November 23, 2009

පියමැන්නා අඳුර මැඳින්...

කවි ලියන්න නුහුරු දෑතට
සොඳුරු පදවැල්
තීන්ත පොදකින්
පත් ඉරු බොඳ කරන්නට
කෙලෙසවුනිදැයි මටම මතක නෑ....

මළහිරු අවරගිරින් ගිලිහී යද්දී
විහඟුන් කැදලිකරා පියඹායද්දී
මීමෝ වැව් ඉස්මත්තේ මොරදෙද්දී
මං දැක්කා කඩුල්ල අද්දර
දඟකාර පුංචි දෑසක්...

පුංචි මල් වැටුනු ගවුම් පොඩිය
බොරපාටට හැරුනු අහස්කුස
තිත්ත කරුවලට අරාඳින හැන්දෑව
හැඩකෙරුවා ඇගේ දසුන
මගේ හද කිතිකවමින්....

ඉඟිකෙරුවා ඇයට හොරෙන්
ඉඟිකෙරුවා මටත් හොරෙන්
ඉඟිකෙරුවා කාටත් හොරෙන්
ඇගේ දෑස මගේ හදට මොනවදෝ  මුමුණමින්

හදවත තෙත්කලත් සිතිවිලි                 ගංගාවෙන්
ඇය යනවා හෙටත් කඩුල්ල ලඟ         සිරියාවෙන්
ඉවසා දරාගෙන හදවත කෑදෙනහැටි    අමාරුවෙන්
පියමැන්නා අඳුර මැඳින් හෙට දවසේ අරුණ  බලන්






1 comment:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!