October 14, 2010

කිරි ඉතිරවීම හා පත්තිනි කතාන්දරය

මෙය ජනප්‍රවාදයේ එන කතාවකි.

පත්තිනි දේවිය හා පාළඟ කුමරු යන දෙදෙනා එකල බොහෝ ආදරයෙන් ජීවත් වූ දෙදෙනෙකි. එකල රජකම් කල පඬි රජ විසින් සළඹක් සොරා ගත්තායැයි කියමින් පාළඟ කුමරු මරා දමනු ලැබීය. මේ වියෝවෙන් වියරු වැටුනු පත්තිනි දේවිය ගෝපුර පිහිටි රජ මාලිගාව ඉදිරියේ සිට රජුන්ට පළි ගසන්නට විය. මෙයින් උදහස් වුනු රජ "තීට තොගේ තන කවමි" යැයි කියමින් තර්ජනය කරන්නට විය. සිහි විකල්ව සිටි පත්තිනි දේවිය තම වම් තනය කඩා රජුටත් රටටත් ශාප කරන්නට විය. මේ ශාපය හමුවේ මුළු මාලිගාවම ගිනි ගෙන දැවෙන්නට විය. රටටද ගින්න පැතිරුනයෙන් එරට වැසියෝ එක්ව දෙනුන්ගෙන් කිරි දොවා හිරු දෙවියන්ගේ නාමට කිරි ඉතිරිවීය. හිරි දෙවියන් ඉතා බලවත් වූයෙන් එම ගින්නෙන් මදුරා පුරය බේරාගත් බව ජනප්‍රවාදයේ කියැවේ. මෙලෙස හිරු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම ආරම්භ වූවායයි ජනප්‍රවාදයේ සඳහන් වේ.


කෙසේ නමුත් මහා ව්‍යසනකින් ආරක්ෂාවීමට මේ කිරි ඉතිරවීම කරන්නට ඇත. අදටත් මිනිස්සු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම යම් යම් ව්‍යසන හමුවේදී කිදු කරන බව ප්‍රකට කරුණකි.

පිංතූරය


8 comments:

  1. Meeta kalin ahala nothibuna kathaawak. Sthuthiyi Binguwaa..

    ReplyDelete
  2. අළුත් දෙයක් දැනගතිමී..
    ස්තූතියි බිඟූ...!!

    ReplyDelete
  3. හ්ම්....මාත් දැන්න උන්නේ නෑ මේකනම්.....එල එල බිඟුවා අයියා ඉතිං දුන්නොත් දෙන්නේ අළුත් දෙයක් නේ හැමදාම.....

    ReplyDelete
  4. පත්තිනි දේවිය ගැන කොච්චර කතා කරනවද? ඒත් මේ විස්තර දැනගෙන උන්නෙ නෑ. බිඟුව ආවොත් අපිට මොනව හරි වෙනස් දෙයක් දෙනව.මී වදේකට පැණි පුරව පුරව හිටියට මූනම් අමුතුම සතෙක් මම හිතන්නෙ.

    ReplyDelete
  5. බිඟු අයියා දන්න දේවල්. ස්තුතියි අපිත් එක්කත් බෙදා හදා ගත්තාට :)

    ReplyDelete
  6. @Muthu Paba,
    අහා.. එල එල..

    @සෝරෝ,
    එහෙමද... එහෙනම් එල

    @෴ හසියා ෴,
    එතකොට හසීයා දැනගෙන හිටියෙථ් නෑ එහෙනම්

    @දයියා,
    ඒකනේ අපි නොදන්න මේවගේ කතාන්දර නම් කොච්චර ඇත්ත. මේ කතාව මම අහුවේ කොහෙන්ද කියලා හරියටම මතක නෑ...

    @Praසන්ன,
    හික්ස්

    @Hasitha,
    එල එල

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!