August 11, 2011

පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා

පාරට සාරිය ගෙදරට හුචක්කු අඳිනු එපා
පාරට මුකුළුව ගෙදරට රණ්ඩුව දමනු එපා
පාරට පීරණ කොණ්ඩය ගෙදරට කඩනු එපා
පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා

August 10, 2011

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා


මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ කියන කොල්ලටත් කැමැතියි වගේද?

June 24, 2011

බුදු සරණයි මිස බුදු පිහිටයි නොවේ

බුදු පිහිටයි කියලා අපේ සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. ඒත් මේක වැරදියි කියලයි මං හිතන්නේ. යමෙකුට පිහිට වෙන්න නම් පිහිට වන්නා ජීවමාන විය යුතුයි යන්න මගේ තර්කයයි. බුදු රදුන් පිරිණිවන් පාලා ගොඩාක් කල්. එතුමා ජීවත් වන කාලයේ සෝපාක, සුනීත වගේ අයට පිහිට උනා. නමුත් පිරිණිවනින් පස්සේ එහෙම කලා කියලා හිතන්න බැ. නමුත් බුදු සරණ යන්න පුලුවන් ඕනැම වෙලාවක.

තව එකක්. බුදු සරණයි කිව්ව පළියට ඔයාට මොකවත් ආරක්ෂාවක් නම් ලැබෙන්නේ නැ. මොනවාහරි ලැබෙන්න නම් ඇත්තටම තමන්ම යමක් කර ගන්න වෙනවා. ඒක හින්දා මෙහෙම කියන එක වඩාත් ගැලපෙනවා කියලා මට හිතෙනවා.

බුදු සරණයි! 
දෙවි පිහිටයි!

June 16, 2011

අන්තිමේට අපේ පඩියට කෙලවේලු

කවුද එකෙක් සර්වේ එක          කරලාලු
රිසිෂන් එකත් හරි ලොකුවට තියෙනවලු
බජට් එකත් අඩුවෙන්ම    ඇලොකේට්ලු 
අන්තිමේට අපේ පඩියට       කෙලවේලු