September 25, 2015
September 21, 2015
සොරා කවුරුන්ද ?
ජපන් නැවක් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත් ඔරලෝසුවත් රන් බ්රේස්ලටයත් ගලවා තබා නාන කාමරයට ගියේ ය. ආපසු පැමිණි විට, ඔහු ගේ වටිනා දේ අතුරුදහන් වී තිබිණි.
හේ තෙමේ සිය සේවක මඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳ ව සැක කෙළේ ය. ඔවුනට අඬ ගැසූ හෙතෙම ගෙවුණු විනාඩි 15 ඇතුළත ඒ එකිනෙකා කළ දේ විමසා සිටියේ ය.
ඔවුන් ගේ පිළිතුරු
මෙ සේ විය -
01. ප්රංශ ජාතික කෝකියා
- (අතෙහි මස් කපන පිහියක්
විය.) '' උයන්න මස් ගන්න
ගිහින් මං හිටියේ ශීත
කරණ කාමරේ."
02. ජර්මන් ජාතික ඉංජිනේරුවා - (අතෙහි
යම් උපකරණ වගයක් විය.)
මම ඇන්ජිමේ වැඩක් කර-කර
හිටියයේ."
03. බංග්ලාදේශි යාත්රිකයා - (හිස්
අතිනි). මම හිටියේ කුඹ
ගහ මුදුනේ, වැරදිලා උඩු-යටිකුරු අතට
හයි කරලා තිබුණ කොඩිය
හරි අතට හයි කරන්න
ගිහිල්ලා."
04. ඇමෙරිකා ජාතික රේඩියෝ නිලධරයා
- (හිස් අතිනි). ''මම හිටියේ සමාගමට
පණිවුඩයක් යවමින්, අපි දවස් දෙකකින්,
ඒ කියන්නෙ සිකුරාදා උදේ පැය 1100ට,
වරායට එන බව දන්වලා.''
05. ඉන්දීය නාවුක නිලධරයා - (හිස්
අතිනි). ''රෑ මුරය පටන්
ගන්න කලින් මම පොඩි
නින්දක් ගහගෙන හිටියා."
ඒ සියලු දෙනාට සවන්
දුන් කපිතාන්වරයා සොරා කවුරුන් දැයි
සොයා-ගති. ඒ කෙසේ
ද, සොරා කවුරුන්
ද ?
(මූණු පොතේ තිබුණ එකක්)
Subscribe to:
Posts (Atom)