May 2, 2016
මාද මටද, මටද මාද නැති විය....
මාද මටද, මටද මාද නැති විය....
March 11, 2016
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...
ලියන්න උනේ නෑ කාලෙකින්. වැඩ වැඩිද, නැත්නම් වැඩ කලමණාකරනය නැතිද, කොහොමහරි අන්තිමට උනේ ලියන්න බැරි උන එක තමා..
පහුගිය 6 වැනිදාට අපේ පොඩි එකාගේ තුනත් ඉවර උනානේ. ඉතින් දැන් ඌත් ලොකු එකෙක්.. කරන්නේම චන්ඩි වැඩ තමා. අද ලිපියට උගේ වැඩක් දාන්න හිතුනා..
අපේ ලොක්කා මලයට හෙන ආදරෙයි. අපි මල්ලිට සැර කරනවට නැත්නම් ගහනවට කැමති නෑ. දවසක් මං අහගෙන මෙහෙම කියනවා.
"මට පේන්න බැරි ඔය අත්තම්මගේ කෑගැහිල්ල තමා... මල්ලි තාම පොඩිනේ... එයාට බෑනේ තවම ඔව්ව කරන්න......"
මං හිතන්නේ රැජිණගේ අම්මා මොකක් හරි කියන්න ඇති මල්ලියට, ඉතින් අයියා ඒක ඩිෆෙන්ඩ් කරන්න හදන්න ඇති... බ්ලා.. බ්ලා...බ්ලා....
ඒත් අයියට මල පැන්නම දෙනවා ඩිග් ඩිද්... ගාලා, හැබැයි ගහන්නේ කොට්ටයක් හේත්තු කරලා. එතකොට රිදෙන්නේ ටිකයිනේ... ඒකටත් හිනා කාලා මැරෙනවා. ( ආදරෙයි + සැරයි )
අයියගේ තියෙනව පරණ පිංතූර පොතක් බැකෝ එහෙම තියෙන. ඒක දෙන්නේ නෑ මලයට ඉරලා දායි කියලා. දැනටමත් ඒකේ පිටු ගොඩක් ඉරිලා තියෙන්නේ ගන්න දෙයක් නෑ... ඒත් අයියා ඒක දෙන්නේ නෑ.
දවසක් මේ පොත තිබ්බා මේසයක් උඩ. අයියා පේන්න හිටියේ නෑ. මලයා සටස් ගාලා පුටුවක් ගෙනාවා නැග්ගා මේසයට. පොත අතට ගත්තා විතරයි අයියා ආවා.. මල කෙලියයි... ඔන්න අයියා එනවා නාලාසිරි ඇතා වගේ කෑගහගෙන... මම එලියේ ඉඳන් සිද්ධිය බලාගෙන...
මල්ලි දැන ගත්තා වැඩේ කේස් කියලා බුග් දාලා පොත විසි කලා බිමට... දැන් පොත අතේ නෑනේ, ඉතින් ගහන්න බෑ.. අයියා ගියා යන්න නිකන් පුස් වෙඩිල්ල වගේ උනේ වැඩේ..
මලයා වැඩේ අතඇරියේ නෑ... මූට කරන්න පුලුවන් දේකුත් නෑනේ.. කලිසම පාත් කලා... චූ කලා පොතට.... ඊට පස්සේ හිමීට බැහැලා ගියා මේසෙන් මුකුත් දන්නේ නෑ වගේ..
මට මැරෙන්න හිනා...
කරපු වැඩේ මම දැක්කේ නෑ වගේ හිටියා. මොකද අනුමත කරන්න බෑ, ඒත් මගේ හිතේ පොඩි සතුටකුත් නැතිවම නෙමෙයි.. තමන්ට පුළුවන් ලෙවෙල් එකෙන් රිටන් එක දුන්නේ.. කලේ මහා කුපාඩි වැඩේ ඒත් මගේ විදියටනම් ඒක කොළු වැඩක්...
මට මතක විදියට රැජිණ අවිල්ල දෙකක් දෙසුවද කොහොද කරපු වැඩේට..
ඒත් මම පස්සේ කිව්ව ඔව්වා ඔය කාලේ නැතිව කවද කරන්න කියලා...
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...
January 7, 2016
November 19, 2015
පැනගත්තා නම් ආයෙත් යන්න නම් එපා
ගොඩනැගිල්ලක් තුලදී සිදුවන ගින්නකදී, ඔබත් ගින්නත් දෙදෙනාම එහි තිබෙන සීමිත ඔක්සිජන් ප්‍රමාණය වෙනුවන් මහා සටනක යෙදෙයි. නමුත් ගින්න සැමවිටම ඔබව පරදා ජයගනී. එම නිසා වඩා වැදගත් වන්නේ ගින්නට ජයග්‍රහණය ලබා දී ඔබ එතැනින් ඉවත්වීමයි. එමෙන්ම නැවත එම ගොඩනැගිල්ලට කිසිදු හේතුවක් නිසාවෙන් තත්වය සමනය වනතුරාවට නොයායුතුය. තවද අනෙක් අයද ඇතුළට යාමද වලක්වා ගත යුතුය.
මෙවැනි ගින්නක් නිසා සිදුවන අනතුරු අතුරෙන්, බොහොමයක් සිදු වී ඇත්තේ ඔක්සිජන් අඩුවීම නිසාය.
වාතයේ ඔක්සිජන් මට්ටම වෙනස්වීම මිනිස් ජීවිතයේ වෙනස්වීමට බලපාන ආකාරය පහත ලැස්තුවෙන් ඔබට මනාව පැහැදිළි වෙයි.
21% ඔක්සිජන් මට්ටම
සාමාන්‍ය වාතයේ ඔක්සිජන් මට්ටම වේ
19.5% ඔක්සිජන් මට්ටම
අවම සෞඛ්‍යාරක්ෂිත ඔක්සිජන් මට්ටම වේ.
15% - 19% ඔක්සිජන් මට්ටම
දරා සිටීමේ හෝ දරා ගැනීමේ ශක්තිය හා සම්බන්ධීකරණ ශක්තිය අඩුවීම සිදු වේ. ඊට අමතරව පහත ලක්ෂණද ඇතිවිය හැකිය.
12% - 14% ඔක්සිජන් මට්ටම
අධික වෙහෙසකින් යුතුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම වේගය වැඩි වේ. හෘද ස්පන්දන වේගය වැඩි වේ. තීරණ ගැනීමේ හා හැඳින ගනීමේ ශක්තිය අඩු වීම මෙන්ම සම්බන්ධීකරණ ශක්තිය ද අඩුවේ.
10% - 12% ඔක්සිජන් මට්ටම
තොල් නිල්පැහැ ගැන්වේ. ඉතා ගැඹුරු ලෙස ඉතාම අපහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදු වේ. තීරණ ගැනීමේ ශක්තිය තවත් අඩු වේ.
8% - 10% ඔක්සිජන් මට්ටම
මූර්ඡාව නොහොත් ක්ලාන්තය, විසඥතාව නොහොත් සිහිය නැතිවීම, වමනය නොහොත් විවමිෂාව
6% - 8% ඔක්සිජන් මට්ටම
මිනිත්තු 6ක් 8ක් කාලයක් පැවතුනහොත් මරණය
4% - 6% ඔක්සිජන් මට්ටම
තත්පර 40ක් ඇතුළත කෝමා තත්වය නොහොත් සිහි නැති දිගු නින්ද, ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවතීම හා අවසන මරණය
ගිනි ගන්නා ගොඩනැගිල්ලකට නැවත ඇතුළට යාමට පෙර ඉහත කරුණු සිහියට ගන්න. මෙහි එක් වැදගත් කාරණාවක් වනුයේ තීරණ ගැනීමේ ශක්තිය අඩු වීමයි. ඒ නිසා ඔබ නොකලයුතු දේ කරයි. කලයුතු දේ නොකරයි. යා යුතු මග නොයයි. අනතුරටම පත් වෙයි. තවද පහත කරුණුද ඔබ සැලකිල්ලට භාජනය කල යුතු වෙයි.
* ගින්න නිසා තවත් නොයෙකුත් විෂ වායු ඇති වීම, කාබන් මොනොක්සයිඩය ඉතා හොඳ උදාහරණයකි. අධිසාන්ද්‍රණ ස්වල්පයකින් සිහි නැතිවීම හෝ මරණය සිදි විය හැකිය.
* පිළිස්සුම් තුවාල. ගින්නක් තුළ සෙල්සිය අංශක 800ක් වුවද විය හැකිය. නටන ජලයේ උෂ්ණත්වය සෙල්සිය අංශක 100කි.
* පිපිරීම් ඇති වීම
* ගොඩණැගිල්ල කඩා වැටීම
* විදුලිය වැදීම
එම නිසා ගින්නෙන් හැකිතරම් ඈත් වී සිටිය යුතුය. නැවත් ඇතුළට යාම නොකල යුතුය. අන් අය ඇතුල්වීමද වලක්වා ගත යුතුය. මෙමගින් මහා විපතක් නවතා ගත හැකිය.
Subscribe to:
Posts (Atom)


