October 8, 2010

ඔක්කොටම කලින් ඒක වහන්න ඕනෑ

මේක නම් පුංචි පහේ ෆන් කතාවක්. සිද්ධිය උනේ මීට අවුරුදු කිහිපයකට කලින්, අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. මන් හිතන්නේ අපි හිටියේ 3 වසරේ. දවසක් අපි සෙට් උනා රෑ පානක අක්බාර් පාලම උඩ පොඩි අඩියකට. ඔන්න ටිකක් වැදීගෙන එනකොට කශ්ටියට මතක් වෙනවා අතීත කතන්දර. එකෙක් මෙන්න මෙහෙම කියපි.

දවසක් අපේ බෝඩිමේ අන්කලයා කුණු වෙන්න ගහලා ආවා. ඇවිල්ලා මේකා ඔක්කොම කැම්පස් එවුන්ට බනින්ඩ ගත්තනේ. සුද්ද සිංහල එහෙන් යනවා මෙහෙන් යනවා. බලනකොට අද පිකට් එකක් හින්දා පාර බ්ලොක් වෙලා. මිනිහට බස් එක පරක්කු වෙලා මොනවද බඩු වගයක් ගන්න තිබිලා. කඩේ වහලා හින්දා මිනිහට නහුතෙට නැගලා...

ඉතින් හරිනේ බන්.. මිනිහට මල පනින එක නේද බං... තව එකෙක් කියාපි.

නෑ නෑ.. බන්... මේකනේ සීන් එක...
මේක බනින්නේ අපේ කැම්පස් එකට නෙමෙයි...

එහෙනම්...

මේකා කියනවා මෙහෙම.
මේ ඔක්කොම මගුල් අර අනතර් විශ්ව විද්‍යාලේ හින්දා. ඉස්සරලාම ඒක වහන්න ඕනෑ. උන් ඔක්කොම ගෙදර යවන්න ඕනෑ...
හී හී...
බු හාහා..
හික්ස්.. හික්ස්...

අපි ඔක්කොටම හෙන හිනා....
අන්තරේ කියනනේ කැම්පස් එකක් කියලා මිනිහා හිතාගෙන ඉන්න ඇති.
මොකද ඔය ඔක්කොම පිකටින් වලට මූලිකත්වය අරගෙන වැඩ කරන්නේ ඒක නේ.
අනික රූපවාහිනියෙත් කතා කරන්නේ අන්තරේ සභාපති, ලේකම්.... වගේ අයනේ...

එදා ඉඳලා අපි මොනවා හරි පිස්සුවක් කරන්න ගන්න කොට අන්තරේ ගැන කියලා හිනා වෙනවා....



(කොහොම උනත් එදා සෙට්විල්ල නම් මැක්සා... )





හිනාවෙන කැල්ල දාල තියෙන්නේ හොයාගෙන හිනා වෙන්න හොඳේ...




19 comments:

  1. මොනව උනත් සෙටමෝල් එක හොඳට තිබ්බ නෙ ;-)

    ReplyDelete
  2. ඔව් ඔව්...
    ඒක නැත් දුන්නා ඉතින් මොනවද...
    අපි ආවේ දෝලාවෙන්...

    ReplyDelete
  3. මමත් කියන්නේ ඕක වහලා දාන්න ඕන කියලා.. :P

    ReplyDelete
  4. අන්කලාට පරක්කු උනේ අන්තරේ නිසානේ....බිගුවට ශුවර් ද අන්කලා එහෙම කිව්ව කියලා..කියන්න බෑනේ..බිගුවට වැඩි උනාද දන්නෙ නෑ නෙව

    ReplyDelete
  5. දැන් අන්තර් විශ්වවිද්‍යාල 2 ක් තියෙනවානේ :) :) :)

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මධ්‍යස්ථානය යි කියලා

    ReplyDelete
  6. ඇත්තට රත්ගමයා අයියා කිවුවා වගේ බිඟු..!..ඔයාට sure ද අන්කල් එහෙම කතාවක් කිවුවා කියලා...........හි........

    ReplyDelete
  7. අපෙත් පොඩි එකේ ඉන්නවා ඌත් කියන්නෙ අන්තර් විශ්වවිද්‍යාලෙට යනව කියල මොකටද ඇහුවම පොලිස් මාමල අල්ලං ඉන්න වැට පෙරලන්නලු.

    ReplyDelete
  8. මටත් ෂුවර් නම් නෑ කාට වැඩි වෙලාද කියලා... :)

    ReplyDelete
  9. එල :D ගොඩක් දවසකින් බිගුවා අයියාගේ ලිපියක් දැක්කේ. :)

    ReplyDelete
  10. ඔය විස්ස විජ්ජාල යන සමහරි අය අන්තර් විස්ස විජ්ජාලෙ ඩිග්‍රියත් නිකංම ගොඩ යනවනේ..... කතාව නම් මල් හතයි...

    ReplyDelete
  11. දෙන්නටම වැඩි වෙලා වගෙයි පේන්නෙ.

    ReplyDelete
  12. හික්ස් හික්ස්..

    ReplyDelete
  13. මොනාඋණත් අක්බාර් පාලම උඩ රැයක් කියන්නේ, ආයෙත් ඉතිං අහන්න දෙයක් නෑ!!!කාටහරි සැකනං,යාළුවෙක් එක්ක දවාලක හරි ගිහින් බලන්නකෝ!!

    ReplyDelete
  14. බිඟුවො........... ඇත්තටම එදා අක්බාර් පාලම පැත්තක් ඉස්සුනා නේද?........ මල් හතේ කතා පොඩ්ඩ....... එල එල....... ඔහොම යං ඔහොම යං...චමියගෙ සුභ පැතුම්........

    ReplyDelete
  15. @෴ හසියා ෴,
    හික්ස්,

    @sameerausa
    ඒ මොකද අප්පේ ඒ..

    @සෝරෝ ,
    හික්ස්

    @ර ත් ග ම යා ,
    ආ .. ඒකත් හරියටම කියන්න බෑ

    @Hasitha,
    හුටා... දැන් ඉතින් දෙකම වහන්න වෙනවා...

    @ප්‍රාර්ථනා ,
    ඒකමයි මාත් කල්පනා කළේ...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!