July 27, 2024

ක්‍රීඩා උත්සවයේ වගතුග - 1

එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්. 

ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක් තීරණාත්මක සටනක් ලෙසින් මෙසේ අවසන් විය. ඒ සඳහා රැය දවල් නොබලා, කූසීත නොවී, මනා සිහියෙන් සිට මහත් කැපවීමෙන් නොයෙක් ආකරයෙන් පුහුණු පුරුදු වූ අපගේ සහෘද සිංහ කැල, අවිවාදයකින්  තොරවම අගය කළ යුතු වන්නේය. ඒ අතරම තිරය පිටුපස සිට නන් අයුරින් දිරිදුන් අපගේම සිංහ සහෘදයනි, මෙය ඔබගේම ජයග්‍රහණයයි. ඔබ නොසිටින තැන අපගේ ජයග්‍රහණයද නොසිටින්නේය. (හො.ම.ත.ග.යු.)

  

මෙය අප ලද පළමු ජයග්‍රහණයක් මෙන්ම අනෙක් සිගාලයන්ගේ සිත් නන් අයුරින්  සත්ත්‍රාසයට ලක් කිරීමක් යැයි පැවසූවොත් වැරදි නොමයැයි මට සිතේ. එසේම එම සිගාලයන් නෙයෙක් ආකරයෙන් අපගේ සමගිය බිඳිනටත්, අප දුර්වල කිරීමටත් පිඹුරුපත් අදිනවා සිකුරුමයි. අප ඒ සඳහා මනාව සූදානම් විය යුතු වන්නේය. ඒ සඳහා ඔබ සැමගේ ම නොමසුරු දායකත්වය ම අවැසි බව පුන පුනා කිව යුතු වන්නේය. 


අප ලද ජය වෙනකෙකු වෙත දෙන්නට ඔබ සූදානම්ද?




සැ.‍යු: මෙම ලියැමන හුදෙක් මගේ ක්‍රීඩා උත්සවයේ මිතුරන් උදෙසා ලියැවූවක් බවත් කිසිවෙකු රිද්දන අයුරින් කුරුටු ගෑවක් නොවන බව කරුණාවෙන් සලකන්න. 


June 24, 2023

ඊයේ මෙන්ම අද

 සියොත් කැල 

තුරු මුදුනේ සිට 

ගී ගැයුවාද මතක නෑ

නිසැකවම මට

අඳුර ගලන්නට පෙර

පාළු කුටියට

අදත් 

ඊයේ මෙන්ම... 




December 10, 2022

වන්නට ආදර්ශ භූමිකාවක්...


අහස්කුසේ එකදු තරුවක් නොමැතත් 

නෙත් යොමා බැලුවා මහත් කොට

වෙනදා පායන පහන් තරුව කෝයැයි සෙව්වත්

නොදැක සේයාවක් එයිනුත්

හිරිගඩු පුප්පාගෙන සීත සුළං හැමුවත්

දේඅත් දිගුකොට ඇඟමැළි කැඩුවා 

පිටවනු පිණිස අස්වද්දනට 

සිප්සතර සිසුනගේ

දිරිදෙන්නට, සවිදෙන්නට අනාවකට

ලං මවගේ දරුකැලකට තවත්

පසෙකලා අලසකම

වන්නට ආදර්ශ භූමිකාවක්

අවැසි බැවින් සැමටම ... 

 

December 9, 2022

ෂීථළයි අෆ්ෆා...

 ෂීථළයි අෆ්ෆා...

ඹෝළ ඝළ් වෙළා අඉයෝ........