වීද අනවධානයක් නැතහොත් කරාද
හිතාමතාම උන් උන්
වෙසෙසින් සම්ප්‍රාප්ත වෙමින් අතරට
අපේ ප්‍රංසවාදය බිඳනු පිණිස
තිබූ කලක් යහතින් වැජඹෙමින්
එකම ධජයක් එකම සෙනෙහසක්
වීද කරාද කම් නොමැත්
අවසන දුටුවිට හිත් කිළිපොළන
තරමට ගෙනෙන්නට තත්සර
නගන පොපියන දෙනෙත්
බසින් අවසර නොමැතිව පවසන
කෲර කුහක අකුරු පෙළ
රිදවයි දෙසවන් දුන්නා වූද
දෙන්නට වීද මිථයාව අනෙකුගේ
කැමැත්ත මිසක නොපැතුවද
වාලේ සඳ සැල් මෙන්
ඉනංගු කරමින් සසංකත්වය
ත්‍රීව්‍ර කෙරෙමින්
ගෙනෙමින් නොහොඹිනා නොතරම්
සංගත බෙදුම බෙදමින් අපතරට
උවමනාවීද කුකුල් කඩන්නට
සිද බෙඳින්න්ට මෙතුවක් වුණු
ඉන්ද්‍රකීලයන් නොකී මුව සැහෙන
ඉවසන්නට නොහැකිවීද
කිළිටි මානස සහිත
ජය ලැබුවාද ඉතින් යහතින්
-රිදුනු සිත-
ඇත්තම කියනව නං මට එච්චර තේරුනේ නෑ මේ කියන්නේ මොකක්ද කියල..
ReplyDelete:ඩී
මගේ ඔලු ගෙඩියට මේක බර වැඩියි. මොකක් ගැනද අයියේ මේ කවි සිතුවිල්ල ලියලා තියෙන්නේ.
ReplyDeleteමේ බර වචන ටික තේරුම් ගන්න තරම් සිංහල දැනුමක් නෑ කියන එක කණගාටුවෙන් වුනත් පිළිගන්න වෙනවා :(
ReplyDeleteබර කිව්වට එහෙම බරක් නැ මචන්ස්ල්ස්ස්...
ReplyDeleteඇත්තම කිව්වොත් කාලයක් එකට සෙට් වෙලා හිටිය සෙට් එකක් තරඟයක් නිසා පොඩ්ඩක් බේදබින්න වුනා වගේ එකක් තමා කියැවෙන්නේ... ඒ ගැන හිත දොස් කියනවාලූ...
ඔබගේ බ්ලොගයේ අලුත්ම මෙම්බර් වශයෙන් මගෙ ප්‍රොෆයිල් එකෙන් ජොයින්ට් වී සිටින පුද්ගලයා මා නොවන බවත්,ඔහු විසින් පල කරන කිසිම කොමෙන්ටුවකට මගේ සම්බන්ධයක් හෝ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න..ස්තූතියි.
ReplyDeleteමචං . . . සෙට් එක තරහ වෙලා වගේ පේනව
ReplyDelete