November 10, 2019

මොහොතක් ඉඩ දෙන්න

නිල්ල නෙලන ආකාසේ
ඈත දුර පියඹා යන්නට
පුළුන් වලා අස්සෙන්
සීතල ගත තවරා
මොහොතක් ඉඩ දෙන්න
මටත් මගේ සිතටත්
මගේ පාඩුවේ...

3 comments:

  1. මරු කවිය.

    ඊටත් වඩා මරු මං මෙතනට ආව විදිය. මගේ පරණ බ්ලොග් පෝස්ට් එකක් හොයාගනෙ යද්දි උඹ දාපු කමෙන්ට් එකක් දැකලා මේං දැං මං මෙතන. මගෙ බ්ලොග් ලියවිල්ල නැවතිලා දැං අවුරුදු ගාණක්. කියවිල්ලත් ඒ වගේ. ඒත් ඒ කාලෙ දැක්ක බ්ලොග් එකක් අදත් මේ වගේ ලියවෙනවා දැක්කම ආස හිතුනා... පරණ මතක අළුත් වුණා... අතීතකාමය ඇවිස්සුනා. තව අවුරුදු ගාණකට ලියන්න ජය!

    ReplyDelete
  2. හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!