February 25, 2010

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

සමස්ථ ඡන්ද ප්‍රතිඵලය: රසට ඉවීම


පිරිමි පක්ෂය       -  76 (64%)                                                     
ගැහැණු පක්ෂය   - 42 (36%)  

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව : 128
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව : 118 (92.18%)
වලංගු ඡන්ද සංඛ්‍යාව : 118
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව : 0

මෙවර 92% වඩා වැඩි පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කළ අතර වැඩි ඡන්ද 37ක් ලබාගෙන පිරිමි පක්ෂ‍ය විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත්තේය.

වැඩි විස්තර මෙතනින් ගන්න: http://www.99polls.com/poll_112205



විශේෂ ස්තුතිය:
සියළුම ඡන්ද දායකයින්ට හා (http://www.99polls.com/) සමාගමට
99polls.com



සැ: යු:

මෙම මැතිවරණය  ඉතා සාමකාමී මැතිවරණයක් බව විදෙස් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ඡන්ද මංකොල්ලකෑම්, තර්ජන ගර්ජන ආදී කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදු නොවූ බවද ඔවුන් තව දුරටත් පැහැදිළි කළහ.

මෙම මැතිවරණය 01/22/2010 දින දී (සති 4 පෙර ) ආරම්භ වී අද රාත්‍රී (02/25/2010) 8ට අවසන් විය.


නිගමනය:
වඩාත් රසට ඉවීම කරන්නේ පිරිමින්ය. 


පරහට තියෙන්නේ:
අද සමාජයේ කෑම උයන්නන්ගෙන් බහුතරය කාන්තාවන්ය.


සාකච්ඡාවට:
ගැහැණු  පිරිමින්ට නිසි තැන නොදෙනවාද?
පිරිමි  හිතාමතාම එය මග හරිනවාද?



85 comments:

  1. ඔය කවුරු කිවත් රසට උයන්නෙ ගැහැනු අය...ඔව්වා බැහැ මෙහෙ.. හරිද...?
    කවුද අඩො හොර චන්දෙ දැම්මෙ... ආ...හ්...
    මෙ මැතිවරනය දුෂිතයි.@#@%$#@...

    රවො සංවිධානය විසින් නිකුත් කරන ලද අවසන් වර්ථාවෙ මෙ ගැන සදහන් වෙන්නෙ මෙහෙමයි..
    " සින්ඩියෙ බොහො දෙනා හට මුදල්, තනතුරු දි බිගුලන්තයෙ සිටි බිගු රැජිනව හිතාමතා අපහසුතාවයට පත් කිරිමට බිගුවා විසින් රහසෙ කුමන්ත්‍රනයක් දියත් කෙරෙමින් පැවතුන අතර මැතිවරන කොමසාරිස්වරයා බිගුවා හට දැඩි ලෙස දොෂාරොපනය කර ඇත. බිගුලන්තයෙ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව මෙම වසරෙ මැයි මාසයෙදි බිගුවා හට ලැබි තිබුන තාවකාලික බලය වලංගු කාලය අවසන් වනු ඇත. මෙහිදි බිගු රැජින තව නොබො කාලයකින් බලයෙ දිවුරුම් දිමට යෙදෙනු ඇත. මෙතෙක් බලයෙ සිටි බිගුවා කල කි දැ සියල්ලෙහි නියම හිමිකාරිණිය බිගුරැජින බව රාවො සංවිධානයෙ අවසන් නිගමනයයි. මැතිවරනය දුෂිතයි... හික්.. හික්..


    අයියො මට දැනුයි මතක් උනෙ... කෙනෙක් මට කැම ටිකක් උයලා දුන්නා මෙ ලගදි දවසක.. ගැහැනු ලමයෙක් මට පිස්සු හැදුනා ... මෙච්චර පොඩි වයසට එයා එච්චර රහට කැම හදන්න කොහොම ඉගෙන ගත්තද කියලා...

    ReplyDelete
  2. adoo hora chanda damma neda atta kiyapan . . . ??? hik hik

    ReplyDelete
  3. මම මෙම දුෂිත මැතිවරණයට විරැද්දව අත්සන් දසලක්ෂයක් එකතු කරනවා.....

    ReplyDelete
  4. වැඩේ එළ... රවා ගේ කමෙන්ට් එක නම් පිස්සු පීකුදු.....

    ReplyDelete
  5. රසට උයන්න පූළුවන් දෙගොල්ලන්ටම. උයන්න දන්නෙම නැති දෙපාර්ශවයෙම අයත් ඉන්නවා.

    ReplyDelete
  6. ගෙදරින්ම විශ්වාස භංගයක් එයි, ඕං අපිනම් දන්නෙ නෑ

    ReplyDelete
  7. මේක කොමපිටර් ජිල්මාට් එකක් තනිකරම! සැබෑ ජයග්‍රහකයෝ ඉන්නේ අද කුස්සියේ ! අපි ලඟදිම මීට විරුද්ධව කුස්සිවල ඉන්න අපේ ඒ පාර්ශවය පාරට බස්සනවා... හිහි හි!

    ReplyDelete
  8. මෙන්න තවත් හොර ඡන්දයක්

    ReplyDelete
  9. අපිට ඡන්දය දාන්න බැරි උනා. ආයෙත් විවෘත කරන්න.

    ReplyDelete
  10. ado arapiya apita vote karanna.
    nethnam itin dannawenee sudu paata van ekakin avit ussanawa

    ReplyDelete
  11. අඩෝ කලවැද්දා, මේක වැරදි ප්‍රතිඵලයක්. මම උඹව එල්ලනවා.

    ReplyDelete
  12. ඇත්ත කතාව නම පිරිමි තමා රසටම උයන්නේ. බලන්න ඔය තියෙන හෝටල් ඔක්කොගේම ඉන්නේ පිරිමි කෝකියෝනේ. මොකද ගැහැණු එහෙම අඩු. එයාලට බැහැ හරියට උයන්න. ඡන්දය දාපු අය දන්නවනේ කාටද දැම්මේ කියලා. මම ගැහැණු කෙනෙක් වෙලත් ඡන්දය පිරිමි කියලා දැම්මා. අපේ මහත්තයත් රසට උයනවා. හැමදාම නෙමෙයි.

    සාරදී

    ReplyDelete
  13. මට අවස්ථාව අහිමි වුනා මේ ඡන්දේ දාන්න. ඒත් වැඩියෙන්ම රසට උයන්නේ අපේ අම්මා. ගෙදර ගියාම වැඩිපුරම කරන්නේ කෑම කන එක තමයි ඒ ඉතිං අම්මා උයලා දෙන කැම පුදුම රස නිසා. ඔයාලටත් එහෙම වෙන්න ඇති.

    සමස්තයක් විදියට ඡන්දේ ප්‍රතිඵලය පිලිගන්න පුලුවන් බැරි අය ඉන්නවනම් අභියාඡනයක් ඉදිරිපත් කරන්න. බිඟුවා ඒ ගැන සළකා බලයි.

    ReplyDelete
  14. menna ayet eka open karala.
    hora chanda daapiyau dan...

    ReplyDelete
  15. බ්ලොග් බලන ගොඩක් අය තරුණ පිරිමි කට්ටියනේ.ගැණු අය ඉන්නේ සපෙක්ශව අඩුවෙන්.අනික් එක තරුණ පිරිමි (වැඩියෙන්ම අලුතින් බැදපු අය )හිතන් ඉන්නේ එයාලා තමයි පොරවල් කියලා.ඔය ප්‍රතිඵලය බ්ලොග් බලන අයගේ කැමැත්ත මිසක් ඇත්ත නෙවෙයි..

    ReplyDelete
  16. කවුද මේවට වගකියන්නෙ?

    ReplyDelete
  17. මේ කෙරුවාව මට පේන විදියට පිරිමි අපිට පාඩුයි වගේ.
    ඇත්ත හන්ගන එක හොඳයි බිඟුවෝ. මොකද නැත්නම් අද ඉඳලා අපිට කුස්සියේ වැඩත් කරන්න වෙනවා.

    ReplyDelete
  18. මෑත ඉතිහාසයේ පැවති දූශිතම චන්දය මේකට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිදානයට පැමිනිලි කරන්න ඹන

    ReplyDelete
  19. එතකොට මොකාද මේ පිරිමින්ට ඡන්දය දීල තියෙන්නේ?
    නික්ම්ම ජිල් මාට් එකක්ද?

    ReplyDelete
  20. ඇත්ත කියපන් උඹ කාගෙ හරි බලපෑම් වලට යටත් වෙලා නේද මේ දූෂිත ප්‍රතිඵලය නිවරැදි කියන්නෙ. මමත් වෝට් කලා හොර කරල අහුවෙන්න එපා

    ReplyDelete
  21. meka horayak. ape chanda horen dala. mata chande daana bee dan. eka paarak daalalu. ane mama damme nee. binguwa boruwak karanne. hiks

    ReplyDelete
  22. කවුරු කොහොම කොයි විදියට කිව්වත් රසට, ගුණට ක්‍රමවත්ව උයන්නෙ ගැහැනු අයයි....බලන්න අම්මා කෙනෙක් උයන කෑම .......ඒ රස 5 star හෝටලයකින්වත් ගන්න පුළුවන්ද ?

    අනික තව දෙයක්....පිරිමි කොට්ඨාශය ඉවීමේ කලාවට පිවිසෙන්නෙ හුදෙක්ම ආධායම් මාර්ගයක් නිසාමයි....මොකද හෝටල් ක්ෂේත්‍රයේ හොද ඉල්ලුමක් තියෙන නිසා..නැත්තම් ජීවිතේට කුස්සියක් පැත්ත පලාතේ යනවද ?

    මිනිස්සු කියන්න පුරුදු වෙලා ඉන්න කතාවක් තියෙනවා.....ගැහැනු අතක් වැදුන කෑම වේලක් මොනතරම් රසද කියලා...ඒක විහිළු කතාවක් එහෙම නෙවෙයි නේද ?

    ReplyDelete
  23. ගෑණු හොටෙල් වලට ගන්නේ නැත්තේ වැඩ බැරි හින්දනේ. අම්මා උයන කෑම වලට වැඩිය එහා ගෙදර නංගී උයන කෑම නම් රහයි.

    ReplyDelete
  24. @ Anonymous /

    පරිස්සමෙන්.....ඔය හැමතැනම තියෙන රහ කෑම සමහරවෙලාවට දිරවන්නෙ නැතුව යනවා ;)

    ReplyDelete
  25. එහෙම වෙන්නේ නෑ. අපි සමහන් බොනවනේ.
    නමුත් දිල්, මෙහෙමයි. අපි පිරිමි විදියට ඔයාලව රිදවන්න කැමති නෑනේ.
    ඒ හින්දා අපි ඉතින් ඔයාලා උයපු එකක කොහොමහරි අමාරුවෙන් කාලා රසයි කියලත් කියනවා.
    නැත්නම් ඉතින් අපිට ර්‍රළඟ කෑම එක හම්බ වෙන්නේ නෑනේ.
    නැතුව රහටම නෙමෙයි. ඔයා උයන කෑමත් එහෙමම වෙන්න ඔනෑ. මම කාලා නැති උනාට කාපු අයගෙන් අහන්නකො.
    pr....

    ReplyDelete
  26. ෂුවර් එකට අද රෑට බිඟුවා බඩිගින්නේ..
    "ඔය දාල තියෙන්නෙ ඡන්ද. මට රහට උයන්න දන්නෙ නෑ කියලනෙ ඔය නොකිය කියන්නෙ. කන එකයි ඇත්තෙ ඕන කෙනෙකුට කියල උයාගෙන.. හ්ම්ම්ම්..."

    ReplyDelete
  27. @ Anonymous /

    මේකයි.....උයනවා කියන එකත් ක්‍රම කීපයකට කරන්න පුළුවන්....මොකක් හරි කෙන්තියෙන් ඉන්න කෙනෙක් නම් ඒ කෙන්තියත් එක්ක මොනා හරිදෙයක් " රත් " කරලා දෙන එකටත් උයනවා කියනවා. ඔයා කියන්නෙ ඒ ක්‍රමය වෙන්න ඇති...එත් මම ඊට වඩා වෙනස්...මම උයන දෙයක් තව කෙනෙක්ට කන්න දෙන්නේ එයාව මට වටිනවානම් විතරයි. එහෙම කෙනෙක්ට කොහොමද උයන්නෙ කියලත් මම දන්නවා....

    හැබැයි මෙතැනින් මම තව අදහසක් ගත්තා....බදිනවානම් බදින්නෙ ඔයා ඔය කියන විදියෙ උයන්න පුළුවන් පිරිමියෙක්ව....

    මොකද ඔෆීස් එකෙත් මැරිලා ගෙදර ගිහින් උයන්න ඕනෙත් නෑනෙ...රසට උයල දෙන හස්බන්ඩ් කෙනෙක් ඉන්නවානම්.....

    ReplyDelete
  28. දිල්,
    එහෙනම් ඒකත් දාන්න පුළුවන් මංගල යෝජනාව දාන වෙලාවේ, රසට කෑම උයන්නට හැකියාව ඇති රූමත් පුතකු සොයයි කියලා
    හා හා....

    ReplyDelete
  29. @ Anonymous /

    අනිවා.....දැන් බිගුවා කියන්නේ පිරිමියට නිසි තැන දෙනවද නැද්ද කියලානෙ...ඉතින් එයාල ඉල්ලන තැන කුස්සියනම්....මම කැමැත්තෙන්ම ඒක දෙනවා .............

    ;)

    ReplyDelete
  30. බිගුවා කරන වැඩෙන් බිගුවට ගෙදර කෑම නැති වෙය්ද දන්නෙ නැහැ.

    ReplyDelete
  31. රවො සංවිධානය වෙත,
    මෙම මැතිවරණයේදී මා කිසිදු අයුරකින් රැජිණ අපහසුතාවයකට පත් කිරීමට නොසිතුවෙමි. බිඟුලන්තයේ සාමාන්‍ය හුදී ජනයාගේ වැඩි කැමැත්ත කුමක්ද යන්න පමණක් විමසා සිටියෙමි. මෙහිදී යම් යම් සුළු සුළු සිද්ධීන් හැරුනු කොට අප අතර කිසිදු ආකාරයේ අකටයුත්තක් සිදු නොවූ බව දන්වා සිටිනු කැමැත්තෙමි. තවද මාගේ මෙම තාවකාලික බලය මෙම අවුරුද්දේ මැයි 20 වනදායින් අවසන වන බවද, එකල්හි කිසිදු අකැමැත්තක් නොමැතිව අස්වන බවද රැජිණට අයිති කුස්සිය බල ප්‍රදේශයේ පූර්ණ අයිතිය ඈ හට නැවත ලබා දෙන බවටද පොරොන්දු වෙමි. පසු ගිය මාස කිහිපය තුලදී කුස්සිය ප්‍රාන්තයේ හැලි වලං ජනතාවට හා කෝප්ප පිඟන් ජනතාවට සිදු වූ අපහසුතාවය පිළිබඳ මාගේ අවංක ශෝකය ප්‍රකාශ සිටිමි.

    මෙයට
    අසරණයට පත්
    /බිඟුවා...!

    ReplyDelete
  32. @රවා,
    කියන්න අමතක උනානේ, අර ළමයා ඒක කඩෙන් ගෙනාපු එකක් හරි, පිරිමි කෙනෙකුට කියලා උයා ගත්ත එකක් හරිද දන්නේ නෑ නේද?

    /බිඟුවා...!

    ReplyDelete
  33. මේක පිලිගන්න බැහැ
    අපි ඡන්ද පෙත්සමක් ගහන්න ඉන්නෙ.

    හරිනම් ගැහැණු පක්ෂය තමයි නියම ජයග්‍රාහකයා.
    එ බව තහවුරු කරන උද්ඝෝෂණ සයිබරය පුරා හෙට සිට දියත් කෙරේ.
    අනේ සහභාගි වෙන්න හොදේ.

    ReplyDelete
  34. @දුකා,
    අනේ මම එක ඡන්දයයි දැම්මේ....

    @තිස්ස, බුද්ධික,
    බොහොම ස්තුතියි ඔන්න.

    @වැප්,
    අනේ එහෙම කරලා මගේ කෑම එක නම් නතර කරන්න එපා.
    උඹ කරන්න හදන වැඩේ හරි ගියොත් මට විසුමක් වෙන්නේ නෑ.

    @දොඩන්
    උඹ දෙපැත්තම ෂේප් කර ගත්තා නේද?
    දවසකට හරි මිනිහා...

    @මකරා,
    උඹලා මේ විදියට පිළිතුරු දුන්නොත් ඒක නම් වෙන්නත් පුළුවන්,

    @නුවන්,
    අනේ නුවන් ඒක නම් කරන්න එපා. මට ඉන්න තැනත් නැති වෙන වැඩක් ඕක,
    බුදු අම්මෝ මම කර ගත්ත දෙයක් මේ මැතිවරණයක් හින්දා...

    /බිඟුවා...!

    ReplyDelete
  35. @සාරදී,
    ඇති යාන්තම මාව බේරා ගන්නට ආවා. හරියට නිකන් පංචායුඩයක් වගේ.

    @ඇනෝනිමස්ලා
    අනේ මංදා මොනවා කියන්නද ඔහේලට කියලා.
    නමක් ගමක් නෑ.
    ඒත් කමක් නෑ.
    කිසි තරහක් නෑ.
    හොර බොරුත් නෑ.

    @ජීවිතය,
    ආයෙත් ඡන්දය දාන්න අවස්ථාව දීලා තියෙන්නේ කිහිප දෙනෙක්ගේම ආයාචනය නිසා.
    මොනවා උනත් මේ මගේ ජිල්මාට් නම් නෙමෙයි.

    @තමීර,
    ඒක නම් ඇත්ත තමා. කවුද මේවට වග කියන්න ඕනෑ.
    කොම්පීටරේද? මමද? ඔයාද? අපිද? නැත්නම් ඔබාමාද?

    /බිඟුවා...!

    ReplyDelete
  36. @චතුරංග,
    උඹ නම් ඡන්දේ දැම්මේ කාටද කියලා මම දන්නවා.

    @ම,
    එතකොට මොකාද බන් මේ ඡන්දේ පිරිමින්ට දාපු එකා.
    අනේ බලාපල්ලකෝ හැබෑටම. සැබෑ මැතිවරණයකදීත් ඔහොමමයි.
    පැරදුනාට ප්ස්සේ බලන්න එපෑ...

    @දිල්,
    ඔයාට පුද්ගලික තර්ජනයකුත් ඇවිල්ලා නේද? හී හී...
    නමුත් පිරිමි සල්ලි හින්දම නේම උයන්නේ. වැඩත් පුලුවන් හින්දනේ.
    එහෙනම් ඇයි ගෑනුන්ව හොටෙල්වලට ගන්නේ නැත්තේ. හෝ එයාලා එන්නේ නැත්තේ?
    මේ කියන කතාවේ මොකක් හරි රහසක් තියෙනවා.
    මම නම් හිතන්නේ පිරිමි උයන එක වඩා රසය කියලා. මේක මගේ පුද්ගලික අදහස.

    ආ අනික දිල්, ඔයාගේ කුස්සියනම් මට එපා. අපේ කුස්සියත් මට දැන් ලොකු වැඩී... :)

    @දසයා, @සමන්,
    ඔව් බං, අද කාලා හමාරයි. ගෙදර යනකොට කඩෙන් මොනවාහරි කාලම යනවා.
    විසුමක් වෙන්නෙ නෑ...
    ගියපු ගමන් නිදිය ගන්න ඕනෑ මහන්සියි කියලා...

    /බිඟුවා...!

    ReplyDelete
  37. @හරිනම් ගැහැණු පක්ෂය තමයි නියම ජයග්‍රාහකයා.

    එහෙනම් කෝ ඡන්ද වැටිලා.
    බුදු අම්මෝ. හෙට මම සයිබරය පැත්ත පලාතේ එන්නේ නෑ.
    මෙන්න මේකා පිකට් එකක් පටන් ගන්න හදන්නේ.
    මගේ අයිතිය වෙනුවෙන් මොනවා හරි කරන්න වෙනවා.


    /බිඟුවා...!

    ReplyDelete
  38. මගේ විරෝධය..:-කීයෙන් කීදෙනාද ඉන්නේ කාන්තාවෝ මේකට චන්දෙ දාන්න.
    ගෙවල් වල උයන්න උදව්වෙන කට්ටිය අත උස්සන්න බලන්න..
    කෝ ..කාන්තාවෝ උයන ඒවා කාලා චන්දේ දුන්නා නේද තමන්ගේ පැත්තට.අනික ඉතින් දන්නවනෙ චන්ද නැති අයත් ඉන්න ඇති ප්‍රචාරක කටයුතු කරන්න.
    විදේශීය නියෝජිතයෝ තාම ලංකාවේ නේද..?
    ඉන්නකෝ තමංගේ රටවලට ගිහින් එයාලා නිකුත් කරන වාර්තාව එනකන්.ඒක ඔයිට වඩා වෙනස් වෙයි.අනික පැෆරල් එකේ වාර්තාවත් එයි.ඊට පස්සෙ අපි බලමු..
    මාත් කියනවා මේකෙ තියන්නේ බිඟුවගේ ජිල්මාට් එකක්.
    ඔන්න ඉස්සෙල්ලා බැන්නේ ටිකයි මේ ඔක්කොම.

    ReplyDelete
  39. හරිම ලස්සන මිනිස්සු ටිකක් එකතුවෙලා කරපු කතා බහක් මෙක. මම හිතන හැටියට බිගුවට මෙ ටිකෙ උයන්න වෙනවා ඇති නෙද..
    මෙ චන්දෙ දුෂිතයි කිව්වෙ මෙක තර්ක කරලා, වොට් කරලා හොයන්න පුලුවන් දෙයක් නෙමෙ. උයන කෙනයි, එකෙනා මත යැපෙන කෙනයි මත රදා පවතින දෙයක්. හැමදාම අම්මාගෙ කැම කන කස්ටිය අම්මගෙ අතින් කැම ටිකක් කන්න නොලැබුනු දවසට තමයි තෙරුම්ගන්නෙ..

    මාව තවත් මර්වින් සිල්වා කෙනෙක් කරන්නෙ නැතුව චන්දෙ දුෂිතයි කියලා ප්‍රසිද්ද ප්‍රකාශයක් නිකුත් කරලා චන්දෙ අවලංගු කරන්න ඔනා හරිද.... නැත්තම් @%#@%$# දන්නවනෙ.....හික් හික්..
    ආසයි මෙකෙ මොනවහරි ලියන්න.

    ReplyDelete
  40. adooo
    meka hora candayakdoooo
    cancel karapandoooo

    ReplyDelete
  41. මටනම් කාටවත් වඩා රහ අපේ අම්මා හදන කෑම විතරයි !
    කැරට් සුප් එක පන්කාදු 5 යි ! :D

    ReplyDelete
  42. හික් හික්... මාත් චන්දෙ දැම්ම... අපි චන්ඩෙ දම්මොත් කොහොම පරදින්නද....

    ReplyDelete
  43. කුඩා කාෙල අම්ම උයල ෙදන කෑම රසයි රසයි අම්මි කියපු ළමයි ෙන්ද?අනේ හැබැට මෙෙහමත් ෙවනස්ෙවන හැටි.ෙමානඡන්ෙදන් දිනුවත් අම්මා අතින් සැෙදන කෑම ෙවලෙ වගෙද? රස කාරක පමණක් ෙනාව අම්මාගෙ සෙනෙහසත් ඒ කැම වෙල තුල අන්තර්ගතයි.අම්මාට විරුද්ධ වුනෙ අැයි?

    ReplyDelete
  44. මොකද කියන්නේ ? ආයෙමත් මැතිවරණයක් පවත්වමුද ? මොකද වැඩි දෙනා මේ ප්‍රතිථල පිළිගන්නේ නෑ.( හෝටල්වලින් සහ අල්ලපු ගෙදර නංගි උයන ඒවා කන අය හැර ;) )

    එක පාරක් හරි අම්ම කෙනෙක් උයන බත් කටක් කාල තියෙන කෙනෙක් නම් පිරිමි උයන කෑම රසයි කියන්නේ නෑ

    ReplyDelete
  45. Cool Cartoon ට /

    අපෝ මෙයා උයන කෑම මෙයාම කන නිසා කොහොමද දන්නේ නෑ රසයි කියන්නේ ? Australia පත්තරවල නම් තිබ්බෙ මය හැමදාම එයා උයන කෑම කලා ඉස්පිරිතාලයේ ඉන්නවා කියලයි :)

    ReplyDelete
  46. ජිල් මාට් එක හෙලිවේ යැයි බියට පත් මැතිවරණ කොමසාරිස්, විශාදය බව කියමින් රෝහල් ගතව ඇතැයි..මම අනුමාන කරමි.විශාදය ගැන කියමින් ගිය සතියේ සිටම ඔහු මේ කර ඇරීමට පසුබිම සකස් කරගත් බවද සියලු දෙනාටම මතක් කර දෙමි.[කොමසාරිස් තුමනි ..කෝප නොගන්න ..එයින් ඔබේ ආතතිය තවත් වැඩිවිය හැක]

    ReplyDelete
  47. කෙල්ලො සෙට් එක එකතු වෙලා දැන් අපිට නෙලන්නද ලැස්තිය... එව්වත් බැහැ මෙහෙ හරිද... අපි හදවති පිළිගන්න ඔයාල උයන කැම රසයි කියලා හැබැයි ඉතින් ආපහු චන්ද, අයිතින් ඉල්ලගෙ ආවොත් වෙන්නෙ වයඹ චන්දෙයක් ආ.... හරිද... මම මෙ නිමන්ති ටයි දිල් ටයි ලියන්නෙ...හික් හික්..

    ReplyDelete
  48. @රවා
    ඔහ් ..!ඔයා මැතිවරණ කොමසාරිස්ද????? ඔය තරම් කලබල උනේ..
    හදවතින් පිලිගත්තට කෝ අත පිලි අරන් නැහැනේ...අපි උයන කෑම රසයි කියල.
    නෙලන්න මල්ද..?අනේ නැහැ..
    අපි බොහෝම අහිංසකයි.රණ්ඩු වෙන්න බැරියෝ.......

    ReplyDelete
  49. මමත් එකගයි. පිරිමි කැමති නිසි තැන නම් ඉතින් කුස්සියට කරන ආරාධනයයි මේ. දක්ශතාවය දෙපාර්ශවයටම හිමියි. හැබයි ඉතින් ගැහැණු අපි ගෙදරදි ඉයුවට ඒක රස්සවක් විදියට සලකන්නේ නෑ නේ.

    ReplyDelete
  50. රවා ට /

    වයඹ නම් මොනාද රවා.........එහෙමද නුවර ඡන්ද ටික එකතු කලොත් .....හි හි හී

    ReplyDelete
  51. මම පහුගිය දින දෙකම කන්තෝරු නිවාඩු හිටියේ.
    ඒ අතරෙත් මෙන්න ඡන්දේ ගැන පාර්ලිමේන්තුව කැඳවලා.
    තවම පේන විදියට පරාජය හමුවේ කාන්තා හඬ නිහඬ නෑ වගෙයි.
    බලමු... බලමු මොකද වෙලා තියෙන්නේ කියලා...

    @නිමන්ති,
    ඔන්න මම අත ඉස්සුවා. මම නම් නෝනට උයන්න උදව් කරනවා.
    මම හිතන්නේ ගොඩාක් පිරිමි ඒක කරනවා ඇති. මම නම් ඡන්දේ අර පක්ෂෙට.
    අනේ නිමන්ති මම ජිල්මාට් දැම්මේ නෑ. මේ තියෙන්නේ ඇත්තම ඇත්ත ඡන්ද. :(
    ඕනේ නම් ආයේත් පාරක් දාන්න බලන්න ඔයා, ඒක කරන්න බෑ....

    @රවා,
    අනේ රවෝ.... උඹත් පිරිමින්ට ඡන්දේ දීලා දැන් බොරුවට මහ මගට බැහැලා නේද?
    හැබැයි අපි නම් ඔය චන්ඩින්ට බය නෑ. හා හා හා...
    මම ඡන්දය අවලංගු කලොත් අහිංසක අවංක ඡන්ද දායකයින්ට කරන අසාධාරණයක්.

    @බනී,
    අහා... එහෙනම් ගොඩාක් කැරට් එහෙම දානවා ඇති නේද?
    හාවෝ හරිම ආසනේ එළවළු වලට.

    @කූල්,
    ඔය ඉන්නේ ඡන්දේ දාපු අය. මාත් මේ හොය හොය හිටියේ කවුද මේ පිරිමින්ට ඡන්දේ දුන්නේ කියලා.
    දැන් ඉතින් උත්තර බැන්දොත් හොඳයි ඔය කාන්තා පාර්ශවයේ ප්‍රශ්න වලට.

    @මල්නායක,
    මෙතන අම්මා විතරක් නෙමේනේ ඉන්නේ. නෝනලා, අල්ලපු ගෙදර අක්කලා නංගිලා, එහා ගෙදර ලුසි අක්කලා....
    ඔය එකී නොකී මේකී කාන්තාවන් ඉන්නවා. ඒත් කස්ටියට ඒවා රස නැතුවා වගෙයි නේද..
    නැත්නම් ඔය කියපු අයගේ මූණ බලාගෙන පිරිමින්ට ඡන්දේ දෙයිද....

    /බිඟුවා...!

    ReplyDelete
  52. @දිල් ආයෙත්,
    අනේ අම්මෝ දිල් ආයේ නම් බෑ. මේ පේන්නේ නැද්ද එක මැතිවරණයක් හින්දා වෙන දේවල්.
    මට රෑ කෑමත් නැති වෙලා තියෙන්නේ. ඔයා හදන්නේ උදේ කෑමත් නැති කරන්නද?

    මේ ඒක නෙමෙයි ඔයා මොකද කලේ නුවර ඡන්දෙට? ඒකෙත් හොර ඡන්ද දැම්මද?
    අපෝ හොර ගෙඩියෙක්නේ...

    @නිමන්ති ආයේත්,
    අනේ අනේ... මගේ කලින් ලිපියක් අල්ලාගෙන ඒකෙන්ම දුන්නා නේද මට බැස්ටිය.
    හැබැයි ඔන්න රවෝ සංවිධානය පිළිතුරු දීලා.
    ඔයා බයවෙලා වගෙයි නේද...

    @රවා,
    අනේ යන්තාම් ඇති මාව ගොඩ දාන්න ආවා...

    @හිපෝ
    මේකනේ, ඒක රස්සාවක් කරගන්න තරම් ඔයාලා දක්ෂ නෑනේ. හික්ස්...
    ඒකනේ පිරිමිව රස්සාවට අරගෙන කාන්තාවෝ ගෙදර තියන්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  53. බිඟුවා..ට /

    නෑ නෑ..තාම හොර ඡන්ද ව්‍යාපාරය දියත් කලේ නෑ...පේන විදියට ඒකෙ පිහිටත් ගන්න වෙයි වගේ...

    මම මේ අහන්නේ , ඔයා රෑ කෑම එක කාල විතරද මේ ගැහැනු පාර්ශ්වය උයන ඒව රස නෑ කියන්නේ ? මට පේන්නේ හරියට 3 වේල කාල නෑ වගේ .........හි හී හී.....


    මේ මේ මේ ඔයා මටද හොරගෙඩියා කිව්වේ ? හොර ඡ්නද දාල පිරිමි පාර්ශවය දින්නුවෙ මමද ?

    ReplyDelete
  54. @දිල්,
    ඔයානම් ලේසියෙන් මේක අතාරින්න කැමති නෑ වගේ.
    ඒ පාර හොර ඡන්දත් දාන්නයි කල්පනාව.
    බුදු අම්මෝ...
    ඔයා තමා හොර ගෙඩියා, නුවර ඡන්දෙත් හොර ඡන්ද දාලා දැන් මේකෙත් හොර ඡන්ද දාන්න හදන හැටි.

    /බිඟුවා...!

    ReplyDelete
  55. දිල් , නිමන්ති අක්කෙ හරි නංගි හරි ඔන එකෙක්...
    අපි කොල්ලො සෙට් එක, ඔයාලට ලැබෙන්න ඔනා ගෞරවය, ආදරය, භක්ති අනිවාර්යෙන්ම දෙනවා බය වෙන්න එපා, හැබැයි , ඉතින් කාන්තා සංවිධාන පිහිටවගෙන චන්ද අයිතින් ඉල්ලගෙන ආවොත් ඉතින් දන්නවනෙ....බිඟු.. තව චන්දයක් තිබුනොත් ගැජ්ට් එක දාන්න කලින් මට පොඩ්ඩක් කලින් කියන්න. මම ස්කොලෙ යන කාලෙත් චන්ද කාඩ් එකතුකරන්න ගිහින් තියනවා...

    ReplyDelete
  56. @රවා,
    හරි හරි... මම කියන්නම් කලින්ම රවෝ.
    ඔව් ඔව්... මෙතන කාන්තා සංවිධාන ගහන්න ආවොත් නම් දෙමු කුඩු වෙන්න.
    මීට වැඩිය අපි සංවිධානය වෙන්න ඕනේ....

    කාන්තා පාර්ශවය මේක ලේසියෙන් අරින්නේ නෑනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  57. රවා ට /

    මේ මේ මේ...අපේ ඔය බොලද සංවිධාන නෑනෙ....අනිත් එක කුස්සියෙ fight එක විසදන්න මොන සංවිධානද රවා ;)

    බිඟුවා ට /

    හරි හරි......දැන් ඔයාලට ඕනෙ කුස්සියනෙ.......හොර ඡ්න්ද දාලා පිරිමි රසට උයනවා කියලා ඔක්කොම කලේ කුස්සියෙ තැන ගන්න නෙ.....

    ඉතින් ගන්න......අපි නම් කැමැත්තෙන්ම දෙනවා.....;)

    ReplyDelete
  58. දිල් ටයි, බිඟුවටයි...
    යහලුවනෙ අපි අපිනෙ. මොකද්ද මෙ ගහ ගැනිලි, බිඟුවො එයාලට දෙන්න ඔනා ගෞරවය එයාලට දෙන්න, වසර දහස් ගණනක් අපි ගෙදරට අරන් ගිය කැම ටික පුච්චලා දුන්නු,අපෙ දරුවන්ව ආදරෙන් රැකබලා ගත්තු උදවියනෙ..... උන් තමයි මෙ ලොකෙට ජිවය දෙන්නෙ. ඔන්න ඔක දිලා දාන්න.... හරි හරි ගැහැනුන්ට තමයි වැඩිපුර රහට උයන්න පුලුවන්....

    දිල්... අපිට කුස්සිය දිලා ඔයා කොම්පියුටර් කොටන්නද යන්නෙ....හදවත අකුරු කලාට කමක් නැහැ. අනිත් පැත්තත් තියෙන්න ඔනා... හරිද.....

    ReplyDelete
  59. rava baya wela wagei :D

    ReplyDelete
  60. ඉතින් රවා...ඉල්ලන්නෙ කුස්සියනේ.....මම ඔන්න ඔහෙ දීලා දැම්මා..දෙයියනේ කියලා computer එක බලාගෙන ඉන්න එකනෙ තියෙන්නේ දැන් :D

    ReplyDelete
  61. hik hik.... dil ja jaya wewa.. ape dilta jaya wewa.. kohomahari chandaya jaya gatto......

    ReplyDelete
  62. @රවා, දිල්, ...
    අනේ මම නම් දීලා තියෙන්නේ උපරිමයෙන්.
    ඒත් මේ ඡන්ද දායකයෝනේ මෙහෙම කරලා තියෙන්නේ.
    ඒකෙන් ගස් යන්නේ මමනේ. අයියෝ...!
    ආයේ නම් මැතිවරණ නෑ බිඟුලන්තයේ... :(
    අනික මම අස්වෙනවා මේ දැම්ම....
    කොහොම උනත් කුස්සියේ වැඩට පිරිමි අපි දක්ෂ නෑනේ.
    ඒකේ අති දක්ෂයෝ ගැහැනු තමා.
    ඔය කවුරු කොහොම කිව්වත් එයාලා නැති දාට එකසිය ගානට තේරේවි ඔය කාට කාටත්.
    රැජිණ නැති දවස් ටිකේ ගෙදර නිකන් සොහොන වගේ.
    http://bingunada.blogspot.com/2010/01/blog-post_12.html


    එකක් හැබැයි, මේ වගේ කස්ටිය එකතු වෙලා පොඩි ෆන් එකකට සෙට් වෙච්ච එක ගැන නම මට පට්ටම ආසයි.
    ආයෙත් දවසක බලමුකෝ එහෙනම්.

    මෙහි ආ ගිය සියළු දෙනාටම ස්තුති වන්ත වෙනවා මගේ නිර්පාර්ශික(ද) මැතිවරණයට සහභාගී වීම ගැන.

    සයිබරයේ මැතිවරණ ප්‍රතිඵල හරිම උත්තර නොකියන බවට මේක හොඳ උදාහරණයක්(ද) මන්දා.

    /බිඟුවා...!

    ReplyDelete
  63. ඔහ් ...මම හිතුවෙ මේ චන්දෙ වැඩ ඉවර වෙලා ඊළඟ චන්දෙට ලෑස්ති වෙනවා ඇති කියලනේ.
    @දිල්-මෙයාලා කියන එවා බලන්නකෝ කුඩු වෙන්න දෙනවලු..[රහසින් ..ඇයි නුවර මොකද උනේ]
    @ රවා මම අනිවාර්යයෙන් අක්කා තමා.ඒත් බුදු අම්මේ ඔයා ඉස්කොලෙ යන කාලේ චන්දකාඩ් එකතු කරන්න ගියානම්..ඔයා මගේ සීයා වෙන්න ඇති හී හී හී ඔව් ඉතින් cafe වර්ල්ඩ් එකේ උයනවා [රහසින් මම දැනටත් කරන්නේ ඒකමයි]
    @බිඟුවා...අනේ මම විහිලුවටයි මේවා ලිව්වේ
    For all-කවුරුත් තරහා ගන්න එපා

    ReplyDelete
  64. nimanthi අක්කට
    ඔන්න ඔන්න ඉතින් දිනුම දුන්නට පස්සෙත් එව්වා මෙව්වා කියන්න එනවා.... මෙ අක්කලා සෙට් එකනම් මහම මහා වලි පප්පලා සෙට් එකක්....මෙ... වැඩිය පුප්පන්න එන්න එපා හරිද...$#^$%#%.....? ආපහු වලිය ඇදලගත්තොත් සුප්‍රිම් කොර්ට් එකෙ තමයි මෙක අහන්න වෙන්නෙ...

    බිගුවට ස්තුතිය අපෙ සොඳූරු සංඩුවට වෙදිකාව තනා දිම ගැන.....
    දිල් අක්කට ස්තුතිය වලිය ඇදිම ගැන...
    නිමන්ති අක්කට ඇවිලෙන ගින්නට පිදුරු දැමිම ගැන....( පස්සෙ පෙණෙ පුප්පන්න ආවටත් ස්තුති...)

    ReplyDelete
  65. සංඩුව හමාරයි වගේ. එලටම නැගලා ගිය එකක් නම් තමා.

    ReplyDelete
  66. @රවා
    ඔන්න ඔන්න මල්ලී..අක්කලත් එක්ක රණ්ඩු වෙන්න එපා හොඳද අක්කලා කියල දෙන්න හදන්නේ මල්ලිලා දන්නේ නැති දේවල් නේ..
    සුප්‍රීම් කෝට් යන්න ඔයා...??? අනේ මල්ලියේ ..ඔයා ඉන්නේ ලංකාවේ නෙවේද හැබෑටම.ඇයි දැක්කේ නැද්ද? පහුගිය දවසක ගිය අයට උන දේ..ඔයාට වතුර හිඟයක් තියනවද ගෙවල් පැත්තේ..ඔන්න එහෙමනම් ගියාට කමක් නැහැ.නාලා එන්න. නැත්තන් යන්න එපා.
    අනික එතන දැන් ලොකූ රණ්ඩුවක්..අපේ නඩු අහන්න එයාලට වෙලාවක් නැහැ.
    ස්තූති වලට ස්තූතියි.හැබැයි..මට නයා කියපු එකනම් අමතක් කරන්න ටිකක් අමාරු වෙයි. ඊලඟ චන්දෙදිත් එන්නකෝ ඔයාගේ වාර්තාව අරන්..මම එන්නම්කෝ අදහස් දක්වන්න.

    @බිඟුවා
    අනේ ඔව් ඔව් අපෙ රංඩුවට හදල දුන්න වේදිකාවට ගොඩාක් ස්තූති ඔයාට.

    ඔන්න එතනදි මම එකඟයි..රවා මල්ලිත් එක්ක.

    ReplyDelete
  67. මොනාද මේ පැත්තෙ වෙන්නේ ????????????????
    මොකෝ මේ රවාගෙ සද්දේ ?????????? ;)

    ReplyDelete
  68. ආ...... සද්දෙ ද ඔනා..... බිගු අයියෙ මෙන්න දිනුම දිලාත් මෙ ගොල්ලා අපි අත් හැරලා නැහැ වගෙ.... මෙදා චන්දෙ නම් සාධාරනව කරලා අපි දිනන්න ඔනා.. මම VMWARE download කරනවා.. ටික දවසක් මෙක ඔපන් කරලා තියන්න...

    ReplyDelete
  69. මොන චන්දෙ දාල දින්නත් වැඩක් තියෙනවයෑ හරියට උයාගන්න බැරුව :D :D :D

    ReplyDelete
  70. @rawa හා හරි...ඉස්සෙල්ලම ගොඩාක් ස්තූතියි නපුරු සොඳුරු සිතැත්තියො කිව්වට. කොහෙද යන්න හදන්නේ ඇදුම් බෑග් ලෑස්ති කරගෙන..උයන්න ඉගනගන්නද..?හොර චන්ද දාන්න ඉගන ගන්නද?? කොහෙ හරි කමක් නැහැ ගිහින් එන්නකෝ.

    ReplyDelete
  71. @නිමන්ති,
    බබා ලිපියේ ඉඳලා මෙහෙට හැරෙව්වා නේද රණ්ඩුව ආයෙත්.
    දස්සයා නේද වලිවලට. ඔන්න ඉන්නවා අපි, බලමු මොකද වෙන්නේ කියලා එහෙනම්.

    @දිල්,
    ආයෙත් ආවානේද? හරි හරි බලමුකෝ එහෙනම් කවුද දිනන්නේ කියලා.

    @රවා,
    හරි හරි. මම මේක දිගටම ඇරලා තියෙන්නේ.
    අළුතෙන් ආපු අයත් ඡන්දේ දීල තියෙන්නේ පිරිමින්ටමනේ.
    බය වෙන්න දෙයක නෑ. අපි දිනනවාමයි.

    /බිඟුවා...!

    ReplyDelete
  72. @දිල්,
    මට නම උයන්න පුළුවන්.
    අපි නෝර්වේ ඉන්න දවස්වල උයාගෙන තමා කෑවේ.
    අනික කන්නත් පුළුවන් ඒ උයපු කෑම.

    /බිඟුවා...!

    ReplyDelete
  73. mee kello denna ekka nam hari yanne nee.
    elawalaa daana one internet ekemma.
    elawa elawa pahara denawa... :D
    hapoy....

    ReplyDelete
  74. අනේ මම නම් ආය මොනවත්ම කියන්නේ නැහැ.රවා මට ගෙම්බෝ ගැන ලියන්නත් එපාලු.මම ඇත්තමයි කියන්නෙ..මට මේ චන්දේ මතක් වත් උනේ නැහැ ඒක ලියද්දි..

    ReplyDelete
  75. This comment has been removed by the author.

    ReplyDelete
  76. ඉන්නවලා... මම දමු දසනායකගෙ ගොලයෙක් හරිද.... චන්ද කාර්ඩ් ටික හොයලා ගෙනල්ලා වැඩක් දෙන්නම්... දිල්ටයි නිමන්තිටයි දැන් පිස්සු හැදෙයි... මොකද අපෙ තනිකඩ ඉහුම් පිහුම් දන්න මාරයත් මෙතනට එනවලු... අපු ගමන් ඉතින් අපි තවත් ශක්තිමත් වෙනවා... රයිටා...

    ReplyDelete
  77. මමත් අද ඉගෙන ගත්තා පරිප්පු හොද්දක් උයන්න.. අම්මලා දෙන්නටම සනිප නැති උනා.. ඉතින් අපිත් කවදා හරි උයන්න එපැයි... ඔන්න ඉතින් දැන් මාත් රසට උයන්න දන්නවා....

    කො වලියට ආපු කට්ටිය තවමත් නැහැ නෙ....

    ReplyDelete
  78. @rawaa
    හා ඉන්නවා.. හැබැයි..බොරු චෝදනා නම් ඉදිරිපත් කරන්න බැහැ හරිද.?:))D
    අදද පරිප්පු උයන්න ඉගනගත්තේ...?අයියෝ..මම නම් හිතුවේ තරු පහේ හෝටලයක වගේ කෑම හදන්න දන්නවා ඇති කියලයි කථා කරපු විදියට.හා කමක් නැහැ ඉතින් ඒකවත් ඇති.මාරයා නම් ආවට කමක් නැහැ..
    හැබැයි කහ ඉරේ වගේ නම් බැහැ හරිද..?අපේ පැත්තට තව කෙනෙක් හොයල ඕනේ.මොකද කහ ඉරේදිම හැප්පිලා මැරෙන්න උනොත් එහෙම මිනිස්සු කියයිනේ දැන් ඇස් පේන්නෙත් නැහැ කියලා. හපොයී): ද.මු වගේ මැරෙන්නත් බැහැ ..මටනම්.

    ReplyDelete
  79. @නිමන්ති,
    අනේ මොකද ගෙම්බෝ ගැන ලියන්න එපා කියන්නේ...
    ඔයා රවාට බයේ ගෙම්බෙක් වගේ පැනලාවත් ගියාද?
    ඒක නෙමෙයි, බැලුවද අලුත් ප්‍රිතිඵලය ගැන... තාම පිරිමි තමා....

    @රවා,
    එල එල.
    මට නම් තව ගොඩාක් ජාති උයන්න පුළුවන්. මහ දෙයක් නෑ බං.
    හරියට ලුණු, මිරිස්, කහ, තුන පහ දාන්න පුළුවන්නම් ඕකත් නිකං ජාවා ප්‍රෝගෑම් එකක් වගෙයි.
    ඉන්පුට් එකේ හැටියට අවුට්පුට් එක වෙනස් වෙනවා....
    pls send ur gtalk id to mmnanuruddhagmail.com


    /බිඟුවා...!

    ReplyDelete
  80. මගෙ මෙල් එකක් දාන්නම්...
    හැබැයි පුංචි ප්‍රශ්නයක් තියනවා, ජිටොක්, ස්කයිපෙ. අනන් මනන් ඔක්කොම වැඩ කරන්නෙ 15 වනිදයි පස්සෙ 25 වැනිදා විතර වෙනකම්.. එතකම් 8 kbps තමයි.. dialog බට්ටෙක් ඉන්නෙ..

    නිමන්ති අක්කට
    දාමු මැරෙද්දි මම ඉට ටිකදුරක් ඇතින් හිටියෙ, රාජකාරි වැඩ නිස බලන්න බැරුව ගිය... බොහො මිනිස්සු දන්නෙ එ මනුස්සය නරක කෙනෙක් කියලා.. එ උනත් එ මනුස්සයගෙ ජිවිත කථාව අහපු වහම ඔයාලට පුදුම හිතෙයි. එයාගෙ මනුස්සක්ම් ගොඩාක් තියනවා, ප්‍රසිද්ධ නොවුනු.....

    බිගු අයියට
    මම හදපු පරිප්පු එකෙ රහ බලන්න මට බැරුව ගියා.... කොහෙද
    කොහෙද අපෙ ගල් ඉබ්බො එක්ක මුකුත් කරන්න බැහැනෙ. උයලා ඉවර උන ගමන් ආවා එකෙක් ඇදන් ගියා මැතිවරන වැඩකට.. මම කලින් සැරෙ SF ට නමුත් මෙදා සැරෙ නිල් පාට දක්ෂ කෙනෙක් ඉන්නවා.. බලය නැතුව සැහෙන වැඩක් කරපු කෙනෙක්.. එයාව හම්බ වෙලා එද්දි රැ 2:00 යි.බුලත් විටම කාකා හිටියා.

    කො අපෙ චන්දෙ වැඩ කටයුතු කෙරිගෙන යනවා නෙද හා ... හා....
    විපක්ෂයක් නැහැ...
    විපක්ෂයක් නැහැ.... කො විපක්ෂෙ බවලත්තු දෙන්නා,

    නිමන්ති අක්කා දැනගන්න ඔනා දිල් අක්කව මෙතන්ට ආපහු ගෙන්න ගන්න. ඔයාලා දැනගන්න ඔනා ඔයාලට තව කට්ටිය සෙට් කරගන්න.. අපි අපෙ සොඳුරු හතුරන්ට උදව් කරන්නෙ නැහැ....

    ReplyDelete
  81. @ රවා
    මම කිව්වේ මට එයා වගේ බෝම්බෙකට අහුවෙලා මැරෙන්න බැහැ කියලයි:))D
    හා හරි මම හොයා ගන්නම්කෝ දිල්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!