August 2, 2012

නිලූක කරුණාරත්න, කාශ්‍යපට පැරදුනාද?

නිලූක, කාශ්‍යපට පැරදුනාද යන්න ගැන කතා කිරීමට පෙර ඔහුගේ ජයග්‍රහණය ගැන අප කතා කල යුතුයි.

නිලූක ලොව අංක 8 දරණ ජපාන ක්‍රීඩකයා පරාජය කලේය. එය අප ලද මහා ජයග්‍රහණයකි. ඔහු ලංකාවේ බැට්මිටන් ලොවට නව එළියක් ගෙනාවේ නව පිටු පෙරළමින් ලෝකයා මවිත කරමින්ය. මේ ගැන අප පිටු පුරා අකුරු කරන්නට හැකිය. නමුත් කාශ්‍යප හමුවේ ඔහුට උනේ කුමක්ද යන්න යාන්තමින් හෝ විමසා බැලිය යුතුය. ඔහු පළමු හා දෙවන තරඟ වාරයන් මනාව ක්‍රීඩා කළේය. ඒ බව තරඟය බැලූ ඕනෑම අයෙකුට සක්සුදක් සේ පැහැදිළිය. නමුත් අවසාන වටයේදී ඔහුගේ කිසියම් පසුබෑමක් දිස්වන්නට විය. ඉංදීය ක්‍රීඩකයා අසාර්ථක වන සෑම අවස්ථාවකදීම ඔහුගේ පුහුණුකරු කිසියම් උපදෙස්, උපක්‍රම ලබා දුන් බව තරඟයේ කැපී පෙනෙන්නට විය. නමුත් නිලූක අසාර්ථක වන අවස්ථාවේදී ඔහු කලේ තනිවම වතුර පොදක් තොල ගෑම පමණිකි. මහාමෙරක් තරම් බරක් හිසට දැනෙන විට එය පුළුන් රොදක් කිරීමේ හැකියාව ඇති එකම පුද්ගලයා ඔහුගේ පුහුණුකරු, රන් හා වටිනා මිනිත්තුවේදී ඔහු කොහිද? ඔහු හිතාමතාම නිවසේ රැඳුනාද? නැත්නම් ඔහුට රැඳෙන්නට සිදු වීද?

අප දුප්පත් රටක් බව පුන පුනා කීමට උවමනා නොමැත. නමුත් අපට කල හැකි යමක් ද නැතුවාම නොවේ. ඔලිම්පික් හෝ මොනයම් ලෝක තරඟයක් හෝ වේවා එහි ක්‍රීඩා කරන්නෝද පිටසක්වල ජීවින් නොවෙති. එමෙන්ම ඔවුනොවුන්ගේ දක්ෂතා අතරද මහා ලොකු වෙනසක් නොවෙති. එසේනම් වෙනස ඇත්තේ ඔවුන්ගේ අවට පරිසරයේය. එනම් පුහුණුවීම් හා පහසුකම් මතය. සෑම ක්‍රීඩකයකුටම අපට දිය හැකි උපරිමය දිය යුතුය. එමෙන්ම නිසි ක්‍රීඩකයා තරඟයට යැවිය යුතුය. ලොකු ලොක්කන්ගේ උවමනා එපාකම් මත ඒවා සිදු නොවිය යුතුය. ලංකාවේ ක්‍රිකට් වලට සිදුවී ඇත්තේද මෙවැනිම දෙයක් නොවේද? එය දැන් දැන් අනෙකුත් ක්‍රීඩා සඳහාද විසරණය වන බවක් නිතැතින්ම දැනෙන්නේය.

ඒවා කෙසේ වෙතත් කිසියම් තරඟයක් උඩු යටිකුරු කරන්නේ පුහුණුකරු විසිනි. පුහුණුකරු නොමැතිව නිලූක කල සටන අප කවුරුත් අගය කල යුතුය. කිසියම් හෙයකින් පුහුණුකරු සිටියා නම් නිලූක ජය ලබන්නට බොහෝ ඉඩ නොතිබුනා නොවේ. කාශ්‍යප ද සැබැ දක්ෂයෙකි. එයද අමතක නොකල යුතුය. නිලූක පැරදුනා නොව පැරැද්දුවා යන්න මාගේ මතයයි. ක්‍රීඩා ඉසව් මුවාවෙන් අපේ මුදල් නාස්ති කරමින් බාල් නැටීමට යන අපේ පුදගලියින් එකෙක් වෙනුවට මේ පුහුණුකරු යැව්වේ වී නම් අද මේ කතාව ලියැවෙන්නේ වෙනමම අයුරකිනි.

මේ ගැන නිසි බලධාරීන් විවෘත මනසකින් කටයුතු කරාවියැයි අප නෙත් යොමා බලා සිටින්නෙමු.


32 comments:

  1. පුහුණු කරුවා නොගෙනිච්චේ බලධාරින්ගේ තීරණයකින් නම් (වඩාත් විය හැකි දෙය ) නිලුක ව පරාද කලේ ඔවුන්

    ReplyDelete
  2. title eke ekak dala liyane thawa ekak, shit

    ReplyDelete
    Replies
    1. යකෝ නිලූක කරුණාරත්න, කාශ්‍යපට පැරදුනාද? නැහැ කියලා ලියලා තියෙන්නේ සිංහලෙන් කියවපන්කෝ හරියට.

      Delete
  3. අදාල ක්‍රීඩකයාගේ නියම පුහුණුකරු ගෙනයාම ඉතාම වටිනවා. එහෙම නොකරන්නේ අපිට මුදල් නැති නිසා නම් සම්මාදන් එකතු කරලා හරි ඒ දේ කරන්න තිබ්බ. නමුත් අපේ ටීම් එකේ ක්‍රීඩකයෝ ගානට වඩා නිළධාරීන් යවන්න පුළුවන් නම් මේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ වෙනුවෙන් තමන්ගේ පුහුණුකරු යවන්න බැරි ඇයි කියන එක ප්‍රශ්නයක් නේද?

    මගේත් අදහස මේ දේවල් වෙන්නේ මෙහෙම නම් අදාල නිළධාරීන් මීට වගකිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනිවා බලන්න ඕනැ...

      Delete
    2. ක්‍රීඩකයින් ගානට වඩා නිලධාරීන් ගිහිල්ලත්.. ක්‍රීඩකයාට තමන්ගේ පුහුණුකරු නෑ කියන්නෙ කරුමයක් නෙවෙයි.. උරුමයක් අහිමි කිරීමක්..

      Delete
  4. අයියෝ මට කියාගන්න බැරි තරම් දුකයි අප්පා.
    මාත් ඊයේ මේ ගැන ලිව්වා :(
    ගියපු නිලධාරි හැත්තෙන් එකෙක් අඩු කරලා කෝච් ව අරන් යන්න තිබුනනේ :/

    ReplyDelete
  5. අපරාදේ... අච්චර සෙනගක් ගිය එකේ පුහුණුකරුව අරගෙන යන්ඩ තිබ්බා

    ReplyDelete
  6. ඉන්දියන් එකා නිලුකයට වඩා දක්ෂයි සරල ඇත්ත ඒකයි.පුහුණු කරු හිටියත් නැතත් වෙනසක් නැහැ.අනිත් අතට මුල් වටයේදී ලෝක මට්ටමින් 8 සිටි ක්‍රීඩකයා පරාජය කරන විටත් පුහුණු කරු සිටියේ නැහැනේ.ඒ වෙලාවේ කිසිවෙකුට පුහුණු කරු නොමැති වීමේ ගැටලුව මතු වුනේ නැහැ.ජයග්‍රහණයට පියවරු ඕන තරම් එත් ඉතින් පරාජයේ වගකීම බාරගන්න කව්රුත් නැතිවීම හැමදාමත් සිදුවන දෙයක්නේ.

    ReplyDelete
    Replies
    1. මේකේ සීන් එක යකෝ උවමනා වෙලාවේ පුහුණුකරු නොමැති වීමයි. Rank 1 එකා එක්ක වුනත් ගහනකොට පුහුණුකරු උවමනා නොවෙන්න පුලුවන්.

      Delete
    2. දෙවැනියගේ කතාවට එකඟයි.

      Delete
    3. අනෙක් අතට අපි දැක්කා.. ඉන්දියන් ක්‍රීඩකයා වට කරගෙන ඔහුව ධෛර්‍යමත් කරනවා කට්ටිය.. අපේ එකා ගාවට එන්නවත් හිටියේ එක නිලධාරියෙක් විතරයි..

      අවස්ථා කීපයක සිදුවුණු යම් යම් දේ නිසා නිලූක ගේ මානසිකත්වය බිඳ වැටුණා.. ඉන්දීය ක්‍රීඩකයා හා තරඟයේ දී.. ඒ වෙලාවට තමයි ඒ සහාය අවශ්‍ය..

      Delete
  7. මම ඊයෙ මේ මැච් එක බැලුව. මම දන්න දැකපු විදියට නම් , නිලුක "හොඳ ගේමක් දුන්න". පැරදුන එක නම් අපරාදෙ. දිනන්න තිබුන මැච් එකක් මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේත් ගේම ගහන්න තිබ්බා

      Delete
  8. " ලංකාව , දේශපාලනය , බලධාරීන් " , තවත් කතා කරන්න දෙයක් නැති මාතෘකා....

    " නිදහස් අධ්‍යාපනය , ක්‍රීඩාව , සුදුස්සාට නිසි තැන " ,ලංකාව ඇතුලේ කොච්චර කතා කලත් , පලක් නැති මාතෘකා....

    තියෙන්නේ රටම ගැන කලකිරීමක්... ඔක්කොම එකයි!

    හොඳ ලිපියක් අයියේ... ජය!

    ReplyDelete
  9. හොද ලිපියක් මචං . . . ඒත් කතා කරල වැඩක් නැති මාතෘකාවක්

    ReplyDelete
  10. මට කිව්වා නම් එන්න තමන්ගෙ වියදමින් කියලා මම මගේ වියදමින් ගිහින් නිලූකට සහාය දෙනවා. බැඩ්මින්ටන් ගැනත් දන්නවා, ක්‍රිඩා තරඟය ගැනත් දන්නවා!!! දුප්පත් රටක් නිසා වියදම් ගැන කතාවක් නෙමෙයි මේක ... බලය ගැන වූ කතාවක්. මම ලියපු 'තරඟ ජය' (sports psychology) සිංහලෙන් ඒ ගැන ලියා ඇති මුල් ම සහ එකම පොත ක්‍රීඩා පුහුණු අධිකාරියෙ ලොක්කාට ලංකාවේ ක්‍රිඩාවක 2 වැනි තැන සිටි අය දුන්නාම එයා කියලා තියෙන්නෙ 'මේ පොත මම ලිවිය යුතු එකක්' කියලලු. ඒත් පොත් ටිකක් නිකම් දුන්නත් බෙදලා දෙන්නෙ නැති මිනිස්සු. තමන් කිසිත් නොකරත් කරන අයෙකුට ඉඩක් දෙන්නෙත් නැහැ, මොකද එතකොට ප්‍රසිද්ධ වෙන්නෙ වෙන කාගේ හරි නමක්නෙ.

    කතා කළ යුතු මාතෘකාවක්, දිගින් දිගට ම අත් නොහැර. ලංකාවට වෙන දේවල් වගේ ම, ඔලිම්පික් පදක්කම් ද අඩු දක්ෂයෝ නැති නිසා නෙමෙයි, දක්ෂයන්ට ඉඩක් දෙන්නෙ නැති නිසා.

    ReplyDelete
  11. අපේ රටේ ක්‍රීඩාවට වල කපන්නෙ බලදාරියො..... පේනවනෙ ක්‍රිකට් වලට වෙන දේ

    ReplyDelete
  12. ම්ම්ම්ම්.. අනේ මන්දා මේ ලංකාව නන්...

    ReplyDelete
  13. හැමදේටම දේශපාලනේට බැනලා වැඩක් නෑ...මුගේ ‍රැකට් එකේ අවුලක් තිබිලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙමද වෙලා තියෙන්නේ...
      හුටා...

      Delete
    2. එක රැකට් එකයි ද අරන් ගිහින් තියෙන්නෙ? කම්මැලිකමට සෙල්ලම් කරන අපිටත් රැකට් දෙකක් තියෙද්දි. රොජර් ෆෙඩරර් එහෙම උර දෙකෙන් ම රැකට් දහයක් විතර දාපු බෑග් උස්සා ගෙන එන හැටි රූප පෙට්ටියකින් වත් දැකලා නැද්ද?

      Delete
    3. හී හී...
      හික්ස්

      Delete
  14. niluka ge video eka nedda balanna

    ReplyDelete
  15. මමත් ඔන්න අද මේ පැත්තට ආවා

    ලංකාවෙ ජරා ජීර්ණ දේශපාලනය හැමතැනකම රිංගලා තියෙන්නෙ... මානසික ඒකාග්‍ර‍තාව ඉතා වැදගත් මේ වගේ ක්‍රීඩාවකදි සහ මේ වගේ පීඩනය වැඩි තරගයකදි පුහුණුකරුගෙ භූමිකාව සෑහෙන්න වැදගත්.. පුහුණුකරු වෙනුවට බැඩ්මින්ටන් සංගමේ සභාපති එතන හිටියෙ කාගෙ රස්නෙ අරන්ද කියලා හිතා ගන්න බෑ... අපිට කවදාවත් ගොඩ යාමක් නැත්තෙ සුදුස්සාට සුදුසු තැන නොලැබෙන නිසයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් කියන්නේ....

      Delete
    2. "පුහුණුකරු වෙනුවට බැඩ්මින්ටන් සංගමේ සභාපති එතන හිටියෙ කාගෙ රස්නෙ අරන්ද කියලා හිතා ගන්න බෑ"

      වෙලාවෙ හැටියට මිනිහා වත් හිටපු එක ලොකු දෙයක්..

      Delete
  16. උත්තර ටික අනිත් අය දීල තියෙනවනේ... මං කිව්වත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!