November 24, 2009

මට හිතෙන වාර ගණන අනන්තයි..

සිතාගන්න බැරිතරම්
දුරකට මගේ හිත
ඇවිල්ලා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...

මටත් හොරා
මගේ හිත දුරගමනකට
මුලපුරලා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...

කිසිදා නොලැබුණු
උණුසුමක් හොයාගෙන
ඔයාගෙ හිත අද්දරින්
හිමීට ඇදෙනවා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...

ඔය රත්තරං දෑත්වලින්
මගේ හිත ඔයගේ පපුවට
තුරුළු කරගන්නකොට
දරාගන්න බෑ වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...

දෑසේ කථාවෙන්වත්
හදවතේ සුවඳින්වත්
තේරුම්ගන්න බැරි එකම එක
දෙයක් තියෙනවා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...


1 comment:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!