July 19, 2010

පලපුරුදු සුදු පටිකාරයකු ඕනෑකර තිබේ.

පහු ගිය දවස් ටිකේම පාරේ පුදුම වාහන තදබදයක් තිබුනේ. සඳුදා හින්දා වාහන වැඩි ඇති කියලා හිතාගෙන පහුවදා බලනකොට, මෙන්න සඳුදට වැඩියි තදබදේ. මං නිකමට වගේ බැලුවා මොකද මේ කියලා. බලනකොටනේ දැක්කේ.

මෙන්න බොලේ අලුත් කලු පටි කාරයෝ සෙට් එකක් බැහැලා. වෙනදා පාරේ වාහන හසුරවන්න හිටිය සුදු පටි කාරයෝ කෝ කියලා බැලුවා. ඒ අය පේන්න හිටියේ නෑ. ඒ වෙනුවට අලුත් අය ඇවිල්ලා. එයාලට හරිහමන් පුහුණුවක් දීලා නෑ වගෙයි කියලා හිතුනා. නිකන් විසිල් එකක් දීලා පාරට බස්සලා වගෙයි පෙනුනේ.

මං හිතන්නේ එහෙම ලේසියෙන් වාහන හසුරවන්න බෑ මේ ලංකාවේ. මොකද කියලා ඔක්කොමලා දන්නවනේ. මේ අස්සේ මට පොඩි කතාවක් මතක් උනා.

ඔන්න එක දවසක අපේ රටේ ජනාධිපති කෙනෙක් එනව කියලා පාරේ වාහන අයින් කරන්න කියලා පොලීසියට කිව්වලු. ඉතින් ඔය ලොකු ලොකු තරු තියෙන අය ඇවිල්ලා දැන් පාරේ වාහන අයින් කරන්න ගත්තලු.
මොන....
මෙන්න බොලේ වැඩේ වකූර් වෙලා ගිහින්. නලා ඔබාගෙන වාහන කාරයෝ බෙරිහන් දෙන්න ගත්තලු. ඉතින් දැන් මළ කෙලියයි. ලොක්කා එන්නත් ළඟයි. වස ලැජ්ජාව. වාහන පිරිලා. ඔන්න එක පාරම මේ එක කළු පටි කාරයෙක් නලාවක් අරගෙන බැහැලා විසිල් දෙකලු ගැහැව්වේ...
වාහන ටික සට සට ගාලා ගාල් කලාලු. ඒ කලු පටි කාරයට එතනදීම උසස්වීමකුත් දුන්නලූ.

එයා නොහිටින්න අර ලොකු අයෙගේ සායම ඔක්කොම ඉවරනේ... ඉතින් ඔය වගේ දස්ස කොල්ලොත් ඉන්නවා. නමුත් මේ දවස්වල ඉන්න අය නම් කිසි කමකට නෑ. මං කියන්නේ කරන්න කලියෙන් කරන කෙනෙක් දිහා බලාගෙන හිටියොත් නරකද .... 

මගේ තක්සේරුව:


අවස්ථාවවාහන තදබදය
කිසිම පටිකරුවෙක් නොමැති විටනැති තරම්
සුදු පටිකරුවෙක් ඇති විටසාමාන්‍යයි
කලු පටිකරුවෙක් ඇති විටවැඩියි
සුදු පටිකරුවන් කිහිප දෙනෙක් ඇති විට උග්‍රයි
කලු පටිකරුවන් කිහිප දෙනෙක් ඇති විට ඉතා උග්‍රයි
සුදු + කලු පටිකරුවන් කිහිප දෙනෙක් ඇති විට මාරාන්තිකයි.

28 comments:

  1. ඔය බාප්පලා ඉන්නකොට තමයි තදබදය වැඩිම... ගොඩක් වෙලාවට මම දැකල තියෙනවා ප්‍රධාන පාරේ යන වාහන ටික නවත්තලා, අතුරු පාරවල් වල යන වාහන ටක් ටක් ගාලා යවනවා.. ප්‍රධාන පාර ඉතින් බ්ලොක් වෙලා කිලෝමීටර් ගානක් යනකං, කිසිම හේතුවක් නැතුව... ගොඩක් අයට දැන් දුර ඉඳන්ම කියන්න පුලුවන් සුවර් එකටම අහවල් තැන බාප්පෙක් ඇති ඒකයි මේ ට්‍රැෆික් එක කියල...

    බාප්පලා කස්ටියම අල්ලගෙන ගිහින් මේ ගැන පොඩ්ඩක් පුරුදු පුහුණු කරා නම් හරි.

    ReplyDelete
  2. @මාරයා,
    හික්ස්...

    @sameerausa
    ආන්න හරි...
    නැත්නම් මුන් ඔක්කොම අනිවාර්‍ය නිවාඩු යවන්න තියෙන්නේ....
    ඔයා කිව්ව වගේ හැතැම්ම ගානක් ඇතකදී කියන්න පුළුවන් මොකද මේ කියලා

    ReplyDelete
  3. ඔයිට වඩා ස්කොලේ යන පොඩි උන් ඔය වඩේ කරන ව එලකිරියට.....

    ReplyDelete
  4. @ඉලංදාරියා
    ඒක නම් ඇත්ත. එතන ඉන්න අර බුවත් පොඩි උන්ට හරියට කොරන්න දෙන්නෙ නෑනේ... :(

    ReplyDelete
  5. දැන් කට්ටියට වෙන වැඩකුත් නැති නිසා අඩි දහයෙන් දහයට මහ පාරෙ. යුද්දෙත් සුද්ද වුණා. ධර්මද්වීපයක් නිසා මිනිස්සු හොර මැර වැඩ කරන්නෙත් නෑ. ඉතින් මුංට කරන්න දෙයක් දැන් නැති නිසා මහ පාරෙම තමයි ඉන්නෙ. ගොඩ ඒමක් නෑ...

    ReplyDelete
  6. @``` Outsider```
    ඒකට නම් මට හිනා....

    ReplyDelete
  7. සම්පූර්ණයෙන්ම එකඟයි කතාවට....ට්‍රෆික් සිග්නල්ස් තියෙන තැන්වලටත් රින්ගනවා නෙව....එහෙමනම් මොන බම්බුවටද ට්‍රෆික් සිග්නල් දාන්නේ...බැරියැ මාම ගානේ ඉන්දවන්න..හෝදනවා ඇරෙන්න වෙන වැඩකුත් නැති එකේ ඔහෙ ඉන්නෙ නැතැයි......

    ReplyDelete
  8. හපොයි මතක් කරන්න නම් එපා ඔය පටි කාරයෝ..

    (``` Outsider``` - අපි එහෙනම් ඔය පටි කාරයො ටික විසුරවමුද.. හී හි...)

    ReplyDelete
  9. @Shadow/හේමලයා,
    ඔව් ඔව්..
    අදාල පාට වැටුනාම යන්න කියලා කියනවා ඇරෙන්න වෙන මොකද කරන්නේ..
    නිකන් විසිල් දාගෙන ඉන්නවා...

    @සෝරෝ,
    උඹ බයයි නේද ?

    ReplyDelete
  10. ඒ ගැන කථාකරලා වැඩක් නෑ..මේ යන විදියට ගියොත් ඉස්සරහට වෙන දේ හිතාගන්න බෑ..අනික දැන් පාරේ වාහන එන්න එන්නම වැඩිවෙනවා..මිනිස්සු පොදු ප්‍රවාහන සේවා වලින් ඈත්වෙනවා..ඒවා දියුණු කරන්නත් කඩිනම් වැඩපිළිවෙලක් නෑ..දුම්රිය සේවය දියුණු කරොත් ඔය ගොඩක් ප්‍රශ්ණ වලට විසඳුමක ලැබෙනො..හරියට වෙලාවට යන කෝච්චි කීයද තියෙන්නෙ.. අනික අපේ මිනිස්සු හිතන්නේ කෝච්චියෙ, බස් එකේ යන එක මදි පුංච් කමක් කියලා..සංවර්ධිත රටකවත් මේ තරම වාහන තොගයක් නැතුව ඇති. ජරා පප්පලා ගැන නම් මම කථාකරන්න කැමති නෑ..
    ජයවේවා!!

    ReplyDelete
  11. සහතික ඇත්ත.

    ReplyDelete
  12. " කිසිම පටිකරුවෙක් නොමැති විට - නැති තරම් "

    එකඟයි

    ReplyDelete
  13. "කිසිම පටිකරුවෙක් නොමැති විට - නැති තරම් "
    බිඟුවෝ සහතික ඇත්ත..
    මම හිතුවා මේක මට විතරක් හිතෙන දෙයක් වෙන්න ඇති කියලා. මම දකින හොඳම උදාහරනය කටුගස්තොට පරණ පාලමට [දැන් වාහන යන්නේ අලුත් පාලමෙන් දැයි නොදන්නා නිසාවෙනි] කුරුණෑගල දෙසින් හා මාතලේ දෙසින් එන වාහන පාලනයට කිසිම පටිකාරයෙන් නැති හැම මොහොතකම කිසිදු මාර්ග තදබදයක් නැති අතර..කිසිවෙකු හෝ ඉන්නා හැම මොහොතකම හිතාගන්නත් බැරි මාර්ග තදබදයක් ඇතිවේ..
    හවසට එසේ වූ විට නුවර සිට කටුගස්තොටට එන්නට පමණක් විනාඩි 45 පැයක් අතර කාලයක් අනිවාර්යයෙන් ගතවේ.

    ReplyDelete
  14. අමූලික ඇත්ත මේකනම්..

    ReplyDelete
  15. තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

    අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

    ReplyDelete
  16. සහතික ඇත්ත. පටිකාරයෝ නැති තැන ට්‍රැෆික් එකත් නැත. අතර තුරේ කලාතුරකින් මේ ගණයට වැටෙන්නේ නැති හොඳ පළපුරුද්දක් තියෙන පටි කාරයො කීප දෙනෙක් මමත් දැකල තියනවා. නමුත් බහුතරය පාරට ආවොත් වැඩේ අවුල් කරගන්නවා. ඒ මදිවට තමන්ගේ වැරුද්ද තියාගෙන වාහන වල රියදුරන්ට හේතුවක් නැතිව බනිනවා, දඩ ලියනවා.

    ReplyDelete
  17. හ්ම්ම්... අපේ වටිනා කාලය නැති කරලා දානවා මෙයාලා පාරට බැහැගෙන

    ReplyDelete
  18. කතාව ඇත්ත…පටිකාරයෝ නැති තරමට හොඳයි…

    ReplyDelete
  19. අම්මපා ඇත්තනේ ....

    ReplyDelete
  20. කොළඹ හෝ ඒ ආසන්යේ නොවන නිසා ට්‍රැෆික් වැඩිය වලට අහුවී නැහැ.. ඒත් ඉඳලා හිටලා හරි කොළඹ ආපු දවසකට කොළඹ එපා වෙන්නම ට්‍රැෆික් වලට අහුවෙලා තියෙනවා..මේ ඊයේ පෙරේදා මෙහේ ටවුමේ කහ ඉරක් මැද මොන්ටිසෝරි යන පුංචි එකෙක් බස් එකකට යට උනා.. ආරන්චියේ හැටියට එතන ඔය ජාතියේම බලධාරියෙක් ඉඳලා තියෙනවා.. ඒත් වැරැද්ද කාගෙද කියලා හරියටම දන්නැති නිසා ඒ ගැන වැඩිය කතා කරන්න බැහැ..

    ReplyDelete
  21. යුරෝප් රට වල ට්‍රැපික් එක නැතිකරන්න හොයාගෙන තියන හොඳම ක්‍රමය තමා, කලර් ලයිට් වෙනුවට වට රවුම් දාන එක. ලංකාවෙ ට්‍රැපික් නති කරන්න නම්, බිගූ කිව්ව වගේ පොලීසිය අත නොදා ඉන්න ඕන.

    ReplyDelete
  22. මගේ අදහස නම් ඔය සියළු පටිකරුවන්ට සර්කස් වලට උසස් වීම් ලබා දිය යුතු බවයි....
    එතකොට අඩුම තරමේ ඒක බලන්න එන ප්‍රේක්ෂකයන්ට අර අත වැනිල්ල දැකල හිනාවත් යයිනේ....
    ආ.. තව අර රූකඩ මාස්ටර් කෙනෙක්ට ගිහින් දුන්නොත් මේ අයව , අනාගතයේදී අපට ලස්සන රූකඩ සංදර්ශනයක් එහෙමත් බලන්න පුළුවන් වෙයි....

    ReplyDelete
  23. හික් :) මෙයාට එපා කරපු කළු පටි කාරයො ටිකක් අහු වෙලා වගේ.
    පව් අනේ... ඒ මිනිස්සුත් :) ඒක හරියටත් ඒ මිනිස්සුන්ට සිංහල උගන්නලා, ඉංග්‍රිසියෙන් රචනාවක් ලියන්න දුන්නා වගේ ඇති :)

    ReplyDelete
  24. ඔය පටි නැති වෙලාවට ට්‍රැෆිc නැති තරම්... ඔය යක්කු පිස්සු නෙ කරන්නේ.

    ReplyDelete
  25. කතාවනම් සහතික ඇත්ත.

    ReplyDelete
  26. වෙලාවට අපේ පාරේ ට්‍රැෆික් නැත්තෙ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!