February 6, 2010

වාස්තු විද්‍යාව - 3: ඉඩමේ හැඩය, පිහිටීම හා පස

අද වාස්තුතුලින් ලියන්න හදන්නේ ඉඩම් සම්බන්ධවයි.  ඉඩමේ හැඩය, ඉඩමේ පිහිටීම හා ඉඩමේ පස ගැන අපි අද කතා කරමු. මෙහිදී මා ඉඩමේ හැඩය පිළිබඳව වැඩිපුර ලියන්නට සූදානම්ය. නමුත් මෙහි එන සියළු කරුණු තෘප්ත කරමින් ඉඩමක් සෙවීම යම් අවස්ථාවකදී අසීරු විය හැකි බවත් මතක තබා ගත යුතුය.

ඉඩමේ හැඩය කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.
  • ත්‍රිකෝණ හැඩය නොවිය යුතුය
  • එල්(L) හැඩය නොවිය යුතුය
  • කූඤ්ඤ්යක හැඩය නොවිය යුතුය
  • ආයුධයක හැඩය නොවිය යුතුය
  • බිත්තරක් වැනි රවුම් හෝ විවිධාකාර හැඩයක් නොවිය යුතුය
  • හීනි දිග පටියක හැඩය නොවිය යුතුය
  • මුළුවල හැඩය අංශක 90 හෝ කිට්ටු අහයක් විය යුතුය
පහතින් දැක්වෙන රූ සටහන් මේ පිළිබඳව වැඩිදුර විස්තරයක් ඔබට ගෙන දෙනු ඇත.



අපි දැන් බලමු ඉඩමේ පිහිටීම ගැන. එය මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.
ඉඩමේ ජලය දකුණේ සිට උතුරට ගලන්නේ නම් ඉතා සුභය. එනම් ඉඩමේ දකුණ උස්ව ද උතුර පහත්ව ද තිබිය යුතුය. මෙහිලා බටහිර උස්වද නැගෙනහිර පහත්ව ද තිබීම වඩා වැදගත් ලෙස දැක්වේ,

  • උතුර නැගෙනහිර උස්ව පවතින විට මුදල් හානිය, අලාභ හා පිරිමින්ට අයහපත්ය.
  • ගිණිකොණ පහත් වීම නිසා සෞඛ්‍ය අපහසුතා, ගිණි උවදුරු ඇතිවිය හැකිය.
  • දකුණ පහත් වීම නිසා රෝග හා ආයුෂ අඩු වීම විය හැකිය.
  • නිරිත පහත් වීම නිසා අනව්‍යය වියදම්, සොර සතුරු බිය, රෝග ඇතිවිය හැකිය.
  • බටහිර පහත් වීම නිසා අසතුට, මුදල් හානි, පිරිමින්ට හානි ඇතිවිය හැකිය.
  • වයඹ පහත් වීම නිසා මානසික ආතතිය, මුදල් හානි ඇතිවිය හැකිය.
  • මධ්‍ය පහත් වීම නිසා මානසික අසහනය හා රෝග ඇතිවිය හැකිය.


අපි දැන් බලමු ඉඩමේ පස පිළිබඳව. මේ පිළිබඳව පවසන කල රතු හා කහ පැහැති බොරළු මිශ්‍ර පස ඉතා යෝග්‍ය බව පවසා ඇත. මෙහි යම් ඇත්තක් තිබෙන බව මමද විශ්වාස කරමි. මෙමන් පසක කිසිවිට ගිලා බැහීමක් සිදුවන්නේ නැත. නමුත් කළු පැහැති පස් ඉක්මනින් දිරාපත්වී පසේ යම් යම් සිදුරු ඇති විය හැකිය. එසේම වැලි සහිත පස් ඇති ඉඩම් ද යෝග්‍ය නොවන බව සැලකිය යුතුය.

කෙසේ නමුත් මෙහි එන සියළු කරුණු තෘප්ත කරමින් නිවාස සඳහා ඉඩම් සෙවීම අමාරු කාර්යයක් බව මම ද දනිමි. නමුත් මෙහි එන යම් යම් කරුණු සිථි රඳවා සිටීම යම් අවස්ථාවක ඔබට යම් උදව්වක් වනු ඇතයි සිතමි.

12 comments:

  1. අප්ප්ට හුඩු, අපේ ඉඩම දණ්ඩාකාර වගේනේ. ඒක තමා මම A/L ෆේල් උනේ...

    ReplyDelete
  2. මම නම් වාස්තු විද්‍යාව විශ්වාස කරන් නෑ.මම නම් හිතන්නෙ හිත හයියනම් ඔව්වට බය වෙන්න ඕන නෑ කියල.

    ReplyDelete
  3. ane palayan ban yanna.
    uba fail une ube mati kamata

    ReplyDelete
  4. @සාරංග,
    විශ්වාස කිරීම නොකිරීම හා එහි යම් බලපෑමක් ඇති නැති බව අතර සම්බන්ධයක් නෑනේද?
    හිතන්න මුස්ලිම් අය කියන්නේ නැවත උපදින්නෙ නෑ කියලා. නමුත් ඇත්ත මොකද්ද කියලා බෞද්ධ අය දන්නවා නේද?
    මම නිකන් උදාහරණයක් විතරයි කිව්වේ. මේක මුස්ලිම් අය වැරදියට ගන්න එපා. මම බුදු දහමට අනුව උදාහරණයක් පමණයි දුන්නේ...

    100% මමත් විශ්වාස කරන්නේ නෑ.

    /බිඟුවා...!

    ReplyDelete
  5. @ බිඟු අය්යේ,
    ඉඩම සමතලා වගේ නම්?
    :) බිඟු ඉඩමක් ගන්නද යන්නේ? එසේනම් සුභ පැතුම්!!

    ReplyDelete
  6. බිගු නද මම A/L කරලා කැම්පස් යද්දිත් දෙවියන්ට , භුතයින්ට හිනා උනා. තර්කයට අහුවෙන්නැත් හැම දෙටම හිනා උනා. නමුත් අද මම එ මතයෙන් වෙන් වෙලා ඉන්නෙ. තර්කයෙන්, විද්‍යාවෙන් , ගණිතයෙන් පැහැදිලි කරන්න බැරි දෙවල් ඔනා තරම්, මෙ ලොකෙ තියනවා. එ විෂයන් කියන්නෙ මිනිස්සු ප්‍රශ්න වලට උත්තර දෙන්න හදාගත්තු දෙයක් මිසක් හැම ප්‍රශ්නකටම උත්තරෙ එතන නැහැ කියලා වටහා ගන්න ගොඩක් කල් ගියා.

    ReplyDelete
  7. @මදුක,
    හොඳටම හොඳයි...
    මම ඉඩම අරගෙන නම් ඉවරයි බ්‍රාවෝ..

    @රවා,
    කල් ගිහින් හරි වැටහුන එක ගැන නම් හරිම සතුටුයි.

    එක උදාහරණයක් කියන්නද?
    ගණිතයේ කුලක සංකල්පය ගන්න. මේකෙන් බෑ මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න 2 පැහැදිලි කරන්න.
    නෑදෑයෝ ඇතුලට දැම්මොත් නොනෑයෝ එලියට යනවා. දැන් මට යන්න තැනක් නැති වෙනවා..

    ReplyDelete
  8. There is something we can't explain using our science, need to learn real science from BUDDHA. Then u'll find every thing as it is.

    ReplyDelete
  9. ගණිතයේ කුලක සංකල්පය ගන්න. මේකෙන් බෑ මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න 2 පැහැදිලි කරන්න.

    what is this ????

    ReplyDelete
  10. යමක් ගැන මතයක් ඉදිරිපත් කරන්න ඒගැන හොදට ඉගෙන ගන්න ඔන. මොඩයො වගෙ හිතට එන දේ කියවන්න එපා.

    ReplyDelete
  11. However, I also know that it is a Excellent post difficult task to find land for houses by satisfying all the points mentioned here.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!