February 7, 2010

කියනු රිසියෙමි

ඔබ
සරල සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
එකම එක
තාත්වික මූලයක්
බව දනිමි.
ඔබ වර්ග සමීකරණයක්
වුනි නම්
ඔබට ඇත්තේ
මූල දෙකක්
බවද දනිමි.

එනමුදු ඔබ
බහුපද සමීකරණයක්
බව
කියනු රිසියෙමි.

හුදෙක් මාගේ
ප්‍රයත්නයන්
අවකලනය වන කල්හි
නුඹේ සිතිවිලි
අනුකලනය
වනු දුටිමි.

මා සරල රේඛාවක්
වන කල්හි
ඔබ පරාවලයක වී
කිසිදා එක් නොවනා
අනන්ත‍යට
යන බව කියමි.

February 6, 2010

මොකද හිතෙන්නේ...?

මම අද පිළියන්දල NSB බැංකුවට ගියෙමි. එහි ඇති ATM යන්තරේ මෙවන් දැන්වීමක් විය. 
එහි කුඩා සංස්කරණයක්ස දුටුවෙමි මෙලෙස. 

මට නම් හිනා ගියා...
මොකද  හිතෙන්නේ...?




වාස්තු විද්‍යාව - 3: ඉඩමේ හැඩය, පිහිටීම හා පස

අද වාස්තුතුලින් ලියන්න හදන්නේ ඉඩම් සම්බන්ධවයි.  ඉඩමේ හැඩය, ඉඩමේ පිහිටීම හා ඉඩමේ පස ගැන අපි අද කතා කරමු. මෙහිදී මා ඉඩමේ හැඩය පිළිබඳව වැඩිපුර ලියන්නට සූදානම්ය. නමුත් මෙහි එන සියළු කරුණු තෘප්ත කරමින් ඉඩමක් සෙවීම යම් අවස්ථාවකදී අසීරු විය හැකි බවත් මතක තබා ගත යුතුය.

ඉඩමේ හැඩය කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.
  • ත්‍රිකෝණ හැඩය නොවිය යුතුය
  • එල්(L) හැඩය නොවිය යුතුය
  • කූඤ්ඤ්යක හැඩය නොවිය යුතුය
  • ආයුධයක හැඩය නොවිය යුතුය
  • බිත්තරක් වැනි රවුම් හෝ විවිධාකාර හැඩයක් නොවිය යුතුය
  • හීනි දිග පටියක හැඩය නොවිය යුතුය
  • මුළුවල හැඩය අංශක 90 හෝ කිට්ටු අහයක් විය යුතුය
පහතින් දැක්වෙන රූ සටහන් මේ පිළිබඳව වැඩිදුර විස්තරයක් ඔබට ගෙන දෙනු ඇත.



අපි දැන් බලමු ඉඩමේ පිහිටීම ගැන. එය මෙසේ කෙටියෙන් දැක්විය හැකිය.
ඉඩමේ ජලය දකුණේ සිට උතුරට ගලන්නේ නම් ඉතා සුභය. එනම් ඉඩමේ දකුණ උස්ව ද උතුර පහත්ව ද තිබිය යුතුය. මෙහිලා බටහිර උස්වද නැගෙනහිර පහත්ව ද තිබීම වඩා වැදගත් ලෙස දැක්වේ,

  • උතුර නැගෙනහිර උස්ව පවතින විට මුදල් හානිය, අලාභ හා පිරිමින්ට අයහපත්ය.
  • ගිණිකොණ පහත් වීම නිසා සෞඛ්‍ය අපහසුතා, ගිණි උවදුරු ඇතිවිය හැකිය.
  • දකුණ පහත් වීම නිසා රෝග හා ආයුෂ අඩු වීම විය හැකිය.
  • නිරිත පහත් වීම නිසා අනව්‍යය වියදම්, සොර සතුරු බිය, රෝග ඇතිවිය හැකිය.
  • බටහිර පහත් වීම නිසා අසතුට, මුදල් හානි, පිරිමින්ට හානි ඇතිවිය හැකිය.
  • වයඹ පහත් වීම නිසා මානසික ආතතිය, මුදල් හානි ඇතිවිය හැකිය.
  • මධ්‍ය පහත් වීම නිසා මානසික අසහනය හා රෝග ඇතිවිය හැකිය.


අපි දැන් බලමු ඉඩමේ පස පිළිබඳව. මේ පිළිබඳව පවසන කල රතු හා කහ පැහැති බොරළු මිශ්‍ර පස ඉතා යෝග්‍ය බව පවසා ඇත. මෙහි යම් ඇත්තක් තිබෙන බව මමද විශ්වාස කරමි. මෙමන් පසක කිසිවිට ගිලා බැහීමක් සිදුවන්නේ නැත. නමුත් කළු පැහැති පස් ඉක්මනින් දිරාපත්වී පසේ යම් යම් සිදුරු ඇති විය හැකිය. එසේම වැලි සහිත පස් ඇති ඉඩම් ද යෝග්‍ය නොවන බව සැලකිය යුතුය.

කෙසේ නමුත් මෙහි එන සියළු කරුණු තෘප්ත කරමින් නිවාස සඳහා ඉඩම් සෙවීම අමාරු කාර්යයක් බව මම ද දනිමි. නමුත් මෙහි එන යම් යම් කරුණු සිථි රඳවා සිටීම යම් අවස්ථාවක ඔබට යම් උදව්වක් වනු ඇතයි සිතමි.

February 5, 2010

අලුත් වෙනසක් - blogspot

දැන් අපිට පිටුත් එක් කරන්න පුළුවන්.
මම අද දැක්කේ මේ වෙනස.
ඔබත් දැක්කාද?