October 3, 2010

අපේ ගෙදර

ඔන්න එකෝමත් එක කාලෙක ඒ කියන්නේ 2009 ජනවාරි මම පොඩි වැඩකට සෙට් උනා. දැනට අවුරුදු 1 1/2කට වැඩියි. මම අලුතෙන් ගත්ත ඉඩමේ වැඩ පටන් ගත්තා. ඉඩම් නිකන් තියන්නද නේද? ඒ හින්දා මම හිතුවා පැල් කොටයක් අටවන්න ඕනෑ කියලා. මෙහෙම හිතලා ඔන්න ගියා ගෙවල් වල පිංතූර අඳින ගෑණු ළමයෙක් ගාවට. ඉතින් මම විස්තරේ කිව්වා. මෙන්න මෙහෙමයි ඉඩම් කෑල්ල. ඉස්සරහින් මෙහෙම කන්ද. පස්සෙන් මෙහෙම වෙල. වම් පැත්තෙන් අරක. දකුණු පත්තේ මේක.  මේ විදියට අර ළමයට කිව්වා ඉඩමේ විස්තරේ. මෙහෙම කියලා ඉඩමේ ප්ලෑනේ කොපියකුත් දුන්නා. දැන් එයාගේ වාරේ. ඔන්න පටන් ගත්තා අතුරු ප්‍රශ්න වාරය.



දැන් ඔයාගේ මාස්ටර් බෙඩ් රූම් එකේ සයිස් එක කීයද, කාර් පාර්ක් එක කොතනද, සර්වන්ට් බාත් රූම් එක කොහෙද... කියලා අහන්න ගත්තේ නැතැයි...

අම්මෝ.. අහපු පුරශ්න ගාණ.. ම‍යැ අම්මේ... මට ගෙවල් හැදිල්ල එතනම එපා වුනා.. මොනා කරන්නද... මං දන්න විදියට උත්තර බැන්දා. අනික හෙන කඩු වචන, ඒවා එයාගේ භාෂාවේ තියෙන එව්වා හින්දා මට ආයේ ආයේ අහන්න උනා ඒ මොකද්ද ඒ.. ඒක කොහාට හයි කරන එකක්ද (බලනකොට ඒවා හයි කරන ඒවා නෙමෙයි. හික්ස් ) මේ වගේ අල කලංචියක් තමා එදා සිද්ධ උනේ. ඔන්න දන්න විදියට සිල්ප දාලා මම එතනින් මාරු උනා. ඉතින් ඔන්න සතියකින් විතර පස්සේ ආයෙත් ගියා ඒ ගෑණු ළමයව බලන්න. මේ පාර මන් තනියම ගියේ නෑ.. රැජිණවත් එක්කගෙනම ගියා.. (එයා දස්සයනේ...)

ඉතින් ගිහිල්ල බැලුවා මොකද්ද කරලා තියෙන්නේ කියලා. එයා විස්තරේ කියනවා. මෙතනින් හුළඟ ඇවිල්ලා මෙතනින් මෙහෙම යනවා. ඉර එළිය මෙතනින් එන්නේ.... ඔන්න ඉතින් රැජිණගේ වාරේ... මේක බැරිද මෙහෙම කරන්න. මෙතන නිකන් මල් පෝච්චි පෙලක් තියන්න. මෙතන ලොකු පින්තූරයක් එල්ලන්න පුලුවන් වෙන්න බිත්තිය එහාට කරන්න...

අම්මෝ.. අම්මෝ... මට ආයෙත් ගෙවල් හැදිල්ල එපාවුනා...

දෙන්නගේ කතාව නැගලම යනවා.. මට හරි ජොලි. ඉතින් ඔහොම දවස් ගානක් ගිහින් ගිහින් අන්තිමට එයා මොකද්ද එකක් ඇඳලා දුන්නා. මට ඕනෑ විදියට තිබුනේ ලොකු සාලෙයි (ෆුල් ආතල් එකේ මැච් එකක් බලන්න.. ෆිල්ම් එකක් බලන්න...) රූෆ් ටොප් (සෙට් වෙන්න මිසක් වෙන මොකටද..) එකයි විතරයි. අනිත්වා මොනවගේද කියලවත් හිතුවේ නෑ... ඒවා රැජිණට ඕනෑ විදියට කර ගන්න ඉඩ දුන්නා, නැත්නම් ඉතින් දන්නවනේ ගේ හදලා ඉවර උනාම ඉන්න වෙන්නේ නෑ... (එයාට කියන්න එපා හරිද... එහෙම උනොත් මන් කාලා හමාරයි...)

ඉතින් ඔය කොහොම කොහොම හරි ප්ලෑන් එකේ වැඩේ අහවර කර ගත්තා. දැන් තියෙන්නේ හිටු කියලා හදන එකයි. ඒත් එහෙම කොහොමද. දැන් වාස්තු වාරය. ඔන්න වාස්තු විද්‍යාවට අනුව ජනෙල් දොරවල් වෙනස් වෙන්න ගත්තා. බිත්ති වෙනස් වෙන්න ගත්තා. තවත් කිහිප සැරයක්ම ඔය විදියට ප්ලෑන් එක වෙනස් උනා. අන්තිමට 70-80%ක් විතර වාස්තු හරි යන විදියටයි නෝනට ඕනෑ විදියටයි මටත් පොඩ්ඩක් ඕනෑ විදියටයි ප්ලෑන් එක අහවරයක් කර ගත්තා.

ඔන්න හාපුරා කියලා වෙලාවක් කාරිය බලලා ලිඳක් කපන්න ගත්තා. ඉස්ස්‍ර සිරිතට වාගේ ඉඩමක ඉස්සරලාම ලිඳක් කපන්න ඕනෑනේ. දැන් කාලේ මෙහෙම ලිං කැපුවොත් නියෙමෙට තියෙයි. ඒත් මගේ ඉඩමේ අවුලක් උනේ නෑ. ඔන්න 2009 පෙබරවාරි 9 වැනිදා උදේ වැඩේ පටන් ගත්තා. සුමිත් කියන හාදයා තමා ලිං මාස්ටර්. ඔන්න එතනත් මට ගැටළු ආයෙත්. ලිඳේ සයිස් එක එහෙම නැත්නම් විශ්කමභය කීයද යන වග. මට හිතුන ගාණක් ඒ වෙලාවේ කියලා දැම්මා. මෙන්න මේ වෙලාවේ ගෙයි ගිණි කතුරට අහු නොවෙන්න ලිඳ කපාගන්න මම සැලකිලිමත් උනා. නැත්නම් ඉතින් දන්නවනේ අපේ අයගේ වැඩ කිඩ... දවස් තුන්කින් මිනිහා ලිඳ බඹ 2 1/2ක් කැපුවා. කට්ට පොළව. ඒත් අනේ සටස් ගාලා වතුර ආවා. ඉතින් මේ වතුර ඉස්සරලාම ගමේ පන්සලේ බෝධියට දාන්න කියලා අපේ මාස්ටර් උන්නැහැ කිව්වා, අපිත් අලුත් මැටි කලේකට අලුත් වතර අරගෙන ගිහින් බෝධිය නාවලා ඒ වතාවත් කරලා ආවා.

ඔය පින්තූරේ ඉන්නේ සුමිත් හා ලාල් (ගෝලයා). ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ ගෙදර වැඩ පටන් ගත්තේ...

19 comments:

  1. ඉතිරි ටිකත් පෝලිමේ දැම්මනම් අපි වගේ ඔය ගැන හිත හිත ඉන්න අයට වැදගත් වෙයි. එක්කො එපාම වෙලා යයි.

    ReplyDelete
  2. අළුත් මාළිගාවත් එහෙනම් ඉක්මනටම හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හිතේ කිසි කහටක් නැතුව........ :D :D

    ReplyDelete
  3. ගෙවල් හැදිල්ලත් ඉතින්, කසාද බඳිනව වගේ තමයි. ඒක පාරින් හරියට කර ගන්න නම්, හොඳට හොයල බලන්න ඕනි. වියදම් ගැන හිතලත් බෑ නොහිතත් බෑ. වැඩ දෙකම ලේසි නෑ. මොකද, මුලු ජීවිතෙටම බලපාන නිසා.

    ReplyDelete
  4. @h,
    හී හී...
    බලමු බලමු කොච්චර දුර දුවන්න පුලුවන්ද කියලා....
    කොහොම උනත් මං කියන්නේ එකපාරක් හරි ගෙයක් හදන්න ඕනෑමැයි...
    එතකොට ආයේ ගෙවල් හදන්නේ නෑ ජීවිතේට...

    අර කතාවක් තියෙන්නේ...
    මිනිහෙක් කසාද බඳින එකයි ගෙයක් හදන එකයි මුලු ජීවිතේටම කරන්නේ එක පාරයි කියලා...
    මේක නම් ෆට්ටම ඇත්ත....

    ReplyDelete
  5. අප්පට සිරි,
    මම කොමෙන්ටුවට රිප්ලයි එක දාන අස්සේ ඔය දෙන්නාත මොනවද කුරුටු ගාලනේ...

    හරි හරි..

    @හා පැටික්කි (Mශ්),
    යාන්තම් ඇති මේ කොමෙන්ටුවේ නම් නෑ රැජිණව මතක් කරන්න..
    හික්ස්...

    @තිලිණ,
    ඒක නම් ඇත්ත කොල්ලා...
    දෙකටම ගොඩාඩාඩා......ක් සල්ලි ඕනෑ..
    වියදම් කරලත් බෑ...
    නොකරත් බැ....
    අත්දැකීමක් වගේද කියලත් මට සැකයි....

    ReplyDelete
  6. ආ බිගු අයියගෙන් අලුත් මී පැණි සීරිස් එකක් වගෙ....බොහොම වැදගත් සීරිස් එකක්.....

    ReplyDelete
  7. ගෙද‍ර තමයි හිතට නිවන,ඉක්මනින් වැඩ ඉව‍රක‍ර ගන්න ලැබේවා!!!

    ReplyDelete
  8. බිඟුවා සුබ පැතුම්! ගෙයක් හදනවා කියන්නෙ කාගෙත් හීිනයක්නේ.... උඔ ඒ හීනෙ සැබැ කරගන්න යන වෙලේ මගේ සුබ පැතුම් බාර ගනින්.....!

    ReplyDelete
  9. නියමයි.... දැන් ඉතින් කොහොමද ගෙදර වැඩ කටයුතු... අපේ මල්ලියායි රැජින අක්කයි සනීපෙන් නේද?

    ReplyDelete
  10. චිරං ජයතු .

    දන්නවනම් අපිටත් හෙල්ප් එකක් දෙන්න තිබුනා. කාමරයක් දෙකක් ඇදගන්න. ඔය වාස්තු කොටස තමයි මලම පනින කොටස. නැද්ද මම කියන්නේ? බහිරවයගේ පාද එහෙට මෙහෙට වෙන්න අදින්න ගියහම ගත්ත ගානත් දීලා අතිනුත් ගානක් දීලා දුන්න ප්ලෑන අරන් යන්න කියන්න හිතෙනවා වෙලාවකට. :D

    ඒ වුනාට ඒවා හරියට කරන්න ඕන. යම් කිසි සත්ය යතාවක් තියෙනවා ඒ වගේ. බහිරවයව යාප්පුවෙන් තියාගන්න ඕන විශේෂයෙන් ගෙවල් වගේ වාසස්ථාන හදද්දි.

    ReplyDelete
  11. බුද්ධි අයියා කියල තියෙන කතාව ඇත්ත.. ඕක අපි කාගෙත් හීනයක්නෙ.... තමන්ගෙම කියල කැදැල්ලක් හදාගන්න එක...
    ඒ හීනේ කිසි කරදරයක් නැතිව හැබෑ කරගන්න ලැබේවා කියල මුළු හිතින්ම පතනවා, බිඟු අයියේ...

    ReplyDelete
  12. @බිඟුවා

    "අත්දැකීමක් වගේද කියලත් මට සැකයි.... "

    අපෝ නෑ. මම තවම කටේ මල් සුවඳ ගිහින් නැති කිරි සප්පයෙක්.:D

    ReplyDelete
  13. පුදුමයි උඹ ෆෙන්ග්-shui බෙලුවේ නෙති එක... :)

    ReplyDelete
  14. ඔය තියෙන්නෙ සුද මැදල බැඳපු වල ද? ද

    ReplyDelete
  15. @නිර්මල,
    ඔව් ඔව්... මේක අලුත් කිව්වට අලුත්ම නෑ කොල්ලා...

    @sithuwilimandiya ,
    අහා... ඒක නම් ඇත්තමයි...

    @බුද්ධි,
    ඔව්නේද.. ඒත් සමහරු මේකට පට්ට බයයි. හැමදාම හීනයක් වගේ තියාගන්න තමයි කැමති... ස්තුතියි සුබ පැතුමට...

    @හසී,
    ආ ඒ දෙන්නා ඉන්නේ ඔය.... තෙහස් පුතා නම් හිටි ගමන් දෙනවා කණ පැලෙන්න නාදය... දැන් ටිකක් චන්ඩියා...

    @ගීත් (සහෘදයා),
    හී හී... ඒක නැම් ඇත්ත බොසා... බහිරවය ෂේප් කර ගන්න ඕනෑ මුලින්ම. නැත්නම් ඉතින් ඉඳලා ඉවරයි. මැරෙනකම්ම ඉන්න වෙන්නේ ඔය බහිරවයත් එක්කනේ... කොල්ලට මේ ගැන හෙන අවබෝධයක් තියෙන පාටයි... ගෙවල් හදලද? හදන්න කියා දීලද?

    ReplyDelete
  16. @sansarasidu ,
    ආ මල්ලී දැන්ම ඉඳලා හීන මවනවා වගෙයි...

    @Thilina Madhushankha,
    මල් සුවඳ කියන්නේ තනමල්විල මල් නෙමෙයි නේද?
    :D

    @emonade/ලේමනේරිස් ,
    ඒකත් පොඩ්ඩක් බැලුවා. ගෙයි ඉස්සරහට කණුවක් එනවා නම් රවුම් කරන එක.... ලේසි උනේ නෑ...


    @Rasini ,
    ඔව් ඔව්...
    මේක තමා සුද මැදලා ගත්තු ලිඳ... ලොස්සනට සුද මැදලා ගත්තු එක... හිකස්...

    ReplyDelete
  17. බිඟුවා
    ගොඩක් කාලෙකට පස්සෙ තමයි ලියන්න උනේ. ඒත් උඹල හැමෝම ගැන ඇහැ ගහගෙන හිටියෙ. උඹල ගොඩ නගන්න හදන මාලිගාව ඉතාම ඉක්මනින් හිතේ තියෙන විදිහටම ගොඩ නගා ගන්න හැකිවේවා කියල හදවතින් ප්‍රාර්ථනා කරනව. ටිකක් අමාරුයි තමයි. ‘‘උත්සාහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ’’. කියල තියෙනවනේ. උඹල හැමෝටම වාසනාවන්ත හෙටක්.
    වෙනද වගේ පැයට කි.මී. 120 ට රෝද දෙකෙන් යන්න එපා. එක් දරු මවක් ඉන්න ස්වාමිපුරුෂයෙක් නේ දැන්.

    ReplyDelete
  18. @දයියා,
    අප්පේ දයියා...
    මොකෝ උනේ කොල්ලා... දැන් මන් ඇල්වතුරත් නිමලයි බොන්නේ....
    එක් දරු පියෙක්නේ....
    එල එල දකින්න ලැබුන එක...

    ReplyDelete
  19. ෙමානවා නැතත් බිගුවා අයියා නැකතට තිතට වැෙඩ් නියෙමට පටාන් අරන් වගේ.එහෙම තමයි ෙවන්න ඔනි. sansarasidu ට වගෙ කාටද හීනයක් නැත්ෙත්... ඔන්න මමත් හදවතිනම සුභ පතනවා....
    තෙරුවන් සරණයි අයියට....!!!!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!