October 22, 2012

Image By 1G



 

බඩ වාගේම තට්ටෙත් යහමට තියෙනා
පිනකට වගේ තොප්පියකින් එය වැහෙනා
කවුද අඩෝ වරෙව් කෙලින් චන්ඩී කියනා
බැලූ සැරෙන් එක්වරටම පෙනිලා කැපෙනා

'මොකක් කිව්වා' කියමින් ආයෙත් අසනා
පින්තූරයක් දැක්කොත් යන්තම්වත් වටිනා
අරශොප් මේ ශොප් එක් කරමින් සොඳිනා
කෙල කරවයි නිල් සරමක් ඇඳ සිටිනා

ක්‍රීඩා ඇමතිකම හින්දා කෙල වෙන්නා
කතාවලට වැඩි වැඩියෙන් දුක් වෙන්නා
කාටවුනත් තේරෙන්නැති ගැට පෙන්නා
zසීනා හිමීටම එතැනින් පැන ගන්නා

දැක්කොත් ඉතින් පොල් පැලයක් හොඳින් වැඩී
ඉන්නට බෑනේ මේකගේ ඒ කකුල් දෙකම කසී
දණ්ඩ වගේමයි කෙරුවාවත් ඒ හැටිම නිසී
කැරම් විතරමයි බෝල ගැහිලිනම් ඒ හැටිම බැරී

බෝතලයක් ඇතුලේ  ලොව ගැබ් වෙන්නා
වැටෙනකම්ම ගහලා රජ කබරය වෙන්නා
බල්ලා වුනත් කම් නැත හාදුම දෙන්නා
තව මොහොතක් ආතල් එක ගනිමින්නා

අලුත් නාන ඇඳුමක් මම අරගත්තා
අලුතෙන්මයි කස්ටියටම පෙන්වමිනා
පිහිය අතේ රා කලයක් අනෙකතිනා
අද පෙන්වමි වැඩ කිඩ නිසි මම ලෙසිනා

අනිත් එවුන් ඕනෑ එකක් කර ගත්තෙන්
මම දෙන්නම් රා කලේට සිත් මත්තෙන්
කස්සා පෙන්නෙනේ කලේට පොඩ්ඩක් අස්සෙන්
තව පොඩ්ඩෙන් ඒකත් නොපෙනී යත්තෙන්

හරි හරි  ඔක්කොමලා මොකද සද්ද
මං නැති තැන උඹලා මේ ලූලා වෙද්ද
චන්ඩි බන්ඩි කරනා ඔය පුස් සද්ද
කියමින් ජැකියා පැන්නා උස්සන් රෙද්ද

 

10 comments:

  1. Swimming attire එකක් නිසා මට වෙච්චි දෙයක්...!
    නියම පෝස්ට් එකක් අය්යේ...:)

    ReplyDelete
  2. Replies
    1. ඊලඟ ගොසිප් එකේ ඔයාද දන්නේ නැ

      Delete
  3. මරු.අර චිත්‍ර දෙකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. එකක් මචන් බිත්තියක් තිබ්බේ...

      Delete
  4. මරු මරු... කාගෙද පින්තූර දෙක... ඒවත් නියමයි...ඔබට ජය...

    ReplyDelete
  5. ෆට්ට!
    /නාඩ්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!