පුංචි පුතා ගිය මාසේ උපන්නේ
නිවස පුරා කිරි සුවඳයි දැනෙන්නේ
අපි දෙන්නා පුතු සමගින් සිටින්නේ
රන් කැටි පුතු හරියට එය නොදන්නේ
බඩගිනි කලට නෑ කිසිවක් සිතන්නේ
දෙකක් වෙන්න මහ හයියෙන් හඬන්නේ
ඒ හඬුමට හනිකට කිරි එරෙන්නේ
සොබා දහමෙ අරුමය මේ කියන්නේ
බඩ පිරුනම මොකවත් නෑ කරන්නේ
පැය දෙක තුන එක පාරම නිදන්නේ
නිදන සිරිය අපි දෙන්නම විඳින්නේ
අමයුරු රස මේයැයි අප සිතන්නේ
හොරෙන් හොරෙන් මා දෙස ඈ බලන්නේ
ආඩමබරකමයි එතන තියෙන්නේ
කිසි වෙනසක් නෑ ඇය මට කරන්නේ
මේක තමා ආදරයයි සිතෙන්නේ
පුංචි පැටිය තාත්තට වද දෙනව හොඳටම මදි වගේ........
ReplyDeleteකවි පෙළ නම් හරිම ශෝයි අයියේ...... පොඩි බිඟු පැංචව දකින්න නම් ආසාවේ බෑ........
බිඟු ලන්තෙ නිහඬ ඇයි බැලුව. බ්ඟු රජ සහ බිසව තම ළදරුවා ආරක්ෂා කිරීමේ හා හුරතල් කිරීමේ සටනක නිරත වන බව මෙයින් හැගී යයි.
ReplyDeleteඑල....එල..
ඔයාගෙ කවි පෙලත් එල.
ශෝයි අයියේ....ආසාවෙ බෑ...අයියගෙ ආදරේ කවි වලින්ම තේරෙනවා
ReplyDeleteලස්සනයි . . බිඟුවට වැඩ වගේ මේ ටිකේ . .
ReplyDeleteහ්ම්...ලස්සන කවි ටික.
ReplyDeleteජීවිතේ සුන්දර ම කාලයක් ගෙවනවා වගේ..
ඔය සතුට හැමදා ම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....
මගෙන් සුභ පැතුම්!!!
ජයවේවා!!!
ලස්සනයි...
ReplyDeleteඅප්පේ....මෙන්න අපේ බිගූ තාත්තගෙ සතුට දෝර ගලන හැටි...
ReplyDeleteසුන්දරව විඳින ජීවිතයට අපෙනුත් සුබ පැතුම් බිගුවො....තාම නයිට් ඩියුටි එහෙම කොරනවැයි...හික්ස්....
හ්ම්ම් :) ලස්සන පවුලක් :) සුබ පැතුම් මගෙනුත්
ReplyDeleteඅනේ හරිම ෂෝයි අයියේ, බලන්න එන්න හිතෙනවා. පුතාට නමක් දැම්මේ නැද්ද අයියේ තාම? බුදු සරණයි තුන් දෙනාටම!
ReplyDeleteයන්නම වටිනවා බලන්න බිඟු පැටියා....අපි යමුකෝ බලන්න....මොකද කියන්නේ කෂ්ටිය...
ReplyDeleteඇත්තටම බිඟු අයියේ බිඟු පැටියාගේ නම මොකක්ද?
තුන්දෙනාටම බුදු සරණයි...!!!
.... මොනවා කියන්නද කියලා හිතන්න බැහැ... මම යනවා...
ReplyDeleteඅනේ අලි චෝයි අනේ........ ලක්සන පදටික. මටනම් හිතෙන්නෙ මේ පොස්ට් කියවන කස්ටිය ඉක්මනට කසාද බඳීවගේ ( මම ඇර " තව කල්තීනවෝ....." ) බිගූ....... හිහ් හිහ්.
ReplyDelete@හා පැටික්කි,
ReplyDeleteඉතින් එන්නකෝ පුතාව බලන්න.
@පීවර් ,
ඔව් ඔව්...
මේ දවස්වල අනේ ඉතින් පුතා ළඟමයි හිත.
@ජයසූරිය ,
ආ නම මාරු කරලා..
ඒක හොඳයි.. නැත්නම හසියෝ ගොඩායිනේ...
@දුකා,
ඔව් මචං...
දුන් දාගෙන වැඩ...
හික්ස්...
@sampathjt
ReplyDeleteඑල එල...
ස්තුතියි.
@Ansh Lucky Sri Jay
පිංතූරය මාරු කළා නේද?
@දිල්,
අනිවා දිලෝ...
ඔයා කිව්වා වගේ පුතා රෑට නැගිටලා දෙක වෙන්න සද්දේ දානවා...
මම කිරි දෙන්නේ නැති උනාට රැජිණට සප් එකට මාත් නැගිටලා ඉන්නවා..
ඒකට එයා කැමතිනේ...
@ස්වප්නා ,
ස්තුතියි,
එන්නේ නැද්ද පුතා බලන්න...
@හසී, & හසියා
දැම්මා දැම්මා...
තෙහස් විදුනිත
එන්න එන්න... මං පුතාට කියන්නම් සීයලා ටිකක් ආච්චිලා ටිකක් එක්ක එනවා පුතාව බලන්න කියලා..
හා... හා...
@රවා,
හරි හරි...
යන්නේ නැතුව පුතා බලන්න ආවා නම් මොකද බං...
කාලයක් උඹවත් සද්ද නැතුව හිටියා නේද?
මොකද උනේ හැබෑටම???
බැන්දවත්ද?
@ජේ.ඩී ,
තව කල් තියෙනවා කිව්වේ???
මට නම් සැකයි පුතෝ...
අයියලා පිළියන්දලද ඉන්නේ... මම ඉන්නේ කටුවාවල... එන්නමයි හිතෙන්නේ... පුතාගේ නම ලස්සනයි අයියේ...
ReplyDeleteඇත්තටම මේ පද පේලි ටික දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ බිඟි අයියේ..
ReplyDeleteදරු පැටිය සනීපෙන් ඉන්නව නේද..??
බුදු සරණයි තුන් දෙනාටම..
ලස්සනයි අයියේ... බිඟු පවුලම හැමදාමත් සතුටින් ඉන්න කියලා මම පතනවා.!!!!!!
ReplyDeleteඅනිවා.... මේක තමයි ආදරය.
ReplyDelete3 දෙනාටම බුදුසරණයි!හැමදාම සතුටින් ඉන්න!
ReplyDeleteඇස් වහක් කටවහක් වෙන්න එපා... රත්නත්‍රයේ සරණයි..
ReplyDeleteසතුට තව තව ඉතිරේවා.... !
හිහ්...... පුංචි පැටිය මොන්ටිසෝරිවත් යයි මට බලන්න එන්න ලැබෙනකොට.........
ReplyDeleteනමත් පැටිය වගේම හැඩයි......
ඇස්වහක් වෙන්න එපා.....
රැජිණ අක්කවත් මතක් කරා කියන්න.....
බිඟු පවුලට බුදුසරණයි!!!!
God Bless!!!!
@ හසියා
අයියලනම් යයි ගෑණුළමෝ වෙච්චි අපිට තමා ගිහිල්ල ඇවිල්ල අයියල කියන කතා අහ අහ හූල්ලන්න වෙන්නේ.........
ආදරය දොරේ ගලායන්ව බිගු..අයියේ....
ReplyDeleteනින්දක්නම් නැතුව ඇතිනේද?.....
බිගු පවුලටම තෙරුවන්සනණයි....!
Kolu podda nidaagena inna widiha dakkama,
ReplyDeleteAasaawe ba appa :)
දරු සුරතලක අරුම . . .
ReplyDeleteබිගුව අවදිකරන්නෙම ජීවිතේ සුන්දරම මතකයන් තමයි, බිගු පවුලටම බුදු සරණයි
ReplyDeleteඅර **හා පැටික්කි** කිව්ව වගේ
ReplyDeleteපුංචි පැටිය තාත්තට වද දෙනව හොඳටම මදි තමා
අපේ අල්ලපු ගෙදරත් ඉන්නව පොඩි බබෙක්
දැන්නම් ටිකක් ලොකුයි
එයානම් පොඩිකාලෙ අම්මටයි ඒ තාත්තටය දස වද දුන්න
ඔයාලටත් තව ටික දවසකින් දෙයි
වදයක් කිව්වට වදයක් නෙමේ *******
එල කවි පෙල***
මේ නිකමට වගේ අහන්නෙ බබා ඇගේ චූ දාන්නෙ එහෙම නැද්ද??
@හසී,
ReplyDeleteඅනේ මේ දවස්වල අපි ඉන්නේ කටුපොත, නාරම්මල. නොනාගේ ගෙදර. මම මෙහෙ ආවාම කියන්නම්.
එතකොට එන්නකෝ...
@සෝරෝ,
ඔව් ඔව්...
ඔය ඉන්නේ යස අපූරුවට නිදියා ගත්තාම...
@ක්‍රිශාන්,
තුති මලයා...
@අනුරාධ,
අනිවාද? එහෙනම් ඒක දන්නවා වගෙයි ආ...
@ජංජාල චාමර ,
ස්තුතියි මචං.
@මල්,
බොහොම පිං.
@හා පැටික්කි,
හරි හරි මම කියඤ්ඤං...
@ඉලංදාරියා,
නින්ද නම් පොඩ්ඩක් අඩුයි තමා..
ඒත් පට්ටම කියලා හිතෙනවා...
@මුතූ,
මාත් ආසම මේ ඉරියව්වට ඉන්නකොට...
@හුටපටයා ,
ඒකනේ...
@ලස්සන ලංකා,
දුවව මතක් වෙන්න ඇති නේද???
@කටකාරී,
හොපෝ..
මෙයා නම හරිම කට කාරියක්ම තමා...
හික්ස්...
පරිස්සම් වෙන්න ඕනෑ මෙයගෙන්...
නිකමට වගේ කියන්නේ...
අපොයි ඕනෑ තරම්....
/බිඟුවා...!
කෝ අළුත් මුකුත් දාන්න අදහසක් එහේම නැද්ද
ReplyDeleteඔහොමනන් ඉතින් බෑ
යාළුයවා සෙට් 1 බලාගෙන ඉන්නව ඇති කියලවත් හිතෙන් නැද්ද
හොද බිගුව වගේ දාන්නකො හරි
ජය වේවා---*****
මම කිව්වේ...
ReplyDeleteමෙයාගෙන් පරිස්ස්ම් වෙන්න ඔනෑ...
හික්ස්..
බිඟු කැලගේ පහස ලබන මී වදය
ReplyDeleteරජ මැස්සී රක්නා හේ මහ බිඟු ය
පිලවකු ලද්දේ වදයට මෑතකය
උපන් සැටි දක්නන්ගේ හද සලය
රත්පැහැ දෙකොපුල් දක්නට මනහරය
සැලෙනා අත් පා දරුගේ මොළකැටිය
සරිනා බිඟු වදයේ දැන් කන්කළුය
බිඟු නද දෙන්නට තවැකෙක් ඉපිදේය
-තඹරු විජේසේකර
කට්ටිය බිඟු පැටියව බලන්න ගියාද ?
ReplyDeleteආච්චිලා සීයල ගිහින් ඉවර උනාම මම එන්නම්. මමනම් ඉතින් තාම පොඩි එකානෙ. බිඟු පැටිය මට අයියා කියයි නේද ?
ආආආඅහ්. ලමයි බලන එක මාර ශෝක් වැඩේ. මාත් අපෙ අක්කගෙ පොඩි එකාව බලා ගත්ත නොවැ.