කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල ප්‍රශ්නය..
වින්ඩෝස් එක්ස්පී එස්පී 3 (Windows XP Sp3) භාවිතා කරන සමහර කොම්පියුටරවල කොම්බුව හරිතැනට එන්නේ නෑ. මේකට හේතුවනම් usp10.dll හි අනුවාදය නිවැරදි එකක් නොවීමයි. http://en.wikipedia.org/wiki/Uniscribe
සිංහලවලට හරියන අනුවාදය වන්නේ 1.601.5022.8 නමුත් සමහර පරිඝණකවල එය 1.420.2600.5512 ලෙස තිබේ. මෙවිට මෙම සිංහල විදහාපෑම නිවරදිව සිදු නොවෙයි. ඔබ කලයුත්තේ නිවරදි ගොනුව ප්‍රතිස්ථාපනය කිරීමයි.
මෙතනින් බාගන්න.
ඒත් අනුවාදය හරිම එක නොවෙන්න පුළුවන්.
පොඩ්ඩක් බලාගෙන... :)
http://www.dlldump.com/download-dll-files_new.php/dllfiles/U/USP10.DLL/1.601.5022.8/download.html
ඔබේ වර්ථමාන අනුවාදය සොයාගන්නා අයුරු:
c:\Program Files\Common Files\Microsoft Shared\MSinfo\msinfo32.exe
ඔබට අවශ්‍යවන්නේ මුළු පද්දතිය පුරාවට බලපාන ලෙස වෙනස් කිරීමටනම් c:\windows\system32\ හි වෙනස් කල යුතුය. නමුත් ඔබට අවශ්‍ය ලියැලුම සඳහා පමනක් වෙනස් කිරීමට අදාල තැනට පිටපත් කරන්න.
eg:
c:\Program Files\Internet Explorer\
D:\Program Files\Opera
Note
c:\windows\system32\ හි වෙනස් කිරීමට ඔබත සේෆ් මෝඩ් (safe Mode) වලින් පටන් ගත යුතුය.
/නිශාන්ත
November 26, 2009
කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල ප්‍රශ්නය..
November 25, 2009
ඇත්ත කථාවක්...(පෙරවදන)
පෙරවදන:
මෙය සත්‍ය සිදුවීමක් අසුරෙන් ලියවුණු තරමක අමිහිරි කථාවකි. මෙහි එන නම් ගම් මනඃකල්පිතය. ගමක හැදුනු වැඩුනු එක් සුන්දර කාන්තාවකගේ ආදර අන්දරය හා පවුල් ජීවිතයේදී ඇයට සිදුවුණු අමිහිරිම අත්දැකීමක් සමග ඇය ජීවිත ගංගාව තරණය කරනට දරණ අති ශෝචනීය ප්‍රයත්නයක දුක්මුසු ජීවිත කථාව මෙලෙසින් පත් ඉරුවල බොඳ කරන්නට දරණ අවිහිංසක රචනයයි.
පවුලේ බඩපිස්සිය වූ ඇය නමින් විමලාවතීය. ආදරයට කවුරුත් ඇයට කුසුම් කියන්නට වූයේ ඇය ගමට කුසුමක් සේ කාගේත් සුවදුක් සොයමින් සිටි නිසාමය. විමලාගේ නැතහොත් කුසුමාගේ පියාද ගමේ බොහෝ දෙනෙක්සේ ම තවත් එක් අවංක අහිංසක ගොවියෙකි. ඔහු නමින් පුන්චි බණ්ඩා විය. පුංචි බණ්ඩාට හා පුංචි මැණිකාට දාව උපන් දූවරුන් තිදෙනගෙන් බාලම දියණිය වූ විම්ලා වැඩියෙන්ම ආදරය කලේ ඇයගේ එකම සොයුරු රණසිංහටය. දයාවතී හා සිරියාවතී යන දෙදෙනාත් මැණිකා කෙරේ අපමණ සෙනෙහසක් දැක්වූයේ ඇයෙගේ සුරතල්කමටමය. මෙලෙස මේ 6 දෙනෙකුගෙන් සැදුම් ලත් මේ පවුල ගමේ කාගේත් සිත දිනා ගෙන සිටියෝය.
මතු බැඳේ...
November 24, 2009
මට හිතෙන වාර ගණන අනන්තයි..
සිතාගන්න බැරිතරම්
දුරකට මගේ හිත
ඇවිල්ලා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
මටත් හොරා
මගේ හිත දුරගමනකට
මුලපුරලා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
කිසිදා නොලැබුණු
උණුසුමක් හොයාගෙන
ඔයාගෙ හිත අද්දරින්
හිමීට ඇදෙනවා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
ඔය රත්තරං දෑත්වලින්
මගේ හිත ඔයගේ පපුවට
තුරුළු කරගන්නකොට
දරාගන්න බෑ වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
දෑසේ කථාවෙන්වත්
හදවතේ සුවඳින්වත්
තේරුම්ගන්න බැරි එකම එක
දෙයක් තියෙනවා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
දුරකට මගේ හිත
ඇවිල්ලා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
මටත් හොරා
මගේ හිත දුරගමනකට
මුලපුරලා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
කිසිදා නොලැබුණු
උණුසුමක් හොයාගෙන
ඔයාගෙ හිත අද්දරින්
හිමීට ඇදෙනවා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
ඔය රත්තරං දෑත්වලින්
මගේ හිත ඔයගේ පපුවට
තුරුළු කරගන්නකොට
දරාගන්න බෑ වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
දෑසේ කථාවෙන්වත්
හදවතේ සුවඳින්වත්
තේරුම්ගන්න බැරි එකම එක
දෙයක් තියෙනවා වගෙයි
කියලා මට හිතෙන
වාර ගණන අනන්තයි...
November 23, 2009
පියමැන්නා අඳුර මැඳින්...
කවි ලියන්න නුහුරු දෑතට
සොඳුරු පදවැල්
තීන්ත පොදකින්
පත් ඉරු බොඳ කරන්නට
කෙලෙසවුනිදැයි මටම මතක නෑ....
මළහිරු අවරගිරින් ගිලිහී යද්දී
විහඟුන් කැදලිකරා පියඹායද්දී
මීමෝ වැව් ඉස්මත්තේ මොරදෙද්දී
මං දැක්කා කඩුල්ල අද්දර
දඟකාර පුංචි දෑසක්...
පුංචි මල් වැටුනු ගවුම් පොඩිය
බොරපාටට හැරුනු අහස්කුස
තිත්ත කරුවලට අරාඳින හැන්දෑව
හැඩකෙරුවා ඇගේ දසුන
මගේ හද කිතිකවමින්....
හදවත තෙත්කලත් සිතිවිලි ගංගාවෙන්
ඇය යනවා හෙටත් කඩුල්ල ලඟ සිරියාවෙන්
ඉවසා දරාගෙන හදවත කෑදෙනහැටි අමාරුවෙන්
පියමැන්නා අඳුර මැඳින් හෙට දවසේ අරුණ බලන්
සොඳුරු පදවැල්
තීන්ත පොදකින්
පත් ඉරු බොඳ කරන්නට
කෙලෙසවුනිදැයි මටම මතක නෑ....
මළහිරු අවරගිරින් ගිලිහී යද්දී
විහඟුන් කැදලිකරා පියඹායද්දී
මීමෝ වැව් ඉස්මත්තේ මොරදෙද්දී
මං දැක්කා කඩුල්ල අද්දර
දඟකාර පුංචි දෑසක්...
පුංචි මල් වැටුනු ගවුම් පොඩිය
බොරපාටට හැරුනු අහස්කුස
තිත්ත කරුවලට අරාඳින හැන්දෑව
හැඩකෙරුවා ඇගේ දසුන
මගේ හද කිතිකවමින්....
ඉඟිකෙරුවා ඇයට හොරෙන්
ඉඟිකෙරුවා මටත් හොරෙන්
ඉඟිකෙරුවා කාටත් හොරෙන්
ඇගේ දෑස මගේ හදට මොනවදෝ මුමුණමින්
හදවත තෙත්කලත් සිතිවිලි ගංගාවෙන්
ඇය යනවා හෙටත් කඩුල්ල ලඟ සිරියාවෙන්
ඉවසා දරාගෙන හදවත කෑදෙනහැටි අමාරුවෙන්
පියමැන්නා අඳුර මැඳින් හෙට දවසේ අරුණ බලන්
November 20, 2009
ඇස් අරන් යනවා…
ඉන්න බැරිතරම් ලෙන්ගතුව
නාඳුනන විදියට
අහක බලාගෙන
ඔබ මුමුණන කවි
අහගෙන මං
අහස් කුසේ
එහෙ මෙහෙ යන
සුළං පොදක්
වගේ ඔබ
මගේ ඇස් අරන්
යනවා හැමතැනකම…
නාඳුනන විදියට
අහක බලාගෙන
ඔබ මුමුණන කවි
අහගෙන මං
අහස් කුසේ
එහෙ මෙහෙ යන
සුළං පොදක්
වගේ ඔබ
මගේ ඇස් අරන්
යනවා හැමතැනකම…
November 19, 2009
ආදර කෙල්ලට
දම්පාට රැලි වැටුනු
පුංචි සයට
ඔයා හරිම හැඩයි…
ඒක ඇන්දාම
ඔයාගෙ දඟකාරකම
තවත් වැඩිවෙලා පෙනෙනවා…
ඔයගේ සුන්දර නැලවිලි
ගමනට වශී වෙලා
මොහොතක්වත් අහක බලන්නැතිව
ඒ දිහාම බලාන ඉන්න මං හරිම ආසයි…
කොලොම් රටේ
තට්ට තනියම පාළු කපනකොට
ඔයාගෙ ඒ දඟකාරකම
හොරෙන්ම අවිල්ලා
පුංචි හාදුවක් කම්මුලේ දවටලා
දුවනවා වාගේ දැනෙන වාර ගණනනම්
මෙතකැයි කියන්න බෑ….
ඒ හාදුවේ පහස ලබන්න, රසය විඳින්න
තියෙන ආසවටම
මමත් දෑස පියානම ඉන්නවා
ඔයා හැබැහින් ඇවිත් ගියා
කියලා දැනෙන හින්දා…
පුංචි සයට
ඔයා හරිම හැඩයි…
ඒක ඇන්දාම
ඔයාගෙ දඟකාරකම
තවත් වැඩිවෙලා පෙනෙනවා…
ඔයගේ සුන්දර නැලවිලි
ගමනට වශී වෙලා
මොහොතක්වත් අහක බලන්නැතිව
ඒ දිහාම බලාන ඉන්න මං හරිම ආසයි…
කොලොම් රටේ
තට්ට තනියම පාළු කපනකොට
ඔයාගෙ ඒ දඟකාරකම
හොරෙන්ම අවිල්ලා
පුංචි හාදුවක් කම්මුලේ දවටලා
දුවනවා වාගේ දැනෙන වාර ගණනනම්
මෙතකැයි කියන්න බෑ….
ඒ හාදුවේ පහස ලබන්න, රසය විඳින්න
තියෙන ආසවටම
මමත් දෑස පියානම ඉන්නවා
ඔයා හැබැහින් ඇවිත් ගියා
කියලා දැනෙන හින්දා…
Subscribe to:
Posts (Atom)