ඉතින් මම හිතුවා දහම් පාසල් යන්න ඕනෑ ආයෙත් කියලා. එහම හිතලා ගියා පන්සලේ ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න. ගිහිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා. මේ හාමුදුරුවන්ගෙත් හරිම නීතී. මට කිව්වා 1 වසරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා කියලා. මම කිව්වා ඒක නම් බෑ. අඩුම ගානේ 6 ටවත් දාන්න කියලා. ඔහොම කොහොම හරි මම 6 ට ගියා. මම ඇත්තම කියන්නම්, මට ඒ පොත හරිම ලේසියි. කරන්න කියලා දෙයක් නෑ. මම පන්සල ගියේ ඉරිදා උදේට සෙල්ලම කරන්න තියෙන ආසාවට මිසක් ඉගෙන ගන්න නෙමෙයි.
දවසක් අපි මොකක් හරි ලොකු බුලක් කෙලලා හාමුදුරුවන්ට මල පැන්නා. අපිව ගෙන්නලා දෙහි කපන්න ගත්තා එකසිය ගාණට. පස්සේ ඇහුවා කවුද පටන් ගත්තේ කියලා. මම වීරයානේ. එක පාරම "මම" කියලා කිව්වා. දැන් ආයෙත් හාමුදුරුවන්ට මල.
"මේකා පන්සලට ආවේ නිකන් 10ට ගනිනන් බෑ වාගේ.. ඒක ට දැන්..."
මේක කියලා ඉවර වෙන්න කලින් මම ඉතුරු ටික පුරවලා දැම්මා මෙහෙම.
"දැන් 11ට පුළුවන්..."
එතන හිටිය සමහර ගුරුවරුන්ට නම් හිනාත් ගියා. සමහරු නම් කිව්වා තියෙන පණ්ඩිතකම කියලත්. කොහොම උනත් ඒක හෙන ගොන් වැඩක් කියලා නම් මට පස්සේ තේරුම් ගියා. ඒ කාලේ මගේ වීරකම කියලා මම හිතාගෙන හිටියා. ඒක ඇත්තටම වීරමක නෙමෙයි, තියෙන මෝඩකම!!!
ඔන්න ඔයවගේ වීර කමක් කොරන්න ගිහින් ඉස්කෝලෙන්නම් එකසිය ගානක කාලා තියෙනවා. වෙලාවක් තිබ්බොත් ඒකත් අකුරු කරන්නම්කෝ...
ඉතිං හාමුදුරුවන්ගෙන් කනේ පාරක් ලැබුනෙ නැතෙයි..
ReplyDeleteඅපේ හාමුදුරුවෝ න්ම් මෙලහකට පෙකනියෙන් උස්සලා පොලේ ගහලා.....
ReplyDeleteඅනේ නැනේ. අපේ හාමුදුරුවෝ එහෙම සැර නැ.
ReplyDeleteඒක ලියන්න බැරි උනානේ...
මගේ පන්තියෙත් ඉන්නවා අයියේ ඔය වගේම ඇම්ඩන් වැඩ කරන කටිටියක්. එයාලත් අනාගතේදි බිඟුවො වෙයිද දන්නෙනෑ නේද?
ReplyDeleteඉස්සර ඔහොම කියපු මෝඩ කතා කල්පනා වෙනකොට දැන් මාර ලැජ්ජයි නේද බං.එහෙම නොකිය හිටියනම් හොඳයි කියල හිතෙනවා.
ReplyDeletehehe Maru Kathaawa.. Binguwa karala thiyena wada..
ReplyDeleteහික්ස්.......
ReplyDeleteඉස්සර අපිත් පොඩි කාලේ ඔයවගේ වැඩ කරලා තියෙනවා දැන් මතක් වෙද්දී හිතෙන්නෙම ඕව මහා ගොන් වැඩ කියල. හි.. හි.. හි..
ReplyDeleteබිඟු අයියා ඒ දවස් වල නෝටි බිඟුවෙක් වගේ....
ReplyDeleteමේකව කෝටුමස් කරන්නයි වටින්නේ ...!
ReplyDeleteදැං ඉතිං කීයට වෙනකං ගනින්න පුළුවන්ද?
ReplyDeleteහිටපන් මම හෙට කෝට්ටක් අරන් සීට් එකට එන්නම්!
ReplyDeleteදැන් 12ට වත් පුළුවන් දෑ................ :D
ReplyDeleteමොනා උනත් ඉතිං ගුටියක් සමග දවසක පන්ති තහනම් ලැබුනලු :P
ReplyDeleteඅපොයි දඟ බිඟුවෙක් නෙමෙයි පණ්ඩිත සීයා කෙනෙක් ඒ කාලෙම.......
ReplyDeleteකාලෙකින් මේ පැත් තේ ආවේ.....
රැජින අක්කිවයි පුංචි බිඟුවයි සුපුරුදු ලෙංගතුකමින් ආදරෙන් මතක් කලා කියන්න......... දැන් නම් පැංචාත් දඟ මල්ලක් වෙන්නැති. අනේ විස්තර ලියන්නකෝ අයියා වෙලාවක් අරන්. ප්ලී......ස්......
බුදුසරණයි පැංචටයි ඔය දෙන්නටයි....!!!!
ගීත් ගියෙත් අපේ දහම් පාසලටද මන්දා........ අපේ හාමුදුරුවෝ නං පිරිමි ළමයින්ගේ බුරියට වැලි කැටයකුත් දාලා තමයි ඔය වැඩේ කරන්නේ......... ;D
ReplyDeleteඊට පස්සෙ බිගුව දණ ගහගෙන හිටියලු ගණන්කර කරම නේද
ReplyDeleteමෙහෙමත් චන්ඩි....හික්ස්....ශැහ්..ඒකාලෙම මේකගේ කනට දෙකක් දුන්නේ නෑනේ කවුරුවත්....
ReplyDeleteඅනේ මන්දා....
ReplyDelete