June 17, 2010

අමයුරු රස මේයැයි අප සිතන්නේ

පුංචි පුතා ගිය මාසේ උපන්නේ
නිවස පුරා කිරි සුවඳයි දැනෙන්නේ
අපි දෙන්නා පුතු සමගින් සිටින්නේ
රන් කැටි පුතු හරියට එය නොදන්නේ

බඩගිනි කලට නෑ කිසිවක් සිතන්නේ
දෙකක් වෙන්න මහ හයියෙන් හඬන්නේ
ඒ හඬුමට හනිකට කිරි එරෙන්නේ
සොබා දහමෙ අරුමය මේ කියන්නේ

බඩ පිරුනම මොකවත් නෑ කරන්නේ
පැය දෙක තුන එක පාරම නිදන්නේ
නිදන සිරිය අපි දෙන්නම විඳින්නේ
අමයුරු රස මේයැයි අප සිතන්නේ

හොරෙන් හොරෙන් මා දෙස ඈ බලන්නේ
ආඩමබරකමයි එතන තියෙන්නේ
කිසි වෙනසක් නෑ ඇය මට කරන්නේ
මේක තමා ආදරයයි සිතෙන්නේ



31 comments:

  1. පුංචි පැටිය තාත්තට වද දෙනව හොඳටම මදි වගේ........

    කවි පෙළ නම් හරිම ශෝයි අයියේ...... පොඩි බිඟු පැංචව දකින්න නම් ආසාවේ බෑ........

    ReplyDelete
  2. බිඟු ලන්තෙ නිහඬ ඇයි බැලුව. බ්ඟු රජ සහ බිසව තම ළදරුවා ආරක්ෂා කිරීමේ හා හුරතල් කිරීමේ සටනක නිරත වන බව මෙයින් හැගී යයි.
    එල....එල..
    ඔයාගෙ කවි පෙලත් එල.

    ReplyDelete
  3. ශෝයි අයියේ....ආසාවෙ බෑ...අයියගෙ ආදරේ කවි වලින්ම තේරෙනවා

    ReplyDelete
  4. ලස්සනයි . . බිඟුවට වැඩ වගේ මේ ටිකේ . .

    ReplyDelete
  5. හ්ම්...ලස්සන කවි ටික.
    ජීවිතේ සුන්දර ම කාලයක් ගෙවනවා වගේ..
    ඔය සතුට හැමදා ම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....
    මගෙන් සුභ පැතුම්!!!
    ජයවේවා!!!

    ReplyDelete
  6. අප්පේ....මෙන්න අපේ බිගූ තාත්තගෙ සතුට දෝර ගලන හැටි...
    සුන්දරව විඳින ජීවිතයට අපෙනුත් සුබ පැතුම් බිගුවො....තාම නයිට් ඩියුටි එහෙම කොරනවැයි...හික්ස්....

    ReplyDelete
  7. හ්ම්ම් :) ලස්සන පවුලක් :) සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
  8. අනේ හරිම ෂෝයි අයියේ, බලන්න එන්න හිතෙනවා. පුතාට නමක් දැම්මේ නැද්ද අයියේ තාම? බුදු සරණයි තුන් දෙනාටම!

    ReplyDelete
  9. යන්නම වටිනවා බලන්න බිඟු පැටියා....අපි යමුකෝ බලන්න....මොකද කියන්නේ කෂ්ටිය...
    ඇත්තටම බිඟු අයියේ බිඟු පැටියාගේ නම මොකක්ද?
    තුන්දෙනාටම බුදු සරණයි...!!!

    ReplyDelete
  10. .... මොනවා කියන්නද කියලා හිතන්න බැහැ... මම යනවා...

    ReplyDelete
  11. අනේ අලි චෝයි අනේ........ ලක්සන පදටික. මටනම් හිතෙන්නෙ මේ පොස්ට් කියවන කස්ටිය ඉක්මනට කසාද බඳීවගේ ( මම ඇර " තව කල්තීනවෝ....." ) බිගූ....... හිහ් හිහ්.

    ReplyDelete
  12. @හා පැටික්කි,
    ඉතින් එන්නකෝ පුතාව බලන්න.

    @පීවර් ,
    ඔව් ඔව්...
    මේ දවස්වල අනේ ඉතින් පුතා ළඟමයි හිත.

    @ජයසූරිය ,
    ආ නම මාරු කරලා..
    ඒක හොඳයි.. නැත්නම හසියෝ ගොඩායිනේ...

    @දුකා,
    ඔව් මචං...
    දුන් දාගෙන වැඩ...
    හික්ස්...

    ReplyDelete
  13. @sampathjt
    එල එල...
    ස්තුතියි.

    @Ansh Lucky Sri Jay
    පිංතූරය මාරු කළා නේද?

    @දිල්,
    අනිවා දිලෝ...
    ඔයා කිව්වා වගේ පුතා රෑට නැගිටලා දෙක වෙන්න සද්දේ දානවා...
    මම කිරි දෙන්නේ නැති උනාට රැජිණට සප් එකට මාත් නැගිටලා ඉන්නවා..
    ඒකට එයා කැමතිනේ...

    @ස්වප්නා ,
    ස්තුතියි,
    එන්නේ නැද්ද පුතා බලන්න...

    @හසී, & හසියා
    දැම්මා දැම්මා...
    තෙහස් විදුනිත
    එන්න එන්න... මං පුතාට කියන්නම් සීයලා ටිකක් ආච්චිලා ටිකක් එක්ක එනවා පුතාව බලන්න කියලා..
    හා... හා...

    @රවා,
    හරි හරි...
    යන්නේ නැතුව පුතා බලන්න ආවා නම් මොකද බං...
    කාලයක් උඹවත් සද්ද නැතුව හිටියා නේද?
    මොකද උනේ හැබෑටම???
    බැන්දවත්ද?

    @ජේ.ඩී ,
    තව කල් තියෙනවා කිව්වේ???
    මට නම් සැකයි පුතෝ...

    ReplyDelete
  14. අයියලා පිළියන්දලද ඉන්නේ... මම ඉන්නේ කටුවාවල... එන්නමයි හිතෙන්නේ... පුතාගේ නම ලස්සනයි අයියේ...

    ReplyDelete
  15. ඇත්තටම මේ පද පේලි ටික දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ බිඟි අයියේ..

    දරු පැටිය සනීපෙන් ඉන්නව නේද..??

    බුදු සරණයි තුන් දෙනාටම..

    ReplyDelete
  16. ලස්සනයි අයියේ... බිඟු පවුලම හැමදාමත් සතුටින් ඉන්න කියලා මම පතනවා.!!!!!!

    ReplyDelete
  17. අනිවා.... මේක තමයි ආද‍රය.

    ReplyDelete
  18. 3 දෙනාටම බුදුසරණයි!හැමදාම සතුටින් ඉන්න!

    ReplyDelete
  19. ඇස් වහක් කටවහක් වෙන්න එපා... රත්නත්‍රයේ සරණයි..
    සතුට තව තව ඉතිරේවා.... !

    ReplyDelete
  20. හිහ්...... පුංචි පැටිය මොන්ටිසෝරිවත් යයි මට බලන්න එන්න ලැබෙනකොට.........

    නමත් පැටිය වගේම හැඩයි......
    ඇස්වහක් වෙන්න එපා.....
    රැජිණ අක්කවත් මතක් කරා කියන්න.....

    බිඟු පවුලට බුදුසරණයි!!!!
    God Bless!!!!

    @ හසියා
    අයියලනම් යයි ගෑණුළමෝ වෙච්චි අපිට තමා ගිහිල්ල ඇවිල්ල අයියල කියන කතා අහ අහ හූල්ලන්න වෙන්නේ.........

    ReplyDelete
  21. ආදරය දොරේ ගලායන්ව බිගු..අයියේ....

    නින්දක්නම් නැතුව ඇතිනේද?.....

    බිගු පවුලටම තෙරුවන්සනණයි....!

    ReplyDelete
  22. Kolu podda nidaagena inna widiha dakkama,
    Aasaawe ba appa :)

    ReplyDelete
  23. දරු සුරතලක අරුම . . .

    ReplyDelete
  24. බිගුව අවදිකරන්නෙම ජීවිතේ සුන්දරම මතකයන් තමයි, බිගු පවුලටම බුදු සරණයි

    ReplyDelete
  25. අර **හා පැටික්කි** කිව්ව වගේ
    පුංචි පැටිය තාත්තට වද දෙනව හොඳටම මදි තමා
    අපේ අල්ලපු ගෙදරත් ඉන්නව පොඩි බබෙක්
    දැන්නම් ටිකක් ලොකුයි
    එයානම් පොඩිකාලෙ අම්මටයි ඒ තාත්තටය දස වද දුන්න
    ඔයාලටත් තව ටික දවසකින් දෙයි
    වදයක් කිව්වට වදයක් නෙමේ *******
    එල කවි පෙල***

    මේ නිකමට වගේ අහන්නෙ බබා ඇගේ චූ දාන්නෙ එහෙම නැද්ද??

    ReplyDelete
  26. @හසී,
    අනේ මේ දවස්වල අපි ඉන්නේ කටුපොත, නාරම්මල. නොනාගේ ගෙදර. මම මෙහෙ ආවාම කියන්නම්.
    එතකොට එන්නකෝ...

    @සෝරෝ,
    ඔව් ඔව්...
    ඔය ඉන්නේ යස අපූරුවට නිදියා ගත්තාම...

    @ක්‍රිශාන්,
    තුති මලයා...

    @අනුරාධ,
    අනිවාද? එහෙනම් ඒක දන්නවා වගෙයි ආ...

    @ජංජාල චාමර ,
    ස්තුතියි මචං.

    @මල්,
    බොහොම පිං.

    @හා පැටික්කි,
    හරි හරි මම කියඤ්ඤං...

    @ඉලංදාරියා,
    නින්ද නම් පොඩ්ඩක් අඩුයි තමා..
    ඒත් පට්ටම කියලා හිතෙනවා...

    @මුතූ,
    මාත් ආසම මේ ඉරියව්වට ඉන්නකොට...

    @හුටපටයා ,
    ඒකනේ...

    @ලස්සන ලංකා,
    දුවව මතක් වෙන්න ඇති නේද???

    @කටකාරී,
    හොපෝ..
    මෙයා නම හරිම කට කාරියක්ම තමා...
    හික්ස්...
    පරිස්සම් වෙන්න ඕනෑ මෙයගෙන්...
    නිකමට වගේ කියන්නේ...
    අපොයි ඕනෑ තරම්....

    /බිඟුවා...!

    ReplyDelete
  27. කෝ අළුත් මුකුත් දාන්න අදහසක් එහේ‍ම නැද්ද
    ඔහොමනන් ඉතින් බෑ
    යාළුයවා සෙට් 1 බලාගෙන ඉන්නව ඇති කියලවත් හිතෙන් නැද්ද
    හොද බිගුව වගේ දාන්නකො හරි
    ජය වේවා---*****

    ReplyDelete
  28. මම කිව්වේ...
    මෙයාගෙන් පරිස්ස්ම් වෙන්න ඔනෑ...
    හික්ස්..

    ReplyDelete
  29. බිඟු කැලගේ පහස ලබන මී වදය
    රජ මැස්සී රක්නා හේ මහ බිඟු ය
    පිලවකු ලද්දේ වදයට මෑතකය
    උපන් සැටි දක්නන්ගේ හද සලය

    රත්පැහැ දෙකොපුල් දක්නට මනහරය
    සැලෙනා අත් පා දරුගේ මොළකැටිය
    සරිනා බිඟු වදයේ දැන් කන්කළුය
    බිඟු නද දෙන්නට තවැකෙක් ඉපිදේය

    -තඹරු විජේසේකර

    ReplyDelete
  30. කට්ටිය බිඟු පැටියව බලන්න ගියාද ?

    ආච්චිලා සීයල ගිහින් ඉවර උනාම මම එන්නම්. මමනම් ඉතින් තාම පොඩි එකානෙ. බිඟු පැටිය මට අයියා කියයි නේද ?

    ආආආඅහ්. ලමයි බලන එක මාර ශෝක් වැඩේ. මාත් අපෙ අක්කගෙ පොඩි එකාව බලා ගත්ත නොවැ.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!