඉන්න ඉන්නකොට හැදෙන වාත අමාරු, මස් පෙරලීම් වගේ දෙවලදී අපි කරන්නේ කඩෙට නැත්නම් ෆාමසියකට ගිහින් මොකක් හරි ටියුබ් එකක් ගෙනල්ලා ගානවා. ඉතින් අපි ඔය ටියුබ් එක ගෙනාවහම ඒක සීල් කරලනේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි මොකක් හරි හොයනවා ඒක හිල් කරන්න. ගොඩාක් වෙලාවට හැට්ටකටු, ආය කටු කොන්ඩ කටු නැත්නම් කවකටු වගේ එකකින් අනිනවා. ඒකේ තියෙන විෂබීජ ඉස්සරලාම ඇතුලට දානවා. දැන් ඉතින් ගානවා හිටු කියලා. වෙලාවට ඔය ගොඩාක් බෙහෙත් ගාන්න පුලුවන් බාහිර විතරයි. ඒකේ ගහලා තියෙනවානේ බාහිර ආලේපනයට පමණයි කියලා. නැත්නම් අපේ අයියලා දෙයි හැමතැනටම.....

ඉතින් මම අද කියන්න හැදුවේ මේ ටියුබ් එක මූඩිය ගැන. ඒක හදලා තියෙන්නේ ඔය හිල් කරන වැඩේට. දැකලා නම් ඇති දාස් වාරයක්. නමුත් භාවිතා කරලා නැතුව වෙන්න පුලුවන්. මම මේ ළඟකදීත් අපේ නැන්දා කෙනෙක්ට කියලා දුන්නා මූඩියෙන් හිල් කර ගන්න හැටි. ඔන්න ඔය තියෙන පින්තූරේ තියෙන විදියට මූඩිය යොදාගෙන හිල් කරන්න පුලුවන් දැන් ඕන එහෙනම්. හැබැයි එකක්. මේකෙන් හැදෙන හිල නම් ටිකක් ලොකු එකක්. ඒක හින්දා පරිස්සමින් අනින්නේ හරිද? ඕන් මන් නොකිව්වයි කියන්නෙපා හිල ලොකු කරගෙන එහෙම. හා එහෙනම් පරිස්සමින් මූඩිය යොදාගෙන ටියුබ් එකේ හිල හදාගෙන පාවිච්චි කරන්න. එහෙනම් අදට ගියා.


18 comments:

  1. මාත් ඕක දැනගෙන නොහිටපු කාලේ මාර කට්ටක් කෑව. හැබැයි ඕකෙන් හිල් කරද්දි පරිස්සමින් කරන්න ඕනේ පොඩ්ඩ එහා මෙහා උන ගමන් ලොකු හිලක් හැදෙනවා :-D

    ReplyDelete
  2. මල්ලි බෙහෙත් අල්ලන්ට කලින්, නිය පොතු වල කුණු සුද්ද කල නම් තම වැදගත්.

    ReplyDelete
  3. ඕකෙත් විෂබීජ ඇති....

    ReplyDelete
  4. මම මේක හිල් කලේ නෑ. පින්තූරේ ගන්න විතරයි මෙහෙම අල්ලගෙන හිටියේ. හී හී...

    ReplyDelete
  5. තේරුනේ දැන් තමයි

    ReplyDelete
  6. අප්පට සිරි ගජ කිව්වලු...
    ඒකත් එහෙමද එහෙනම්...
    අද තමා මේක දන්නේ

    ReplyDelete
  7. මට තිබ්බ ප්‍රශ්නෙ නං ගෙදර කට්ටක් හොයන එක... එහින්දා අපි නං මූඩියෙන් ගොඩ ගියා :)

    ReplyDelete
  8. අර කිව්වත් වගේ නියපොතු ටික නම් අන්තිමයි........ :P

    මමත් අම්මට කටුවක් හොයන්න නැති නිසා තමා මුලින්ම ඕක භාවිතා කලේ..... :D

    ReplyDelete
  9. හ්ම්...කස්ටිය ම දැණුවත්කළාට ස්තූතියි...!!!
    කියවද්දි ටිකක් හිනා ගියා..ඒකත් හොඳයි නිකංම අදහස ලියනවට වඩා...
    ජයවේවා!!!

    ReplyDelete
  10. මල්ලි,
    අගෙයි මේ විදිහෙන් බෙදා ගැනිල්ල.

    අර නියපොතු වල කුණු පෙන්නපු කමෙන්ටිස් දැක්කම හිතුණා ඉතින් "වැඩ කාරයට බොරු බෑ නේද" කියලා.

    ඹයාට කියන්න තිබුණේ මේ බේත් ටියුබ් එක නියපොතු වල කුණු ඉචත් කරන බේතක් කියලා...

    -ලොකු

    ReplyDelete
  11. මමත් මේක ගැන දැන ගත්තේ සෑහෙන කාලෙකට පස්සෙ..
    ස්තූතියෙ මේක ගැන බෙදා ගත්තාට.

    ReplyDelete
  12. මට පේන විදිහට මල්ලි නියපොතු හපන කෙනෙක් වගේ.. දැන් වයසක හින්දා මගේ ඇස් පෙනීමේ දෝසයක්ද දන්නෙත් නැහැ....

    ReplyDelete
  13. පරිස්සමෙන් තමා විදින්න වෙන්නෙ... :D

    ReplyDelete
  14. අප්ප්ට සිරි ගජමලු..
    හිටපල්ලකෝ මම මීට පස්සේ අතේ තියාගෙන පින්තූර ගන්නේ නෑ...
    ලිපිය ලිව්වේ මූඩි ගැන...
    මේකලා බලලා තියෙන්නේ මගේ සුකුමාල තරුණ ලක්ෂණ ඇඟිලි දිහානේ....
    ඉසිරියා කරාවිද දන්නේ නෑ...

    ReplyDelete
  15. අදනෙ බන් ඕක දන්නෙ, මලා

    ReplyDelete
  16. නොදන්නා දේ බොහෝමයි........

    ReplyDelete
  17. ඒකනේ..
    මේ වගේ පොඩි පොඩි ගැජට් තියෙනවා අපි අතරේ...
    හරිම සරල දෙවල්...
    බ්ලොග් ලිපියකට දාන්න තරම් වටින්නේ නෑ කියලා හිතනවා....
    නමුත් නොදන්න අය ඉන්න පුලුවන්...
    ඒක හින්දා දන්න දන්න ජිමික්ස් දාන්න මේ වගේ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!