අපි “ඔස්ලෝ” ගුවන් තොටුපලින් එලියට ඇවිත් “ෆ්ලීටොග්” නැමැති දුම් රියකින් “ඇස්කර්” වෙත ගමන් ඇරඹුවා. ගමන් මහන්සිය හින්දා මට දුම් රිය තුලම නින්ද ගියා. සිසිරයේ තද සීතලත් එක්කම් හිම වැටෙන්න අරගෙන. අපි “ඔස්ලො” නගරයට එනකොට අපේ උසට වැඩිය උසට හිම විටිලා තිබ්බා. ඒත් එක්කම තද සුළං රැල්ලකුත් යනවා ඇඟේ හිරිගඩු පුප්පාගෙන. හිම කබාය හින්දා එච්චර සීතල දැනෙන්නේ නෑ, ඒ උනාට අත් දෙක ළඟිනුයි හා බෙල්ල ළඟිනුයි සීතල කිඳා බහිනවා ඇඟ ඇතුලටම. අත් මේස් දෙක මේ තද සීතලට ඔරොත්තු දෙන පාටක් නෑ වගෙයි. හිම තොප්පියනම් නියමයි. එකෙන් කන්දෙකත් එක්කම වැහෙනවා. ඒ හින්දා සීතල පොඩ්ඩක් මග ඇරෙනවා. ඩෙනිම කපාගෙන සීතල සුලං කකුල වෙලා ගත්තත් ඒකේ තරම තදින්ම දැනෙන්නේ නෑ අපි ඇවිදගෙන යනකොට. හැබැයි මගේ හිම සපත්තු දෙකනම් හරිම අගෙයි. ඒ දෙක ඇතුලේ තියෙන පිහාටු වර්ගයේ ලොම් නිසා සීතල පොඩ්ඩක්වත් එන්නේ නෑ. වතුර ඇතුලට එන්නෙත් නැති හින්දා කකුල් දෙකනම් හොඳටම හරිස්සම් වෙනවා. මේ කොහොම උනත් අමාරුම දේ උනේනම් සීතලම නෙමෙයි. හිරු කිරනින් වඩාත් සුදු පැහැවී දිලිසෙන සුදෝ සුදු හිමවල සුදු පැහැයයි. මා කිසිම දිනයක හිම නොදැක තිබූ බැවිනුත් මෙවැනි සුදු පැහැ ආලෝකයක් නොදැක සිටි බැවිනුත් මේ සුදු ආලෝකය මා හට අමුතුම අත්දැකීමක් උනා. ඇස් දෙක එල එල්ලේ ඇරලා බලන්න බෑ. හරියට මහ දවල්ට ඉර් දිහා බලවා වගේ. අපි ඇස් දෙක පුංචි කරලා හොරෙන් වගේ එලිය බලනවා. අම්මෝ…! බෑ බෑ… ඉවසන්න බෑ ඒ සුදු පාට.. අයෙත් ඇස් වහ ගන්නවා. කොහොම හරි ටික වෙලාවකින් ඇස් දෙක ටික වෙලාවකින් පොඩ්ඩක් හරියනවා. “හිරු කන්නාඩියක්” තිබුනානම් හොඳයි, ඒත් මම කොහොමද ඒක දාන්නේ, දැනටමත් සාමාන්‍ය එකක් දාගෙන ඉන්නකොට.
සුදෝ සුදුයයි කියනු
අසා ඇත්තෙමි
හිමකැට
සත්තකයි
මම දැක නැත්තෙමි
මීට පෙර මෙවැනි සුදක්
කෙතරම් සුදුද
කිවහොත් දෑස නිලංකාරයි
හොරෙන් බැලුවෙමි
දෑස් අඩවන් කොට
එයමද අසීරුය
එක එල්ලේ බලා සිටීමට
මද්දහනට
හිරු දෙස බැලූ
එකකු ලෙසින්
අන්ද මන්ද වූයෙමි
man kawadaawat norway gihin nea
ReplyDelete