March 9, 2018

රටා තියලා ඇමදපු.......

රටා තියලා ඇමදපු මගෙ සිත් මලුවේ..
අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ..
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ..
තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ..

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා..
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා..
අතරින් පතරට සුදු වන කෙස් දැකලා..
තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා..

රටා තියලා ඇමදපු.......

පණ තරමට පෙම් කල නුඹ කෝ කියලා..
අසයි සරදමට මිනිසුන් ඉදහිටලා..
අපේ මතක රැදවුන නැත් අතහැරලා..
යන්න හිතෙනවා මට ගම රට දාලා

රටා තියලා ඇමදපු.......

https://www.youtube.com/watch?v=IpHM8V2jfyY

2 comments:

  1. පළවෙනි සහ දෙවෙනි වර්සස් නියමයි.

    ReplyDelete
  2. කාලයක් ආසාවෙන් අහපු සින්දුවක්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!