එන්නද එපාද?
මේ කියලා තියෙන්නේ හොරෙන් එන්න කියලද?
නැත්නම් එන්න එපා කියලද?
මට හරියටම තේරුනේ නැ. ඒ කොහොම උනත් මේ දැන්වීම තිබුණේ ප්‍රසිද්ධ බෙහෙත් ශාලාවක.
කොහොමද අපේ සිංහල....
November 26, 2010
Subscribe to:
Post Comments (Atom)


hik hik hik :D
ReplyDeleteමරු සිංහල තමයි
ReplyDeleteමේකෙ තියෙන විදියට නම් හිතවත් අයට තමයි කියල තියෙන්නෙ නොම්මර නැතුව එන්න එපා කියල.
ReplyDeleteඑන්ට එපාද ඩ්‍රැගන් කිව්වලු....
ReplyDeleteඅනේ හෆෝයි....
කිව්ව එකාද වැරදි
ටයිප් කරපු එකාද වැරදි
අලවපු එකාද වැරදි
කියවපු අපිද වැරදි
මටනම් කිසිත් නොතේරේ...
ReplyDeleteකමාවක් ( , ) දැම්මනම් ඕක හරි නේද?
ReplyDelete(හිතවත්කම් මත , අංක නොලබා....)
ප්‍රථිකාර ප්‍රතිකාර වෙන්න ඕනි නේද?
හෙහ් හෙහ් හෙහ් එන්ට එපාද ඩ්‍රැගන් තමා....!!
ReplyDeleteඑකසිය ගානට ඇනගෙන...
"හිතවත්කම් මත අංක ලබා ප්‍රථිකාර ගැනීමට ඒමෙන් වලකින්න"
හෝ
"හිතවත්කම් මත අංක නොලබා, නියමාකාරයෙන් අංක රැගෙන, ප්‍රථිකාර ගැනීමට එන්න"
විය යුතුයි නේද?
@ තිස්ස අයියා....
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි අපෙත් ඇස් ඇරියාට....පිං හොදේ....
Hamoma aniwa ankayak aran enna kiyalane me kiyala tiyenne.
ReplyDeleteHithawath wunath anka aniwa.
එල
ReplyDeleteහනේ.. හනේ..! ලඞ්කාවෙ වැඩනම් ඔහොමමයි. වැරැද්ද තියෙන්නෙ ඕව ප්‍රසිඬ ස්ථානවල ප්‍රදර්ශනය කළාම ඊළඟ පරම්පරාවවත් හරි ගස්සගන්න බැරිවෙන එකයි.
ReplyDeleteMokakda awula, mata therune ne
ReplyDeleteතේරුම් ගන්න අමාරුයි... ඒත් මට හිතෙන්නෙ සමහරු දොස්තර මහතාව හඳුනන මුවාවෙන්, අ0ක නොගෙන පෝලිම් වල වෙලාව නාස්ති කරගන්නැතුව බෙහෙත් ගන්න හිතාගෙන යනවනේ....
ReplyDeleteමෙතන වරද එක වාක්‍යකින් මුළු කතන්දරේම කියන්න හැදීමයි. අනෙක මෙතෙන්ට තරහ කාරයෝ එන්නේ නෑනේ බේත් ගන්න.
ReplyDeleteමෙහෙම ලියමුද?
ප්‍රතිකාර ගැනීම සඳහා අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
ඔබ සියළු දෙනා අපේ හිතවතුන් ය.
සමාවෙන්න, මට නම් මේකෙ කිසිම වරදක් නොපෙනේ,
ReplyDeleteමේ කියලා තියෙන්නෙ නොම්මර නොගෙන, හිතවත් කම් කියාගෙන ප්‍රතිකාර ගන්ඩ එන්න එපා, හැමෝම අනිවාර්ය්‍යයෙන්ම අංක ගන්න කියන එකනෙ,
හැබැයි මචං කියන්න ඕනෙ වෙලා තිබුණු දේ නම් පැහැදිලියි.
ReplyDeleteහිතවත්කම් මත අංක නොලබා ප්‍රතිකාර ගැනීමට පැමිණීමෙන් වළකින්න
ReplyDeleteමට නම් මේකේ අදහස් කිහිපයක්ම එනවා.
1. අංක නොලබා ප්‍රතිකාර ගැනීමට පැමිණීමෙන් වළකින්න (හිතවත්කම් මත යන්න විශේෂණ පදයක් සේ ගත් කලට )
ඒ කියන්නේ අංක ගන්නේ නැතුව බේත් ගන්න එපා. අනිවා අංකයක් ගන්නම ඕනෑ. හිතවත්කම් මතවත් අංක නොගෙන ඉන්න එපා.
2. හිතවත්කම් මත අංක ලබා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්න.
භාෂාවක නැත නොවේ යන්න ඇත වේ ලෙසට නැවත ලිවිය හැකිය. මා නිවසේ නැති විට එන්න එපා. එනම් මා නිවසේ සිටිනා විට එන්න. එනම් ඉහත වැකියේදී කියැවෙන්නේ හිතවත්කම් මත අංක ලබා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්න යනුවෙනි. පුලුවන් අය දන්න හඳුනන අය (හොරෙන් ) අංක අරගෙන හිමීට ෂේප් එකේ එන්න යනුවෙනි.
"ථ"යන්න "ත" යන්න විය යුතු යි තමයි, හැබැයි වෙන තේරුමේ අවුලක් නම් මට පෙනුනේ නැ සහෝ
ReplyDeleteමේ කියන්නේ අංක ගන්නේ නැතිව හිතවත්කම් කියාන බෙහෙත් ගන්න එන්න එපා කියලනේ!