November 23, 2009

පියමැන්නා අඳුර මැඳින්...

කවි ලියන්න නුහුරු දෑතට
සොඳුරු පදවැල්
තීන්ත පොදකින්
පත් ඉරු බොඳ කරන්නට
කෙලෙසවුනිදැයි මටම මතක නෑ....

මළහිරු අවරගිරින් ගිලිහී යද්දී
විහඟුන් කැදලිකරා පියඹායද්දී
මීමෝ වැව් ඉස්මත්තේ මොරදෙද්දී
මං දැක්කා කඩුල්ල අද්දර
දඟකාර පුංචි දෑසක්...

පුංචි මල් වැටුනු ගවුම් පොඩිය
බොරපාටට හැරුනු අහස්කුස
තිත්ත කරුවලට අරාඳින හැන්දෑව
හැඩකෙරුවා ඇගේ දසුන
මගේ හද කිතිකවමින්....

ඉඟිකෙරුවා ඇයට හොරෙන්
ඉඟිකෙරුවා මටත් හොරෙන්
ඉඟිකෙරුවා කාටත් හොරෙන්
ඇගේ දෑස මගේ හදට මොනවදෝ  මුමුණමින්

හදවත තෙත්කලත් සිතිවිලි                 ගංගාවෙන්
ඇය යනවා හෙටත් කඩුල්ල ලඟ         සිරියාවෙන්
ඉවසා දරාගෙන හදවත කෑදෙනහැටි    අමාරුවෙන්
පියමැන්නා අඳුර මැඳින් හෙට දවසේ අරුණ  බලන්






November 20, 2009

ඇස් අරන් යනවා…

ඉන්න බැරිතරම් ලෙන්ගතුව
නාඳුනන විදියට
අහක බලාගෙන
ඔබ මුමුණන කවි
අහගෙන මං
අහස් කුසේ
එහෙ මෙහෙ යන
සුළං පොදක්
වගේ ඔබ
මගේ ඇස් අරන්
යනවා හැමතැනකම…

November 19, 2009

ආදර කෙල්ලට

දම්පාට රැලි වැටුනු
පුංචි සයට
ඔයා හරිම හැඩයි…
ඒක ඇන්දාම
ඔයාගෙ දඟකාරකම
තවත් වැඩිවෙලා පෙනෙනවා…
ඔයගේ සුන්දර නැලවිලි
ගමනට වශී වෙලා
මොහොතක්වත් අහක බලන්නැතිව
ඒ දිහාම බලාන ඉන්න මං හරිම ආසයි…
කොලොම් රටේ
තට්ට තනියම පාළු කපනකොට
ඔයාගෙ ඒ දඟකාරකම
හොරෙන්ම අවිල්ලා
පුංචි හාදුවක් කම්මුලේ දවටලා
දුවනවා වාගේ දැනෙන වාර ගණනනම්
මෙතකැයි කියන්න බෑ….
ඒ හාදුවේ පහස ලබන්න, රසය විඳින්න
තියෙන ආසවටම
මමත් දෑස පියානම ඉන්නවා
ඔයා හැබැහින් ඇවිත් ගියා
කියලා දැනෙන හින්දා…

August 28, 2009

ලෙවල් එකට පාස් වෙන්න


ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියක් පන්සීයට යන්තරයක් දැම්මේ...
ඒකේ ප්‍රථිපල ආවා
මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ....

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...

යන්තරකරු ගියෙ බලන්න
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා....
මම කිල්ලට අහු වෙලාලු
යන්තරේ බල නැති වෙලාලු
ණයට ගත්ත 500ත් මෙමට නැතිඋනා...

මම නම් ගඟේ පනිනවා...
වතුර බීල මැරෙනවා...
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
රේල්ලට බෙල්ල තියනවා..
ජීවිතේ එපා කියනවා...
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...

කඳු නැගලා කඳු බැහැලා මාස ගණන් දුක් විඳලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්...
මගේ ෆුල්ඩම් එක දමලා ගත්තා වංගුව කපලා...
අඹ ලෙල්ලට ලිස්සල මං ගියානේ ගුවනින්...

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...

හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දණිපණි ගා නැගිටල මම ආයෙත් පැද්දේ...
හති දාගෙන පැද්දත් මම අන්තිමේදී තද වෙහෙසින්
දිනුම් කනුව ළඟට ආවේ හූ හඩ මැද්දේ...

මම නම් ගඟේ පනිනවා...
ජලය බීල මැරෙනවා...
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
රේල්ලට බෙල්ල තියනවා..
ලයිෆ් එක එපා කියනවා...
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...


චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවෙ කරල
සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවල මං
ප්‍රඩියුසර්ට වැඳල පුදල කැමරමන්ට සපොර්ට් කොරල
ඇට් කොරන්ඩ ලැබුනේ එකම සීන් එකයි බන්...

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...

මංගල දර්ශනේ බලන්න මගෙ මිතුරන් වටකරගෙන
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං.
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන්

මම නම් ගඟේ පනිනවා...
වතුර බීල මැරෙනවා...
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
රේල්ලට බෙල්ල තියනවා..
ජීවිතේ එපා කියනවා...
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...

මම නම් ගඟේ පනිනවා...
වතුර බීල මැරෙනවා...
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
රේල්ලට බෙල්ල තියනවා..
ජීවිතේ එපා කියනවා...
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...