September 21, 2014

සිංහල භාෂාවේ පිලි

කා වා ඇලපිල්ල කැ වැ කෙටි ඇදපිල්ල කෑ වෑ දික් ඇදපිල්ල කි වි කෙටි ඉස්පිල්ල කී වී දික් ඉස්පිල්ල කු කෙටි වක් පාපිල්ල වු කෙටි කොන් පාපිල්ල කූ දික් වක් පාපිල්ල වූ දික් කොන් පාපිල්ල කෘ වෘ කෙටි ගැටපිල්ල කෲ වෲ දික් ගැටපිල්ල කෙ වෙ කොම්බුව කේ කොම්බුව හා උස්පිල්ල වේ කොම්බුව හා උඩුපිල්ල කෛ වෛ කොම්බු දෙක කො වො කොම්බුව හා ඇලපිල්ල කෝ වෝ කොම්බුව හා දික් ඇලපිල්ල කෞ වෞ කොම්බුව හා හා ගයනුකිත්ත

26 comments:

  1. බොහොම ස්තුතියි... මටත් ඔය පිලි වල නං මතක හිටින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මේකත් මම පොතකින් උස්සපු එකක්. නැතුව මතකෙන් ලිව්ව නෙමෙයි මචන්....

      Delete
  2. Replies
    1. සිරාවට ඒ ගැන නම් දන්නේ නෑ. ඒක පිල්ලක්ද කියලා ෂුවර් නෑ

      Delete
    2. ඔව් ඔව් මේක තමා. මං දන්නේ නෑ මේක පිල්ලක්ද කියලා

      Delete
    3. ඒක පිල්ලක් නෙමෙයි අනේ

      Delete
    4. ඒකනේ ඒක පිල්ලක් නෙමෙයි නේද?

      Delete
  3. Replies
    1. අහා සිරාවට ඒක මොකද්ද හැබෑටම. ක් කියන්නේ නම් කොඩියටයි. ව් කියන්නේ රැහැනටයි. මේ දෙකේ එකතුවක්ද දන්නේනෑ

      Delete
    2. මම කිවුවෙ ඔය ක යන්නට යටිං දාල තියෙන එක ගැන. මම හිතන්නෙ රකාරාංශය කියන්නෙ ඕකට තමයි.

      ක්‍ර ප්‍ර ත්‍ර ශ්‍ර

      Delete
    3. ත්‍රෛාලෝකවිජයපත්‍රධාරියා...

      Delete
    4. ත්‍රෛභාෂා ප්‍රසන්න පුත්‍රයා වක්‍රව ප්‍රකාශ කර ඇත්තේ....... :D

      Delete
    5. මේක නම් මඤ්ඤං වගෙයි

      Delete
  4. අමතක වෙලා තිබුණු දෙයක්, ඇත්තටම අපි සිංහලද?

    ReplyDelete
  5. ඉස්පිලි පාපිලි ඇලපිලි කියන වචනත් දැන් ටික ටික අමතක වෙලා වගෙයි.. :) මෙහෙම හරි ඉඳල හිටලා මතක් කරන එක හෙන වටිනවා. :)

    ReplyDelete
  6. ඉස්පිලි පාපිලි නැති රටක කවියක් ගැන මෙව්වා එකක්
    http://status-chanaka.blogspot.com/2010/09/blog-post_24.html

    ReplyDelete
  7. "ර" යන්න "රු" යන්න කිරීම සඳහා යොදන පිල්ල මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ කෙටි ඇද පාපිල්ල කියලා

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!