February 28, 2018

සොඳුර ...

ඈතක ඈතක
සිතක ඇඳුණ එකම එක
සිත්තමක් යාන්තමට
ගෙනෙයි මතකයන්
අතීතයෙන් අනාවකට
මොහොතක් තනිවන්නට
සිතිජයෙන් ඔබ්බට පියඹන
විගඟුන් මෙන් පිය විහිදා
දෑස් දිගුකොට
අහස් කුසට පීරන්නට වූයෙම්
වළාවන්තුරේ
එකදු මතකයක්වත්
ගෙනේවියැයි සිත්මඩලට
සිතැතින්ම මුළාවී
නොනිමෙන ආසාවෙන්ම
නමුදු සොඳුර...

2 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!