අනේ දෙවියනේ මට වුනු වියෝයා
නොමැති කලට ගෙයි කිසිවෙක් මෙසේයා
නැට්ට තියා කෙසෙල් කැපූ කලේයා
කෙසෙල් කැනත් හොරු අරගෙන ගියෝයා
බිරිඳ පුතා සමග සිටින්නේ ඇගේ ගම වන කටුපොතය. මා තනිවම පිළියන්දලට වී මහා පාලුවකින් කාලය ගත කරන්නෙමි. නිවාඩුවක් ලද සැනින් මා ඇගේ නිවසකරා පියඹායන්නේ නිදහස ලද කුරුල්ලෙකු මෙනි. සෑම සති අන්තයක්ම ගත කලේ ඇගේ නිවසේය. පසු ගිය සතියේ සඳුදා මා පිළියන්දල නිවාසට පැමිණ කල යම් කිසිවක් සිදු වී ඇති බව සිතුනි. විපරම් කරමින් යන විට දුටු දේ නිසා මා හට කෝපය වෙනුවට සිනහ නැගුනි. කිසියම් කෙනෙක් හෝ කිහිප දෙනෙක් අපේ වත්තේ තිබූ කෙසෙල් කැනකට ගේමක් දීලාය.
එය කෙසේද යත්:
බණ්ඩාර වහල්ල ඉතුරුවන පරිදි කෙසෙල් ඇවරි කපාගෙන ගොසින්ය. තවද මල් ඇවරියද ඉතුරු කර ගොසින්ය. මෙලෙස ගහේදීම ඇවරි වෙන් කිරීම කෙතරම අසීරුදැයි කියා අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙය කළ තැනැත්තා කවුරුන් විය හැකිද?
හෆොයි....මෙහෙමත් හොරු...
ReplyDeleteFBI එකට දන්වමුද....හිහ් හිහ් හී..
මොනවා උනත් නිර්මාණශීලි හොරොක් ...........
ReplyDeleteඅනේ පවු හොඳ හොරෙක්........
ReplyDeleteඅයිය ගැන හිතල මල් ඇවරිය තියල ගිහින් පවු......... :P :P
කපන්න අමාරු උනාට කැන පිටින් ගෙනයනවාට වඩා කොච්චර සිම්පල් ප්ලෑනක්ද බලන්න කැපුව මල්ලේ දාගත්ත ගියා.........
මාර හොරුනේ අප්පා දැන් ඉන්නේ....
ReplyDeleteහලෝ අර කොට්ටෝරුවා වෙන්න ඇති.:P
ReplyDeleteඔයාට වැඩ නැහැනේ.:D මොකටද ඌව බ්ලොග් පෝස් එකකට දැම්මේ.
තරහට ඔන්න මේ වැඩේ කරලා තියන්නේ..ආය ආවොත් අල්ල ගන්න:P
මේක මාර අමාරු වැඩක්නේ.
ReplyDeleteමේක නම් කපන්න ඇත්තේ ෂුවර් එකටම අල්ලපු ගෙදර එකා තමයි.
මොකද කවුරුත් ගෙදර නැති වෙලාවක් බලලා මේසයක් එහෙම ගෙනත් නේ මේ වැඩේ කරන්න ඕනේ.
මාත් හිතන්නෙ ඕක අර කොට්ටෝරුවගෙ වැඩක් ...හික්ස්
ReplyDeleteමොනා උනත් හොරා නම් කම්බ හොරෙක් ..ඇයි දෙයියනේ රටාවෙන්නෙ ගේම දීලා තියෙන්නෙ....
@චමිදේවා
ReplyDeleteඅන්න වැඩේ.
FBI එකට නැතත් FB එකටවත් දාමු.
@වැප්
අනේ හොරා කියන්න එපා...
හා පැටික්කි ,
ඒකනේ බලන්න්කෝ....
පුංචිම ඇවරිය මට...
පට්ට සිම්පල් ප්ලෑන් එක...
ඔයාද කියලත් මට සැකයි...
@හසී,
ඔයා ගෙවල් පැත්තේ එනවා කිව්වා නේද?
ම්..ම්ම්..
හික්ස්...
@නිමන්ති,
ඒකනේ...
බලන්න්කෝ මට වෙච්ච දේ...
අනිවා... ඊළඟ පාර නම් දෙනවා ....
@ඇනී,
ඒක වෙන්නත් බැරි නෑ...
@දිල්,
ReplyDeleteහා හා..
මාර වචන සෙට් එකක්නේ දිල්ට දැන් තියෙන්නේ..
අර අහිංසකයට බනින්න එපා..
අනිත් කෙහෙල්වලටත් රටවෙන් ගේම දේවිනේ...
හික්ස්...
බිඟු! හොරා ගේ අම්මාගෙන් පේන ඇහුව නම් හරි..!
ReplyDeleteනියම හොරා..නිවාඩු පාඩුවේ..නිවී සැනසිල්ලේ වැඩේ කරගෙන ගිහින්..!
පුහුල් හොරා කරෙන් දැනුනා වගේ කෙහෙල් හොරා වහල්ලෙන් දැනේවිද ?
ReplyDeleteඅන්න ජෙනුයින් හොරු....
ReplyDeleteකිසිම සලකුනක් නැතුව වැඩේ දීල....
මගෙ හිතේ අඩි7-8 විතර එකෙක් වෙන්න ඕනා.... :P
අනිවා ප්‍රොෆෙශන්ල් කෙහෙල් හොරෙක්..
ReplyDeleteහැකියාව අගය කරන්න ඔනේ. :)
ඔයාලගෙ ගෙදර උන්දැයි අනික් අයයි මම හිතන්නෙ හය්බර්නේට් වෙනව වගෙ අපි නිදාගන්න නින්දක් නෙමෙ නිදාගන්නෙ..කෙලින්ම ෂට් ඩවුන් නින්දක් දමල තියෙන්නෙ.....මම හිතන්නෙ ඔයා ට්‍රයි කලොත් ඔයාලගෙ ඇඳ උනත් උස්සල පාරෙන් තියත හැකි තව කීප දෙනෙක් සෙට් කරගෙන....ඒත් ඔයාගෙ පුතා එකයි බිරිඳ එකයි දුම් දම දම නිදියගනී.....
ReplyDeleteමේ උඩින් යන හොරුද? පිළියන්දළ එහෙම කට්ටියක් ඉන්න බව නම් මම හොඳින්ම දන්නවා,,
ReplyDeleteමොනා වුනත් බිඟු අයියේ හිතක් පපුවක් තියෙන හොරෙක්
ReplyDeleteනැත්තම් බිඟු අයියලාටත් මොකක් හරි ඉතුරු කරන්නේ නැතුව යනවයැ?:D
මරැ හොරෙක්
ReplyDeleteඅර කොට්ටෝරුවාගෙ අයිතිකාරයා වෙන්න ඇති
ReplyDeleteකොට්ටොරුවාව එවල තියෙන්නෙ ඔත්තු බලන්නලු
අනේ අනේ අයියේ මාව අල්ලගන්නද හදන්නේ ඒ පාර.. පාරක් නොදැන මම කොහොම එන්නද? අනික මට ගංවතුරනේ හික්ස් :D
ReplyDeleteමේ මම.....?????
ReplyDeleteබස් ගාස්තු ගෙවන් ඔය ඇටිකෙහෙල උස්සන්න එනකම් මට මෙහෙන් හොඳ කෙහෙල් කැන් දෙකතුනක් ඒ සල්ලි වලින් ගන්න පුලුවන්.........
මේ යන තාලෙට මට පේන්නේ අයියමද කොහෙද වැඩේ දීල තියෙන්නේ.......
කියනව බලන්න කැනේ තියෙද්දිම ගෙඩිය ගෙඩිය කෑව නේද හොරා වගේ.......... :P :P
පස්සේ බොරු කියනව....... හිහ්...... :P :P
මම හිතන්නේ අදුරන කෙනෙක් විහිලුවට කරලා වගේ
ReplyDeleteමැන් නම් සිරා පොරක් වගේ අයියේ...අදහන්න වටින හොරෙක්
ReplyDeleteහික්ස් + ලොලේ ලොල් කිව්වලු.......
ReplyDeleteමේ බිඟු අයියා ඔය හොරාව හම්බුනොත් පොඩ්ඩක් කියනවද?
මොකටද දන්නවද මගේ බ්ලොග් එකට සම්මුඛ පරීක්ෂණේකට කැඳවන්න. අදහන්නවටින පොරක්නෙ ඒකයි :) :P
පවුල නැති අතරෙ අහල පහළ උදවියට ඇවරිය ගානේ කපලා දීලා..දැන් බොරුවට මෙකෙත් දැම්මා ඇග ඛෙරගන්න..
ReplyDeleteඅනෙ අම්මපා...
(නැත්තං හොරා හොරා කියනවට අකමැති මොකෝ...ඔන්න මම විසඳුවා ගැටෙ..)
පිළියන්දල කියන්නෙ එසේ මෙසේ මිනිස්සු ඉන්න පළාතක් නෙවි. සොරා උනත් සිරා :P
ReplyDeleteමේකනම් ආමාරු වැඩක් අත්දැකීමෙන් කියන්නෙ, කාලයයි හොදට එලියයි ඕන මේ වැඩේට
ReplyDeleteඋත්සාහ කරල බලන්න ඔන වෙලාවක... හික්ස්..
ReplyDeleteමොනව වුනත් හොරා මනුස්සකම් දන්න හොරෙක් ඒකනෙ බිඟුවට කන්න මල් ඇවරිය ඉතුරු කරල ගිහින් තියෙන්නෙ..?
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්............................
අහ්...හෆෝයි බිගුවට වුනදේ...
ReplyDeleteවැඩේ කියන්නේ දැන් හොරුත් හොරකම් කරන්නේ හොරුන්ගෙන්මයි නේ.....
මටනම් හිතෙන්නෙ බිඟූගෙම වැදක්. මොකද; පවුලයි, ළමයයි ගමේ ගියාත්ට පස්සෙ, ඔයා ඒ දෙන්නට හොරෙන් ගේම දුන්න නේද? හික්ස්....
ReplyDelete@ සෝරෝ - ආ... සෝරෝ.. උඹට අමුතුවෙන් උත්සහා කරන්න දෙයක් නැනේ, අස්පයා පිටේ නැග්ගාම වැඩේ සිම්පල්නේ... ලොල්
ReplyDeleteඅපේ ගෙදරත් සමහර වෙලාවට ඔහොම දේවල් වෙනවා.... එයාලනම් ඉතින් කෙසෙල් ගහ යට පොතු තියලා මදේ විතරයි දාගන්නේ.... ඒ විතරක් නෙවේ ගස්ලබු කරටි වලටත් ඔය දේ වෙනවා... කෙසෙල් ගහ මුල බැලුවද බිඟු..... එහෙම දෙයක් නෙවේ කියල විශ්වාසද?
ReplyDeleteහොරා සිරාවටම බ්ලොග් කියවන එක්කෙනෙක් වෙන්න ඇති..ලස්සනට ප්ලැන් කරලාදිලා ගිහින් තියෙන්නෙ වැඩේ........
ReplyDeleteමං මේක 27 වෙනිදාම දැක්කා.. අද වෙනකම් කල්පනා කළේ මේ හොරාට තියන ප්‍රොෆෙෂනල් ට්‍රේනින් අන්ඩ් ටෙක්නික්ස් ගැනයි.. ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ස්කිල්ස් ගැනයි .... :-)
ReplyDeleteඅනේ හපොයි බිඟු අයියේ අක්කාව ඉක්මනට ගෙදර එක්කන් අවොත් හොදයි....නැත්තම් හොරු ටික ප්ලෑන් කොරලා ඔයාවත් එක්ක ගේම ගලවන් යන්න බැරි නෑ ඕන්....
ReplyDeleteඔන්න අපි එහෙම නෙවෙයි
ReplyDeleteමොනව වුනත් Creative හොරෙක්... ඒ වගෙම වැදගත් හොරෙක් මොකද මල් ඇවරිය (මුල් ඇවරියා හරි ඉතුරු කරානෙ නේද?
ReplyDeleteමොනව වුනත් හොඳ හැකියාවක් තියෙන හොරෙක්...:P
ReplyDeleteඕක අර රනිය්ල් ලොක්ක කෙහෙල් කැන කැපුව වගේ වැඩක්නෙ. මිනිහත් වත්තෙ කෙහෙල් කැනක් ඇවිත් අමාරුවෙං ගහ නොකප කැන බාගෙන, නැත්තං ඊළඟ පාර කැනක් එන්න නොදී කපල කොහොමෙයි මෙච්චර රස කෙහෙල් ගහේ කියල. ඒ වගෙ කැපුව එකා හිතුවද දන්නෙ නෑනෙ වහල්ල තිබ්බම තව ඇවරි ලියලාවි කියල..හික්ස්....
ReplyDeleteමෙන්න හොරා අහු වුනෝ.
ReplyDeleteකෙහෙල් හොරා බ්ලොගෙන් දැනේ
http://hemalayaa.blogspot.com/2010/07/blog-post_4120.html
නියංමෛඉ
ReplyDeleteලංකාවෙ අපිට නම් ඔහොම වැඩ තමයි.
ReplyDeleteඅය්යා ගම්පහ අපිට නම් ඔවා පුරුදුයි...
ReplyDeleteඑත් ඔක පටන් ගෑම්මක් විතරයි..හොන්දට දොරවල් ලොක් කරලා
ගමන් බිමන් යන්න.
කපුවා..