දම්පාට රැලි වැටුනු
පුංචි සයට
ඔයා හරිම හැඩයි…
ඒක ඇන්දාම
ඔයාගෙ  දඟකාරකම
තවත් වැඩිවෙලා පෙනෙනවා…
ඔයගේ සුන්දර නැලවිලි
ගමනට වශී  වෙලා
මොහොතක්වත් අහක බලන්නැතිව
ඒ දිහාම බලාන ඉන්න මං හරිම ආසයි…
කොලොම්  රටේ
තට්ට තනියම පාළු කපනකොට
ඔයාගෙ ඒ දඟකාරකම
හොරෙන්ම අවිල්ලා
පුංචි  හාදුවක් කම්මුලේ දවටලා
දුවනවා වාගේ දැනෙන වාර ගණනනම්
මෙතකැයි කියන්න  බෑ….
ඒ හාදුවේ පහස ලබන්න, රසය විඳින්න
තියෙන ආසවටම
මමත් දෑස පියානම  ඉන්නවා
ඔයා හැබැහින් ඇවිත් ගියා
කියලා දැනෙන හින්දා…

No comments:
Post a Comment
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ
ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.
/බිඟුවා...!