October 5, 2010

අපේ ගෙදර - 2


පෙබරවාරි 9වැනිදා පටන් ගත්ත හරි ළිඳේ වැඩේ දවස් 3කින් විතර ඉවර කර ගත්තා. ඒ එක්කම වාගේ තව නැකතක් තිබ්බා පෙවරවාරි 12වැනිදාට. කට්ටිය නම් කියන්නේ පෙවරවාරි අඩු මාසේ කියලා. දන්නවනේ කෝණ මාස ගැන. එක අවුරුද්දකට කෝණ මාස 4ක් තියෙනවා. ඒ ඒ මාසවලදී ගෙවල් හැදීමෙන් එක එක නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා වාස්තුවේ තියෙනවා. එතකොට ඉතුරු වෙන්නේ තව මාස 8යි. දෙසැම්බර් කියන්නේ අවසාන මාසය කියලා ඒකත් අතාරිනවා. පෙබරවාරි අඩු මාසේ කියලා ඒකත් අතාරිනවා. දැන් තව 6යි තියෙන්නේ. මාර්තු කියන්නේ සිංහල(ඇත්තටම නම් බෞද්ධ මාස ක්‍රමයට ) මාස ක්‍රමයට  අවසාන මාසයයි. එතකොට ඒකත් අහකට. මේ සමහර මාස අර කෝණ මාසවලටත් අහුවෙනවා. ඒ කොහොම උනත් අවුරුද්දෙන් 1/2ට වැඩිය අතාරීන්න වෙනවා මෙහෙම උනාම. ඔය මාස අතඇරලා වැඩ පටන් ගන්න හදනකොට ඔන්න තියාගෙන හිටෛය සොච්චම වෙන මොකකට හර් වියදම වෙලා. ඉතින් ආයෙත් හම්බ කරන්න වෙනවා. ඔන්න ඔහොම යනකොට මේක කෙරන්නෙම නෑ....

මම 100%ක්ම ඕවා පිළිපදින්නේ නැති හින්දා සුභ වෙලාවක් බලලා වැඩේ පටන් ගන්නයි හිටියේ. අපේ කපු මහත්තයාට අනුව පෙබරවාරි මාසේ 12 වැනිදා එල නැකතක් තිබ්බා. මම කිව්වා මගේ කේන්දරේට හරියන විදියට කස්ටමයිස් නැත්නම් හදලා දෙන්න කියලා. ඔන්න ලොකු ලොකු ගණන් වගයක් හදලා රැජිණගේ කේන්දරේත් අරගෙන වෙලාවල් බලලා සිල්ප දාලා නැකතක් හදලා දුන්නා. ඔන්න ඉතින් අපේ ගෙදර කස්ටියයි රැජිණගේ ගෙදර අයයි සෙට් උනා වැඩේට.

දැන් ඉතින් තියෙන්නේ අඩුම කුඩුම හොයා ගන්න එක. අපි හිටිය කුලී ගෙදර තිබුණා පැල පොල් ගහක් අඩි 15ක් විතර උස. ඉතින් හවස් ජාමේ කලිසම් කොටයකුත් දාගෙන නැග්ගා. අම්මේ තියෙන අමාරුව. ඉස්සර නම් මේවා කිරි කනවා වගෙයි. සුටුස් ගාලා ගහ මුදුනේ. දැන් බඩ වදිනවානේ,, හික්ස්.... අනේ ඉතින් ඔය කොහොමහරි ගහට බඩගාලා බැලින්නම් යාන්තම් එළියට පැනපු ගොබයක් තිබ්බා. මගේ වෙලාව තමා. නැත්නම් ඉතින් තවත් රෑ වෙනකන් ඉන්න වෙනවනේ... ඒකත් කපාගෙන හිමීට බැස්සා. ඊට පස්සේ කඩේ ගිහින් කට්ටකුමන්ජල්, හඳුන් කූරු, සුවඳ කුඩු, බුලත්,.... යනාදී ලැයිස්තුවක්ම සෙට් කර ගත්තා. මට අලුතෙන්ම ගිණි කබලකුත් ගන්න උනානේ. 

ඔන්න ඔය විදි‍යට ඔක්කොම බඩු සෙට් කරගෙන 12 වැනිදා දෙයියනේ කියලා වැඩේ පටන් ගත්තා. පළවෙනි පස් පිඩ කපන්න එක නැකතක් තිබ්බා. පස්සේ මුල් ගල තියන්න වෙනම නැකතක්. ඒ නැකත තමා ලොකු එක. මුල් ගල තියන්න ඕනෑ පයට පෑගෙන්නේ නැති තැනකත වෙන්න. ඒ කියන්නේ ලොකු බිත්තියක් ගාවින් වගේ. දොරක් එන තැනක තියන්නේ නෑ. ආ කියන්න අමතක උනානේ, ඊට කලින් නූල් අදිනවා. ප්ලෑන් එකේ විදියට ඒක බලාගෙන නූල් අදිනවා. කූඤ්ඤ ගහනවා. පලවෙනි කූඤ්ඤය ගහන්න ඕනෑ ගෘහ මූලිකයා. ඉතින් ඔන්න නූල් ඇදලා කූඤ්ඤ ගහලා පස්සේ නූල් වෙනුවට ලණු අදිනවා.කපු මහත්තයා ඔය වැඩ යන අතරේ මොනවදෝ මන්ත්‍ර වගයක් කියවනවා. අපේ මල්ලී දුම්මල, සුවඳ කුඩු අල්ලනවා. තව කෙනෙක් වත්ත වටේටම පිරිත් නූල් අදිනවා. තවත් සමහරු නම් ෂේප් එකේ බඩ කට පුරවා ගන්නවා. මගේ නම් හිත පිරිලා තිබ්බේ. ඒත් එක්කම හිතේ ලොකු බරක් තියෙනවා වගේ දැනුනා. හරියට අපි බැඳපු දවසේ වගේ. ලොකු වැඩක් නේද මම මේ කරන්න ගත්තේ කියලා. දෙකම ලොකු වැඩනේ...

ඔන්න ඔය විදියට වැඩේ පටන් අරගෙන කට්ටිය සමගියෙන් විසිර ගියා. අත්තිවාරම් කැපිල්ල පටන් ගත්තා. දවස් කිහිපයක් වැඩේ කරන්න තියෙන හින්දා අපේ ලොකු බාස් උන්නැහැ හිමීට මාරු උනා. දන්නවනේ මේසන් බාස්ලගේ වැඩ. මෙයා නම් අපේ නෑදෑ කෙනෙක්. ඒක හින්දා බනින්නත් බෑ. හික්ස්.... ඔහොම ඔහොම යනකොට ඔන්න අත්තිවාරම කපලා අහවරක් උනා හරියටම පෙබරවාරි 14 වැනිදා වෙනකොට. ආ එදා අපේ තාත්තගේ උපන් දිනේනේ. ඒත් තාත්තා හිටියේ අඹන්පොල. ඒක හින්දා සාජ්ජේ කෝල් එකකට සීමා උනා. මට හරිසතුටුයි. මටත් වැඩියෙන් සතුටුවුන කෙනෙකුත් හිටියා. 
දන්නවනේ කවුද කියලා...


19 comments:

  1. ඔහොම යං! ඔහොම යං!!

    ReplyDelete
  2. අපෝ ඇත්ත ගෙවල් හදන එක ලේසියි.
    සෙල්ලම් ගෙවල් හදන එක මීට වඩා කොච්චර අමාරුද?

    ReplyDelete
  3. බිඟු,
    මගේ ගේ හදපු හැටි චිත්‍රපටියක් වගේ මුල ඉඳලම මැවිල පෙනුනා. කොච්චර ප්ලෑන් කලත් කාලයක් ගියාම මේක මෙහෙම උනානං හොඳයි කියල හිතෙනවා. ඒ වෙලාවට කඩල ආයෙත් හදනවා. උඹට එහෙම ගැටළුවක් වෙන එකක් නෑ.රැජිනත් එක්කම නේ සැලසුම් කරන්නේ. රැජිනයි පැටියයි හොඳින් නේද. ගේ පදිංචි වෙන දවසටවත් උඹලව හොයාගෙන එන්නං
    සුභ දවසක්

    ReplyDelete
  4. \\මගේ වෙලාව තමා. නැත්නම් ඉතින් තවත් රෑ වෙනකන් ඉන්න වෙනවනේ...\\\
    මේ කිව්වෙනම් මොකද්ද මන්දා.

    ReplyDelete
  5. පංකාද්ය් පහයි වැඩේ.. ඔහොම යං

    ReplyDelete
  6. ගෙවල් හදනකම් හදන එක ලේසි නෑ......
    හැදුවට පස්සේ නඩත්තුව ලේසි නෑ.....
    අනේ මංදා.... අපි ඕවා දන්නේ නෑ.....

    මේ සුපුරුදු පණිවිඩේ තරහා නැතුව කියන්න ඈ...... :D :D

    ReplyDelete
  7. මොනා වුනත් වැස්ස නැති කාල වලදී හදන්ඩ පටන් ගත්තනම් වැඩේ ලේසියි. තාත්තා නිකන් මල්සරා වගේ නේ... :)
    උඹට ජය.

    ReplyDelete
  8. මෙච්චර කල් කරපු වැඩ ටික ලේසියි.....ඉස්සරහට එන ටිකට තමයි ගෙවල් හැදිල්ල එපා වෙන්නේ.............
    ඔහෝම යං....ඔහෝම යං....

    ReplyDelete
  9. හදන අළුත් ගෙදර සම්පූර්ණව,ලස්සනට,ඉක්මනට හදාගන්න හැකි වේවා! ඉතින් ඒ හදන ගමන් ඒ ගැන විස්තරත් මේ වගේම අපිත් එක්ක බෙදා ගන්න හොඳද..?

    ReplyDelete
  10. සුභපැතුම් මගෙනුත්...

    ඉක්මනින් අලුත් ගෙදර පදිංචි වෙන්න ලැබේවා..!!!

    ReplyDelete
  11. @බුද්ධි,
    හරි හරි! මෙන්න ගත්තා වංගුව කපලා....

    @Chanaka Aruna Munasinghe ,
    ඔව්නේ... ඒවා අපි තනියම හදන්න එපෑයැ, මට තව ටික කාලෙකින් ආයෙත් ඒවා කරන්න වෙයි වගේ...

    @දයියා ,
    අහා! ඒකනම් ඇත්ත කතාව මචං හදලා ඉවරවේගන එනකොට ඔන්න හිතෙනවා මෙතැනට මෙහෙම එකකුත් ආවානම් කියලා. උඹ මචං ගේ හදලා ඉවරද? අහන්නත් සතුටුයි! එහෙනම් මම එන්නම්කෝ කුප්පියක් එහෙම දා ගන්න...

    @sithuwilimandiya ,
    ඒ කිව්වේ, එහෙම උනානම් මට තව ටිකක් රෑ වෙනකල් ඉඳලා අල්ලපු ගෙදර නංගිලාගේ වත්තට පනින්න වෙනවා කියන එකනේ.

    @sameerausa,
    එල එල!

    ReplyDelete
  12. @හා පැටික්කි (MS) ,
    හරි හරි, කලබල වෙන්න එපා, ඒවා වෙලාවට කලාවට කෙරෙයි. ආ.. අරකත් කිව්වා ඔන්න....

    @lemonade/ලේමනේරිස් ,
    මොකද මසන් මල්සරා වගේ කිව්වේ... උඹ කිව්වා වගේ පායන කාලේ තමා හරියන්නේ... නැත්නම් ඔක්කොම කොට උඩ

    @නිර්මල ,
    ආ.. අත්දැකීමක් වගෙයි. එළිවෙන ජාමෙට කිව්වලු හොඳ හොඳ සෙල්ල්ම්...

    @Praසන්ன ,
    එල..

    @ප්‍රාර්ථනා,
    අනිෆා... ඔයාල එක්ක නැතුව වෙන කා එක්ක මේවා බෙදා ගන්නද?

    @සෝරෝ,
    මචන් උඹේ අස්වයා දෙන්න බැරිද ඔය ගල් වැලි ටිකක් ඇද ගන්න.. ලොරි කාරයෝ හෙන ගණන් ඉල්ලනවනේ...

    ReplyDelete
  13. හදපිරි සුභපැතුම්!!
    ඉක්මනින්ම මී වදේ වැඩ ඉවර වෙලා පැටවු රංචුවක් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... :D

    ReplyDelete
  14. හ්ම්...
    ජයවේවා!!!

    ReplyDelete
  15. ජයෙන් ජය අයියේ ..එල එල..

    ReplyDelete
  16. අපි නම් තවම ඔව්වා හිතලා නැතෝ....
    ජයෙන් ජය....

    ReplyDelete
  17. මගෙනුත් සුභපැතුම් . . . !!!!

    ReplyDelete
  18. වැඩේ එලකිරි වගේ කරන් යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!