වතුර, පොළව, ගින්න, වාතය. මගේ ආච්චී අපිට ඉතිහාස කතාන්දර කියාදෙන්න පුරුදුවෙලා හිටියා. අපි සාමයෙන් ජීවත් වුණු. ඒ නම් ඇවටාර් විසින් ජල ගෝත්‍රය, පොළෝ රාජධානිය, ගිනි ජාතිය සහ සුළං එඬේර යන ජාතීන් අතර සංතුලනය පවත්වා ගත් නිසාවෙන්. නමුත් ගිනි ජාතිය නොහොත් ගිණි හමුදාවේ ප්‍රහාරයත් සමගම මේ සංතුලනය බිඳ වැටෙන්න ගත්තා. මේ ක්‍රෑර ගිණි හමුදාවේ ක්‍රියාදාමය නැවත්විය හැක්කේ මේ මූලධාතු හතරම ප්‍රගුණ කල ඇවටාර්ටම පමණි. නමුත් ලෝකයටම අවැසි මේ තීරණාත්මක වේලාවේ ඔහු අතුරුදහන් වෙලා. අවුරුදු 100ක් ගත වී ගිණි හමුදාව යුද්ධය දිනන්න ආසන්න වෙලා. හරියටම අවුරුදු 2ට කලින් මගේ තාත්තා අපේ හෝත්‍රයේ අනික් පිරිමි සමගින් පොළෝ රාජධානිය වෙත යන්න පිටත් වුනා. ඒ ගිණි හමුදාවට විරුද්ධව සටන් කරන්න. මටයි මගේ සහෝදරයාටයි අපේ ගෝත්‍රයේ අනිත් අයව බලාගැනීමේ වගකීම බාර උනා. සමහරු කියනවා ඇවටාර් කිසිමදාම නැවත උපදුනේ නැලු සුළං එඬේර ගෝත්‍රයේ. ඒවගේම ඇවටාර් චක්‍රය බිඳ වැටුනාලු. නමුත් මගේ හිත කියනවා ඇවටාර් ආයෙත් ඇවිල්ලා ලෝකයේ සංතුලනය හදාවි කියලා.
ඉතින් මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ. මේක කියන්නේ කටාරා, එයා ජල ගෝත්‍රයේ කෙනෙක්. එයාලගේ හෝත්‍රයේ ඉන්න සමහරුන්ට පුලුවන් ජලය හසුරවන්ට. ඒකට කියන්නේ බෙන්ඩින් කියලා. කතාවේ නම ද ලාස්ට් එයාර් බෙන්ඩෙර්(Avatar: The Last Airbender) ඒ කියන්නේ අවසාන සුළං ගෝත්‍රයේ කෙනා ඇවටාර් කියලා. මේ බෙන්ඩින් සීන් එක හැමෝටම කරන්න බැ. ඒකට පුරුදු පුහුණු වෙන්න ඕනැ. ඇවටාර් කියන්නේ එක ආත්මයක්. එයා මේ ගෝත්‍ර හතරේ මාරුවෙන් මාරුවට උපදිනවා. ඒකට කියන්නේ ඇවටාර් චක්‍රය කියලා. මොනවාහරි පරිසර අසමතුලිතයක් ආවොත් මෙයා වැඩ දාලා ඒක සෙටල් කරනවා. ඉතින් ඔය අස්සේ ගිණි හමුදාව ඒ කියන්නේ ෆයර් නේෂන් එක යුද්ධය පටන් ගත්තා. ඒ එක්කම ඇවටාර් අතුරුදහන් වෙනවා. ඇවටාර් නැති හින්දා යුද්ධය දිගටම යනවා. ඔවුන් ඉස්සරලාම ගහන්නේ සුළං ගෝත්‍රයට. ඒ මොකද දන්නවද? ඊළඟට ඇවටාර් උපදින්නේ ඒ ගෝත්‍රයේ නිසා. ඇවටාර් හිටියොත් ගිණි හමුදාවට දිනන්න බැරි වෙන හින්දා. මේ කතාව කියන්නේ කටාරානේ. එයා විශ්වාස කරන්නේ නැ ඇවටාර් මැරුනා කියලා. ඉතින් ඔන්න ඔහොම කතාව පටන් ගන්නවා.
මේ කාටූන් මාලාව ප්‍රධාන පොත් 3ක් නොහොත් Season 3ක් ඔස්සේ දිව යනවා. ඔක්කොම අතුරු කථා(Episodes) 61ක් සමගින්.
පොත අංක 1: වතුර 20 අතුරු කථා(Episodes)
පොත අංක 2: පොළව 20 අතුරු කථා(Episodes)
පොත අංක 3: ගින්දර 21 අතුරු කථා(Episodes)
මෙන්න පළවෙනි එක:
පාවෙන අයිස් කුට්ටියේ සිරවුණු ළමයා (The Boy in the Iceberg)
සොක්කයි, කිටාරයි මාළු අල්ලමින් ඉන්නවා. සොක්ක කියන්නේ කිටාරාගේ සහෝදරයා. මිනිහ හෙන තාක්ෂණික ඩයල් එක වගේ ඉන්නේ. තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ. සමහර වෙලාවට ඒවා වැඩත් කරනවා. ජල ගෝත්‍රයේ හිටියට මැන්ස්ට බෙන්ඩින් බැ. ඒ කියන්නේ සොක්ක ජල හසුරවන්නෙක් නෙමෙයි. නමුත් කිටාරාට පුලුවන්. මේ දෙන්නා මාලු අල්ල අල්ල ඉන්න වෙලාවේ හදිස්සියේ ජල පහරකට අහුවෙලා අයිස් කුට්ටියක් ගාවට තල්ලු වෙනවා. ඔන්න ඕක ඇතුලේ පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. මෙයාලා එයාව බේරා ගන්නවා. ඒ ළමයගේ නම ඇන්. ඇන්ට ඉන්නවා ඉගිලෙන කුළුහරකෙක්. ඒකගේ නම ආපා. අර ජලපාර හින්දා මෙයාලගේ බෝට්ටුව කැඩුනනේ. දැන් යන්න වෙන්නේ මේ කුලාගේ පිටේ තමා. ඉතින් ඒකගේ පිටේ නැගලා ගමට යනවා.
සොක්කට මේ ඇන්ව අල්ලන්නේ නැ. මොකද මේකා සුළං ගෝත්‍රයේ සුළං හසුරසවන්නෙක් නිසා. ජනප්‍රවාදයට අනුවනම් ඔක්කොම සුළං හසුරසවන්නන් මැරිලා. නමුත් එකෙක් ඉතුරුයි. අනික සොක්කගේ මූලික අරමුණ තම ගෝත්‍රය ආරක්ෂා කිරීම. ඒ හින්දා ෆන් වැඩවලට කැමති නැ. ඇන් කියන්නේ පොඩි කොල්ලෙක්. ඇන් ගෝත්‍රයේ ඉන්න අනිත් අයත් එක්ක ෆන් ගන්නවා. මේක එච්චර ඇල්ලුවේ නැ සොක්කට. කොහොම නමුත් ඔක්කොමලා සමගියෙන් ඉන්නවා.

මෙතනින් පළවෙනි කොටස ඉවර වෙනවා. මම මේ කතාව බලන්න අරගෙන නිකන් අබින් කාලා වගේ නිදි මරාගෙන බැලුවා. පට්ටම කියලා තමා කියන්න තියෙන්නේ. මේ දවස්වල මගේ රැජිණත් එකසිය ගාණට ඒක බලනවා. ඇත්තම කිව්වොත් මම දෙපාරක්ම බැලුවා. උන්මාදයක් වගෙයි. පුලුවන් උනොත් ඔක්කොම Episodes මම ලියන්නම් කෙටියෙන්. හොයාගෙන හරි බලන්න වටිනවා.