August 8, 2007

ජීවය ගැන උගන්වති, නොදනිති කිසිත් රැකුමට සොබා දහම....

අද ලියන්න යන්නේ මම උසස් පෙළ කරන කාලේ වෙච්ච ඇබැද්දියක් ගැනයි. මේක ඇබැද්දියක් කිව්වට එහෙම එකක්ම නෙමෙයි. එහෙනම් අහන්නකෝ....

අපි හිටියේ මැත පන්තියේ. බයෝ පන්තියේ උන් අපි එක්ක නිතරම කේස්. අනුකලනය, අවකලනය කියලා ලොකු වචන දාලා උන්ව බය කරනවා.
පිසික්ස් අපිට ගේමක් නෑ. පොඩි වැඩයි තියෙන්නේ... ඔය වගේ දාහක් බොරු දානවා. බයෝ පන්තිය බාරව හිටියේ ගුරුවරියක්. මට නම මතක නෑ. අපි කියන්නේ පොල් පිත්තී කියලා. රිටක් වගේමයි. ඒත් කට නම් හැකර කටක්මයි. අපේ උසස්පෙල ඔක්කොම ගුරුවරු මෙයාට බයයි. බය නෙමේ මං හිතන්නේ කැත හිතෙන්න ඇති.

ඒ වගේම මෙයා මැත පන්තිය එක්ක පට්ට වලි. අපේ පන්තිය තිබුනේ බොටනිකල් ගාර්ඩන් එක ලඟමයි. අපි හැම වෙලාවෙම ඕකට රින්ගනවා. ආතල් එකට. ඉපිල් ගහක් තිබ්බා ටිකක් ලොකු. අපි ඕකට හේත්තු වෙලා ෆන් ගන්නවා. දවසක් මේක අරයට මාට්ටු උනා. පහුවදාම මෙය බයෝ සෙට් එක දාලා ගහ කැප්පුවා.

අපිට මල. මම ලිව්වා කවි පේලි කිහිපයක්. දැම්මා බිත්ති පුවත් පතේ. පලවුනා ඉහලින්ම.
මට දැන් හරියට මතක නෑ ඒ පද පේලි නම්. මෙහෙම තිබුනා මතකයි.

ජීවය ගැන උගන්වති, නොදනිති කිසිත් රැකුමට සොබා දහම....

මේකට මල පැන්නා අරයට. කෙලිම්ම ගියා ප්‍රින්ස් ගාවට. ටික වෙලාවකින් ආවා ලොක්කා. ලිපිය බලන්නේ නැතුව කෙලින්ම ආවා අපේ පන්තියට. ඇහුවා මොකාද ඒක ලිව්වේ කියලා.

මම සිංහයා වගේ නෙමෙයි බලු කුක්කා වගේ ඉදිරිපත් උනා. අපි ගියා ලිපිය ගාවට. පිනා ඒක බලලා කිව්වා ලස්සනයි කියලා. තව ලියන්නත් කිව්වා. අරයට මලටම මල. පස්සේ ප්‍රින්ස්ටත් බැන බැන යන්න ගියා.
එදා ඉඳලා එයා අපේ පන්තිය එක්ක වැඩිය ඇර ගන්න අවේ නෑ.

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!