June 27, 2010

අනේ දෙවියනේ මට වුනු වියෝයා.


අනේ දෙවියනේ මට වුනු වියෝයා
නොමැති කලට ගෙයි කිසිවෙක් මෙසේයා
නැට්ට තියා කෙසෙල් කැපූ කලේයා
කෙසෙල් කැනත් හොරු අරගෙන ගියෝයා


බිරිඳ පුතා සමග සිටින්නේ ඇගේ ගම වන කටුපොතය. මා තනිවම පිළියන්දලට වී මහා පාලුවකින් කාලය ගත කරන්නෙමි. නිවාඩුවක් ලද සැනින් මා ඇගේ නිවසකරා පියඹායන්නේ නිදහස ලද කුරුල්ලෙකු මෙනි. සෑම සති අන්තයක්ම ගත කලේ ඇගේ නිවසේය. පසු ගිය සතියේ සඳුදා මා පිළියන්දල නිවාසට පැමිණ කල යම් කිසිවක් සිදු වී ඇති බව සිතුනි. විපරම් කරමින් යන විට දුටු දේ නිසා මා හට කෝපය වෙනුවට සිනහ නැගුනි. කිසියම් කෙනෙක් හෝ කිහිප දෙනෙක් අපේ වත්තේ තිබූ කෙසෙල් කැනකට ගේමක් දීලාය.

එය කෙසේද යත්:

බණ්ඩාර වහල්ල ඉතුරුවන පරිදි කෙසෙල් ඇවරි කපාගෙන ගොසින්ය. තවද මල් ඇවරියද ඉතුරු කර ගොසින්ය. මෙලෙස ගහේදීම ඇවරි වෙන් කිරීම කෙතරම අසීරුදැයි කියා අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙය කළ තැනැත්තා කවුරුන් විය හැකිද?


43 comments:

  1. හෆොයි....මෙහෙමත් හොරු...

    FBI එකට දන්වමුද....හිහ් හිහ් හී..

    ReplyDelete
  2. මොනවා උනත් නිර්මාණශීලි හොරොක් ...........

    ReplyDelete
  3. අනේ පවු හොඳ හොරෙක්........
    අයිය ගැන හිතල මල් ඇවරිය තියල ගිහින් පවු......... :P :P

    කපන්න අමාරු උනාට කැන පිටින් ගෙනයනවාට වඩා කොච්චර සිම්පල් ප්ලෑනක්ද බලන්න කැපුව මල්ලේ දාගත්ත ගියා.........

    ReplyDelete
  4. මාර හොරුනේ අප්පා දැන් ඉන්නේ....

    ReplyDelete
  5. හලෝ අර කොට්ටෝරුවා වෙන්න ඇති.:P
    ඔයාට වැඩ නැහැනේ.:D මොකටද ඌව බ්ලොග් පෝස් එකකට දැම්මේ.
    තරහට ඔන්න මේ වැඩේ කරලා තියන්නේ..ආය ආවොත් අල්ල ගන්න:P

    ReplyDelete
  6. මේක මාර අමාරු වැඩක්නේ.
    මේක නම් කපන්න ඇත්තේ ෂුවර් එකටම අල්ලපු ගෙදර එකා තමයි.
    මොකද කවුරුත් ගෙදර නැති වෙලාවක් බලලා මේසයක් එහෙම ගෙනත් නේ මේ වැඩේ කරන්න ඕනේ.

    ReplyDelete
  7. මාත් හිතන්නෙ ඕක අර කොට්ටෝරුවගෙ වැඩක් ...හික්ස්

    මොනා උනත් හොරා නම් කම්බ හොරෙක් ..ඇයි දෙයියනේ රටාවෙන්නෙ ගේම දීලා තියෙන්නෙ....

    ReplyDelete
  8. @චමිදේවා
    අන්න වැඩේ.
    FBI එකට නැතත් FB එකටවත් දාමු.

    @වැප්
    අනේ හොරා කියන්න එපා...

    හා පැටික්කි ,
    ඒකනේ බලන්න්කෝ....
    පුංචිම ඇවරිය මට...
    පට්ට සිම්පල් ප්ලෑන් එක...
    ඔයාද කියලත් මට සැකයි...

    @හසී,
    ඔයා ගෙවල් පැත්තේ එනවා කිව්වා නේද?
    ම්..ම්ම්..
    හික්ස්...

    @නිමන්ති,
    ඒකනේ...
    බලන්න්කෝ මට වෙච්ච දේ...
    අනිවා... ඊළඟ පාර නම් දෙනවා ....


    @ඇනී,
    ඒක වෙන්නත් බැරි නෑ...

    ReplyDelete
  9. @දිල්,
    හා හා..
    මාර වචන සෙට් එකක්නේ දිල්ට දැන් තියෙන්නේ..
    අර අහිංසකයට බනින්න එපා..
    අනිත් කෙහෙල්වලටත් රටවෙන් ගේම දේවිනේ...
    හික්ස්...

    ReplyDelete
  10. බිඟු! හොරා ගේ අම්මාගෙන් පේන ඇහුව නම් හරි..!
    නියම හොරා..නිවාඩු පාඩුවේ..නිවී සැනසිල්ලේ වැඩේ කරගෙන ගිහින්..!

    ReplyDelete
  11. පුහුල් හොරා කරෙන් දැනුනා වගේ කෙහෙල් හොරා වහල්ලෙන් දැනේවිද ?

    ReplyDelete
  12. අන්න ජෙනුයින් හොරු....
    කිසිම සලකුනක් නැතුව වැඩේ දීල....
    මගෙ හිතේ අඩි7-8 විතර එකෙක් වෙන්න ඕනා.... :P

    ReplyDelete
  13. අනිවා ප්‍රොෆෙශන්ල් කෙහෙල් හොරෙක්..
    හැකියාව අගය කරන්න ඔනේ. :)

    ReplyDelete
  14. ඔයාලගෙ ගෙදර උන්දැයි අනික් අයයි මම හිතන්නෙ හය්බර්නේට් වෙනව වගෙ අපි නිදාගන්න නින්දක් නෙමෙ නිදාගන්නෙ..කෙලින්ම ෂට් ඩවුන් නින්දක් දමල තියෙන්නෙ.....මම හිතන්නෙ ඔයා ට්‍රයි කලොත් ඔයාලගෙ ඇඳ උනත් උස්සල පාරෙන් තියත හැකි තව කීප දෙනෙක් සෙට් කරගෙන....ඒත් ඔයාගෙ පුතා එකයි බිරිඳ එකයි දුම් දම දම නිදියගනී.....

    ReplyDelete
  15. මේ උඩින් යන හොරුද? පිළියන්දළ එහෙම කට්ටියක් ඉන්න බව නම් මම හොඳින්ම දන්නවා,,

    ReplyDelete
  16. මොනා වුනත් බිඟු අයියේ හිතක් පපුවක් තියෙන හොරෙක්
    නැත්තම් බිඟු අයියලාටත් මොකක් හරි ඉතුරු කරන්නේ නැතුව යනවයැ?:D

    ReplyDelete
  17. අර කොට්ටෝරුවාගෙ අයිතිකාරයා වෙන්න ඇති
    කොට්ටොරුවාව එවල තියෙන්නෙ ඔත්තු බලන්නලු

    ReplyDelete
  18. අනේ අනේ අයියේ මාව අල්ලගන්නද හදන්නේ ඒ පාර.. පාරක් නොදැන මම කොහොම එන්නද? අනික මට ගංවතුරනේ හික්ස් :D

    ReplyDelete
  19. මේ මම.....?????
    බස් ගාස්තු ගෙවන් ඔය ඇටිකෙහෙල උස්සන්න එනකම් මට මෙහෙන් හොඳ කෙහෙල් කැන් දෙකතුනක් ඒ සල්ලි වලින් ගන්න පුලුවන්.........

    මේ යන තාලෙට මට පේන්නේ අයියමද කොහෙද වැඩේ දීල තියෙන්නේ.......
    කියනව බලන්න කැනේ තියෙද්දිම ගෙඩිය ගෙඩිය කෑව නේද හොරා වගේ.......... :P :P
    පස්සේ බොරු කියනව....... හිහ්...... :P :P

    ReplyDelete
  20. මම හිතන්නේ අදුරන කෙනෙක් විහිලුවට කරලා වගේ

    ReplyDelete
  21. මැන් නම් සිරා පොරක් වගේ අයියේ...අදහන්න වටින හොරෙක්

    ReplyDelete
  22. හික්ස් + ලොලේ ලොල් කිව්වලු.......

    මේ බිඟු අයියා ඔය හොරාව හම්බුනොත් පොඩ්ඩක් කියනවද?
    මොකටද දන්නවද මගේ බ්ලොග් එකට සම්මුඛ පරීක්ෂණේකට කැඳවන්න. අදහන්නවටින පොරක්නෙ ඒකයි :) :P

    ReplyDelete
  23. පවුල නැති අතරෙ අහල පහළ උදවියට ඇවරිය ගානේ කපලා දීලා..දැන් බොරුවට මෙකෙත් දැම්මා ඇග ඛෙරගන්න..
    අනෙ අම්මපා...

    (නැත්තං හොරා හොරා කියනවට අකමැති මොකෝ...ඔන්න මම විසඳුවා ගැටෙ..)

    ReplyDelete
  24. පිළියන්දල කියන්නෙ එසේ මෙසේ මිනිස්සු ඉන්න පළාතක් නෙවි. සොරා උනත් සිරා :P

    ReplyDelete
  25. මේකනම් ආමාරු වැඩක් අත්දැකීමෙන් කියන්නෙ, කාලයයි හොදට එලියයි ඕන මේ වැඩේට

    ReplyDelete
  26. උත්සාහ කරල බලන්න ඔන වෙලාවක... හික්ස්..

    ReplyDelete
  27. මොනව වුනත් හොරා මනුස්සකම් දන්න හොරෙක් ඒකනෙ බිඟුවට කන්න මල් ඇවරිය ඉතුරු කරල ගිහින් තියෙන්නෙ..?
    හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්............................

    ReplyDelete
  28. අහ්...හෆෝයි බිගුවට වුනදේ...
    වැඩේ කියන්නේ දැන් හොරුත් හොරකම් කරන්නේ හොරුන්ගෙන්මයි නේ.....

    ReplyDelete
  29. මටනම් හිතෙන්නෙ බිඟූගෙම වැදක්. මොකද; පවුලයි, ළමයයි ගමේ ගියාත්ට පස්සෙ, ඔයා ඒ දෙන්නට හොරෙන් ගේම දුන්න නේද? හික්ස්....

    ReplyDelete
  30. @ සෝරෝ - ආ... සෝරෝ.. උඹට අමුතුවෙන් උත්සහා කරන්න දෙයක් නැනේ, අස්පයා පිටේ නැග්ගාම වැඩේ සිම්පල්නේ... ලොල්

    ReplyDelete
  31. අපේ ගෙදරත් සමහර වෙලාවට ඔහොම දේවල් වෙනවා.... එයාලනම් ඉතින් කෙසෙල් ගහ යට පොතු තියලා මදේ විතරයි දාගන්නේ.... ඒ විතරක් නෙවේ ගස්ලබු කරටි වලටත් ඔය දේ වෙනවා... කෙසෙල් ගහ මුල බැලුවද බිඟු..... එහෙම දෙයක් නෙවේ කියල විශ්වාසද?

    ReplyDelete
  32. හොරා සිරාවටම බ්ලොග් කියවන එක්කෙනෙක් වෙන්න ඇති..ලස්සනට ප්ලැන් කරලාදිලා ගිහින් තියෙන්නෙ වැඩේ........

    ReplyDelete
  33. මං මේක 27 වෙනිදාම දැක්කා.. අද වෙනකම් කල්පනා කළේ මේ හොරාට තියන ප්‍රොෆෙෂනල් ට්‍රේනින් අන්ඩ් ටෙක්නික්ස් ගැනයි.. ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ස්කිල්ස් ගැනයි .... :-)

    ReplyDelete
  34. අනේ හපොයි බිඟු අයියේ අක්කාව ඉක්මනට ගෙදර එක්කන් අවොත් හොදයි....නැත්තම් හොරු ටික ප්ලෑන් කොරලා ඔයාවත් එක්ක ගේම ගලවන් යන්න බැරි නෑ ඕන්....

    ReplyDelete
  35. ඔන්න අපි එහෙම නෙවෙයි

    ReplyDelete
  36. මොනව වුනත් Creative හොරෙක්... ඒ වගෙම වැදගත් හොරෙක් මොකද මල් ඇවරිය (මුල් ඇවරියා හරි ඉතුරු කරානෙ නේද?

    ReplyDelete
  37. මොනව වුනත් හොඳ හැකියාවක් තියෙන හොරෙක්...:P

    ReplyDelete
  38. ඕක අර රනිය්ල් ලොක්ක කෙහෙල් කැන කැපුව වගේ වැඩක්නෙ. මිනිහත් වත්තෙ කෙහෙල් කැනක් ඇවිත් අමාරුවෙං ගහ නොකප කැන බාගෙන, නැත්තං ඊළඟ පාර කැනක් එන්න නොදී කපල කොහොමෙයි මෙච්චර රස කෙහෙල් ගහේ කියල. ඒ වගෙ කැපුව එකා හිතුවද දන්නෙ නෑනෙ වහල්ල තිබ්බම තව ඇවරි ලියලාවි කියල..හික්ස්....

    ReplyDelete
  39. මෙන්න හොරා අහු වුනෝ.
    කෙහෙල් හොරා බ්ලොගෙන් දැනේ

    http://hemalayaa.blogspot.com/2010/07/blog-post_4120.html

    ReplyDelete
  40. නියංමෛඉ

    ReplyDelete
  41. ලංකාවෙ අපිට නම් ඔහොම වැඩ තමයි.

    ReplyDelete
  42. අය්යා ගම්පහ අපිට නම් ඔවා පුරුදුයි...
    එත් ඔක පටන් ගෑම්මක් විතරයි..හොන්දට දොරවල් ලොක් කරලා
    ගමන් බිමන් යන්න.

    කපුවා..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!